බල බලා සිටි ගින්දර ස්මාර්ට් දුරකතනය එළිදකී

    June, 30, 2014

    සුප්‍රකට Android ස්මාර්ට් ජංගම දුරකතන වලට වඩා ප්‍රමාණයෙන් කුඩා මෙන්ම ඇපල් සමාගමේ iPhone ස්මාර්ට් ජංගම දුරකතනයට වඩා ප්‍රමාණයෙන් විශාල Fire Phone නැමති නවතම ස්මාර්ට් ජංගම දුරකතනය ලොව සුපතල ඇමසන් සමාගම විසින් එළි දක්වයි.

    මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ඇමරිකානු ඩොලර් 99 ක මිලක සිට මිලදීගත හැකියැයි සඳහන්ය.

    ලෝකයේ දැවැන්තම ඊ-වාණිජ්‍යය සමාගමක් වන ඇමසන් (Amazon) විසින් එළිදක්වා තිබෙන මෙම දුරකතනය සමග ඇමසන් ෂොපින් ඇප් පහසුකම හෝ සමාගමේ නිෂ්පාදන සහ සේවා ඇතුළත් අනිකුත් පහසුකම් හිමිවනු ඇතැයි වාර්තා වේ.

    ලෝකයේ ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳ පොළින් සියයට 46 ක් සැම්සුන්ග් සහ ඇපල් යන සමාගම් විසින් අත්පත් කරගෙන තිබෙන අතර මෙම එළිදැක්වීම මගින් මෙම සමාගම් වලට තරගයක් ලබාදීම සඳහා ඇමසන් සූදානම් වේ.

    මේ අතර, පසුගියදා වාර්තා වුණේ ලෝකවාසී ජනතාව සඳහා අඩුමිල ස්මාර්ට් ජංගම දුරකතනයක් නිර්මාණය කිරීමට ගූගල් සමාගමද කටයුතු කරගෙන යන  බවයි.