April, 11, 2018
Amalgamated Investments (Pvt) Ltd සමාගමේ සාමාන්‍ය කොටස් 30,703 ක් රු. 1,450/- බැගින් මිල දී ගැනීමට රේණුකා කැපිටල් පීඑල්සී පියවර ගෙන තිබේ. පසුගිය මාර්තු 29 වන දින මෙම ගනුදෙනුව සිදුව ඇති අතර රුපියල් මිලියන 44.5 ක් ඒ වෙනුවෙන් ආයෝජනය කර තිබේ.
ලැයිස්තුගත සමාගම්වල ආයෝජන ඇතුළු අනෙකුත් විකල්ප වත්කම් පංතිවල ආයෝජනය, Amalgamated Investments (Pvt) Ltd සමාගමේ ව්‍යාපාර කටයුතු අතර වේ.
මෙම කොටස් මිල දී ගැනීමත් සමඟම, Amalgamated Investments (Pvt) Ltd සමාගමේ 44.58% ක කොටස් හිමිකාරීත්වය රේණුකා කැපිටල් පීඑල්සී සතුවනු ඇත.
Video Story