• Ada Derana BIZ Sinhala
  • Alumex
  • Alumex Lumin fabricator
  • Lumin
  • sri lanaka

Alumex Lumin fabricator ජාලය 15,000 දක්වා වර්ධනය වෙයි

June, 9, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, Lumin විශේෂඥයින් 2,000 ට අමතරව තවත් විශේෂඥයින් පිරිසකගේ සහභාගිත්වයෙන් මෑතකදී සිය ගෘහස්ථ ඇලූමිනියම් නිෂ්පාදක ජාලය 15,000කට වඩාත් පුළුල් කරන ලදී.

දශක දෙකකට පෙර ආරම්භ කරමින් Alumex දේශීය ඇලූමිනියම් නිෂ්පාදකයින් නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා අංග සම්පූර්ණ පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේය. ශ‍්‍රී ලංකාවේ කර්මාන්තකරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට අමතරව සමාගම කාර්මික විද්‍යාලයෙන් විසිර ගිය සහ ති‍්‍රවිධ හමුදා කාර්මික අංශය පුහුණු කිරීම අඛණ්ඩව කි‍්‍රයාත්මක කරනු ලබයි.

”Alumex සෑම විටම පාරිභෝගිකයින්ට හැකි හොඳම නිෂ්පාදන ලබාදෙනවා. මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා අපි දිවයින පුරා සිටින ඇලූමිනියම් නිෂ්පාදකයින්ගේ හැකියාවන් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතර ඔවුන්ට අවශ්‍ය දැනුම ලබා දෙමින් සහ සහතික පිරිනමමින් සමස්ත දේශීය කර්මාන්තයේ ගුණාත්මකභාවය සහතික කිරීමට උපකාරී වෙනවා. මේ සඳහා අප සාර්ථක, උද්යෝගිමත් Lumin නිෂ්පාදක ප‍්‍රජාවක් ද ස්ථාපිත කර තියෙනවා.”

”සුදුසුකම් ලත් ඇලූමිනියම් fabricator වරුන් සඳහා වැඩිවන ඉල්ලූම නිසා අපි මෙම ජාලය පුළුල් කරමින් දැනුවත් කිරීම් සහ සුදුසුකම් සපුරාලීමට අවශ්‍ය පුහුණුව ලබාදෙනවා. අපි Lumin නිපදවන්නන් අගය කරන අතර සුවිශේෂී සේවාවක් සමඟින් විකාශනය වන ඉල්ලූම සපුරාලීම සඳහා ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය අගය කරමින් ප‍්‍රතිලාභ පිරිනමනවා.” යනුවෙන් Alumex හි කළමණාකාර අධ්‍යක්ෂක ප‍්‍රමුක් දැදිවෙල මහතා ප‍්‍රකාශ කරන ලදි.

සමාගම වාර්ෂිකව නිෂ්පාදකයින් 2000 කට අධික සංඛ්‍යාවක් පුහුණු කරයි. ඒ හරහා ඔවුන්ව ගෝලීය ප‍්‍රවණතා සමඟ යාවත්කාලීන කර වාණිජමය වශයෙන් තිරසාර ව්‍යාපාරයක් කරගෙන යාමට ඔවුන්ගේ ප‍්‍රායෝගික කුසලතා වැඩි දියුණු කරයි.

ඉතා මෑතක දී Alumex විසින් ඇලූමිනියම් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ වර්ධන අවස්ථා පිළිබඳ සම්මන්ත‍්‍රණයක් සඳහා දිවයින පුරා සිටින ලියාපදිංචි Lumin විශේෂඥයින්, පුහුණුව ලත් සහ සහතික ලත් fabricator මහතුන් එක් කර ගත් අතර පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව සේවා ගුණාත්මක බව සහතික කිරීමට සහ වෙළඳපොළ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නවකයන්ව පුහුණු කිරීමට කටයුතු කළහ. එමෙන්ම ඉදිරි මාසවලදී ද එවැනිම වැඩසටහන් දිවයින පුරා සංවිධානය කරනු ඇත.

සේවා තත්ව ප‍්‍රමිතීන් ජාත්‍යන්තර මට්ටමින් සහතික කිරීම සඳහා Alumex විසින් Lumin ඇලූමිනියම් නිෂ්පාදකයින් අඛණ්ඩව ඇගයීමට ලක් කරන අතර කළමනාකරණ කුසලතා, ගෝලීය මට්ටමින් පවත්වාගෙන යාම සහ කර්මාන්තයට හඳුන්වා දී ඇති උසස් තාක්ෂණික ක‍්‍රම වැඩිදියුණු කිරීම සඳහා ධාරිතා ගොඩනැගීමේ සම්මන්ත‍්‍රණ සංවිධානය කරනු ලබයි.

ඇලූමිනියම් නිෂ්පාදකයින් විවිධ පරිමාණයේ ඉදිකිරීම් ව්‍යාපෘති භාර ගන්නා අතර ඉදිකිරීම් කර්මාන්තයේ වැදගත් කොටස්කරුවන් වේ. වසර ගණනාවක් පුරා මෙම ප‍්‍රජාව දේශීය වෙළඳපොළට උසස් තත්වයේ සේවාවන් සැපයීමට වෙහෙස නොබලා කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන් අපි සැබවින්ම කෘතඥ වෙමු. අපගේ මුලපිරීම තුළින් කර්මාන්තය තව තවත් පෝෂණය කිරීමට අප බලාපොරොත්තු වන්නේ නව්‍ය සහ නිර්මාණාත්මක බව ඔප්නංවමින් යනුවෙන් දාමුක් දැදිවෙල මහතා අදහස් දැක්වුවේය.

එපමණක් නොව තිරසාර නිෂ්පාදනය සඳහා වන සිය ප‍්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් Alumex PLC හි සමස්ත ඇලූමිනියම් නිෂ්පාදන සඳහා Alumex PLC වෙත GREEN Labeling Council මගින් Eco-Label සහතිකය පිරිනමා ඇත.

1986 දී ආරම්භ කරන ලද Alumex PLC යනු ශ‍්‍රී ලංකාවේ බහුජාතික සහ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන Hayleys සමූහයේ අනුබද්ධිත ආයතනයකි. සමාගම වසර ගණනාවක් පුරා විවිධ පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් සිය පාරිසරික කැපවීම්වලට මෙන්ම තිරසාර නිෂ්පාදන ක‍්‍රමෝපායන් ඇති කිරීමට විවිධ උත්සාහයන් ගෙන තිබේ.