February, 26, 2019
භාර්ති එයාර්ටෙල් ලංකා ( “Airtel”) ශ‍්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නා සොයමින් දිවයින පුරා ක‍්‍රිකට් පිටි පීරයි. ‘Airtel’s Fastest’ වැඩසටහන පෙබරවාරී 23 වෙනි දා ආරම්භ වූ අතර දිවයින පුරා වේගවත්ම පන්දු යවන්නා සෙවීමේ තරග පවත්වමින් ශ‍්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන තරුණයා සහ තරුණිය තෝරනු ඇත. මෙය පාසල් මටිටමෙන් හා ආධුනික මටිටමෙන් තේරීමී සිදු කරනු ඇත.
මෙම වැඩසටහන පිළිබදව අදහස් දක්වමින් ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේ ය. ‘‘මෙය මම ක‍්‍රියාත්මක කිරීමට අදහස් කළ දෙයක් වන අතර මෙම කාලීන අවශ්‍යතාවය සපුරාලීම සදහා ඉදිරිපත්වීම පිළිබදව මම එයාර්ටෙල් ආයතනයට ස්තූතිවන්ත වෙනවා. ශ‍්‍රී ලංකාව පුරා සැගවුණු දක්ෂතාවයන් ඇති සිසුදරුවන් විශාල ප‍්‍රමාණයක් සිටින අතර ඒ සැවොම ජාතික කණ්ඩායම සදහා ක‍්‍රීඩා කිරීමේ තම සිහිනය සැබෑ කර ගැනීමට වෙර දරයි. ඔවුනට ‘Airtel’s Fastest’ වැඩසටහන මහගු අවස්ථාවක් ලබා දෙන අතර මෙරට වෙනස්ම ආකාරයකින් නියෝජනය කරන ක‍්‍රීඩා තරු කිහිපයක් සොයා ගැනීමට මෙම වැඩසටහන උදව් වනවා නිසැකය. ’’
යාපනය, පොලොන්නරුව, මඩකලපුව, මාතර, බදුල්ල, රුවන්වැල්ල, ගම්පහ, කුරුණෑගල, නුවර, හොරණ සහ කොළඹ ආවරණය කරමින් පැවැත්වෙන මෙම විවෘත තරගාවලිය 2019 පෙබරවාරී මස ආරම්භ කරන අතර අවුරුදු 16 - 24 ත් අතර ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි ය. මෙම තරග වටයන්හීදී වේගවත්ම පන්දු යවන්නන් සිය දෙනෙකු තෝරා ගන්නා අතර ලසිත් මාලිංග, අනූෂ සමරනායක සහ චමින්ද වාස් යන ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත එයාර්ටෙල් සුපර් ස්ටාර් පුහුණු කණ්ඩායම යටතේ පුහුණු කදවුරකට සහභාගී කරවනු ලැබේ. ඉන් පසුව ඔවුන්ව අභියෝග පෙළකට මුහුණ දීමට සලස්වා සෑම කණ්ඩායමකම වේගවත්ම ක‍්‍රීඩකයා තෝරා ගනු ලැබේ.
‘‘තරුණයන් සවිබලගැන්වීම සදහා එයාර්ටෙල් අඛණ්ඩව ක‍්‍රියා කරන අතර ඔවුන්ගේ කුසලතාවයන් ප‍්‍රදර්ශනයට සහ සංවර්ධනයට පසුබිම සකස් කිරීම මෙන්ම අවස්ථාවන් ලබා දීම කළ යුතු ය යන්න අපගේ විශ්වාසයයි. ‘Airtel’s Fastest’ වැඩසටහන ඒ සදහා වූ තවත් උදාහරණයකි. ලොව හොදම වේගවත්ම පන්දු යැවීමේ පුහුණුකරුවන් කිහිපදෙනෙකු සදහා අපි ආයෝජනය කර ඇති අතර ඔවුන්ගේ පළපුරුද්දෙන් මෙම තරුණ තරුණියන් පිරිස ප‍්‍රයෝජනයක් ගනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මෙම ව්‍යාපෘතිය සදහා වූ අපගේ හවුල්කරුවා වන TV දෙරණ සමග එක්ව මෙම තරගාවලිය කොටස් 20 කින් යුත් TV reality show එකක් ලෙස ප‍්‍රදර්ශනය කෙරෙන බව ද අපි සතුටින් ප‍්‍රකාශ කරන්නෙමු. ’’ යැයි භාර්ති එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඩෙි මහතා පැවසුවේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හොදම පන්දු යවන්නන් ද ‘Airtel’s Fastest’ වැඩසටහන වැනි දේශීය තරග දියත් කිරීමේ වැදගත්කම සහ මෙවැනි ක‍්‍රියාකාරකම් කාන්තා සහ පිරිමි අංශ දෙකේම ශක්තිමත් ශ‍්‍රි ලංකා කණ්ඩායමක් ගොඩනැගීම සදහා දායක වන ආකාරය පිළිබදව අදහස් දක්වන ලදි.
ශ‍්‍රී ලංකාවේ අනාගත ජාතික ක‍්‍රිකට් කණ්ඩායම ශක්තිමත් කිරීම සදහා මෙම වැඩසටහන සහාය වන ආකාරය පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක මෙන්ම සන්නම් නාම තානාපති ලසිත් මාලිංග මෙසේ පැවසුවේ ය. ‘‘ශ‍්‍රි ලංකාවට ජාතික මට්ටමින් නව කුසලතාවයන් අවශ්‍ය වෙලාවක භාර්ති එයාර්ටෙල් ලංකා සමාගම දියත් කළ මෙම වැඩසටහන ස්වර්ණමය අවස්ථාවක් උදා කරමින් ශ‍්‍රී ලංකාවේ තරුණ පන්දු යවන්නන්ට ඉදිරියට ඒමට මග පාදනු ඇත. මෙම වැඩසටහන සදහා ඉදිරිපත් වී මෙම අවස්ථාව දෝතීන්ම ලබා ගන්නා මෙන් මම තරුණ පන්දු යවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා.’’
පරීක්ෂණ පවත්නා ස්ථාන සහ දිනයන් මෙන්ම තරගය සදහා අයදුම් පත යනාදිය පිළිබද විස්තර එයාර්ටෙල් ෆේස්බුක් පිටුව වන ‘airtellife‘ වෙතින් ලබා ගත හැකි ය. පරීක්ෂණ පවත්නා ස්ථානයන් හීදීද තරගය සදහා ලියාපදිංචි විය හැකි බවට සංවිධායකයින් සහතික වේ. ලියාපදිංචිය සදහා පැමිණෙන විය හඳුනාගැනීම සඳහා ඡායාරූපයක් රැගෙන එන ලෙස සහභාගීවන්නන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
ඡායාරූපය - ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතාගේ සහභාගිත්වය සමග ‘Airtel’s Fastest’ වැඩසටහන දියත් කිරීමේදී හිටපු සහ වර්තමාන ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් තරුණ වේග පන්දු යවන්නන් එක් වූ අවස්ථාව. TV දෙරණ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා ද ඡායාරූපයේ වේ.
Video Story