Allianz වත්මන් තත්වය මනාව හඳුනාගනිමින් අතිරේක රක්ෂණාවරණයන් රැසක් හිමි කර දෙයි

    April, 8, 2020

    COVID-19  හෙවත්  නව කොරානා වෛරසය අදාළව රට තුළ උද්ගතවන තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට Allianz Life Insurance Lanka Limited කටයුතු කර ඇත. COVID-19  හි බලපෑම හේතුවෙන් අපහසුතාවට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක් ඉදිරිපත් කිරීමට Allianz Life මෙහිදී ඉදිරිපත්ව ඇත.

    එහිදී දැනට Allianz සමඟ කටයුතු කරන ක්ෂණ ඔප්පු හිමියන්ට මෙන්ම නව රක්ෂණ ඔප්පු හිමියන් වෙනුවෙන් COVID-19  හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වුවහොත් රුපියල් 50,000ක පරිපූරක ජීවිත ආවරණයක් සහ අවමංගල වියදම් වෙනුවෙන් තවත් අතිරේක රුපියල් 50,000ක මුදලක් ලබා දීමටද Allianz Life කටයුතු කරනු ලබයි. එමෙන්ම සිය රක්ෂණ ඔප්පු හිමියන් COVID-19  වෙතින් වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රෝහල් ගත කිරීම් වියදම් ප්‍රතිපූර්ණය කිරීම ඇතුලු ප්‍රතිලාභ රැසක් හිමිකර දීමටද කටයුතු කර ඇත. රෝහල් මුදල් ප්‍රතිලාභ වලට අමතරව බරපතල රෝගාබාධ හා ආබාධිත රක්ෂණාවරණයද ඊට ඇතුළත් වේ.

    මෙම සියලු ප්‍රතිලාභයන් 2020 ජූනි 30 වනදා දක්වා වලංගු වලංගු වේ. වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම වෙනුවෙන්  රජය ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට සහාය දැක්වීම Allianz හි සියලු ගනුදෙනුකරුවන් සහාය දැක්විය යුතු බැවින් නැවත දැන්ම් දෙන තුරු සිය ප්‍රධාන කාර්යාලය සහ සියලු ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු විවෘත නොකිරීමටද කටයුතු කර ඇති බව ්කකස්බ‘ සිය ගනුදෙනුකරුවන්ට දැනුම් දෙනු ලබයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර පෙ.ව 8.30 සිට ප.ව 5.00 දක්වා කාලය තුළ යන  +9411 2317988 /+94 11 2317989 අංකයන්ට ඇමතීමෙන් හෝ customerservicelife@allianz.lk විද්්‍යුත් තැපෑල තුළින් දැන ගත හැකිය.