මැලේසියානු ගුවන් යානය කඩා වැටීම ගැන ඒඩ්ස් මාරයා සතුටු වන්නේ ඇයි?

    July, 18, 2014

    අවාසනාවන්ත ලෙස ඊයේ නැගෙනහිර යුක් රේනයට කඩා වැටුණු මැලේසියානු ගුවන් යානයේ ගමන් ගත් මගීන් 100 කට ආසන්න සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන “ඒඩ්ස්“ සම්බන්ධ සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ගමන් කරමින් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්ය මණ්ඩලයට අයත් ඒඩ්ස් රෝගයට එරෙහිව සටන් වැදුණු පරීක්ෂක කණ්ඩායමක් බව වාර්තා වේ.

    සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත් පත වාර්තා කර තිබෙන්නේ මොවුන් මෙල්බර්න් නුවර පැවැත්වෙන මෙම සම්මන්ත්‍රණයට සහභාගී වීමට පැමිණෙමින් සිටි බවයි.

    ජාත්‍යන්තර ඒඩ්ස් සංගමයේ හිටපු සභාපතිවරයා වූ  Joep Lange මහතාද මොවුන් අතර සිටින බව සඳහන්ය.

    මොහු ආසියාවේ සහ අප්‍රිකාවේ ඒඩ්ස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැඩි කැප කිරීමක් කළ අයෙකු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ක්ෂ්‍ය රෝග වැඩසටහනේ ප්‍රකාශක Glenn Thomas නැමැත්තාද මෙම අනතුරෙන් මිය ගොස් තිබෙන බවත් වාර්තා වේ.

    මැලේසියානු ගුවන් සමාගමට අයත් මගීන් 298 දෙනෙකු රැගත් MH17 නැමති මෙම ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් දක්වා ගමන් ගනිමින් සිටියදී ඊයේ නැගෙනහිර යුක් රේනයේදී කඩා වැටුණු අතර ඇමරිකාව විශ්වාසය පළකර තිබෙන්නේ මිසයිල ප්‍රහාරයකින් මෙම අනතුර සිදුව තිබෙන බවයි.

    සෑම වසර දෙකකටම වරක් පැවැත්වෙන අන්තර් ජාතික ඒඩ්ස් සම්මන්ත්‍රණය ලබන ඉරිදා බෙල්බර්න් නුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර ඒඩ්ස් රෝගයට එරෙහිව කටයුතු කිරීම සහ ඒ සඳහා පවතින මූල්‍ය බාධාවන් විසඳා ගන්නා ආකාරය සාකච්ඡා කිරීම මෙවර තේමාව බවට පත්ව තිබේ.

    හිටපු ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් ඇතුළුව ලොව පුරා 12,000 ක් පමණ දෙනා මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වීමට නියමිතය.

    මෙම ගුවන් යානයට මිසයිල ප්‍රහාර එල්ල කළේ කවුරුන්දැයි තවමත් ස්ථීර වී නොමැති අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබෝර්ට් ප්‍රකාශ කර තිබෙන්නේ රුසියානු ගරිල්ලන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවයි. සේයාරූ අනුග්‍රහය- රොයිටර්ස්

    මෙම ගුවන් යානය කඩා වැටෙන අයුරු මෙන්න0204