Ambeon ව්‍යාපාර සමූහය තම නව අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කරයි

    June, 15, 2020

    මූල්‍ය සේවා, නිෂ්පාදන සේවා, දේපොළ වෙළෙඳාම්, තාක්ෂණ හා ක්‍රමෝපාය ආයෝජන ආදී ක්ෂේත්‍ර රැසක වෙළෙඳපොළ ප්‍රමුඛයෙක් වන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමූහයක් ලෙස ප්‍රකට Ambeon Holdings PLC සමූහය පසුගියදා වැදගත් අධ්‍යක්ෂ මණ්ඩල සංශෝධනයක් සිදුකළේය. Ambeon Capital PLC සමාගම සහ එහි ආයෝජන සහකරු සහ කළමනාකරණ සමාගම වන Ambeon Holdings PLC සමූහය අතර ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැඟීම එහි අරමුණ විය. ඒ අනුව 2020 ජුනි 1 වැනිදා සිට සමූහයේ සභාපති හා ස්වාධීන නොවන/ විධායන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස සංජීව ගාර්ඩිනර් මහතා ද, උප සභාපති හා  ස්වාධීන නොවන/ විධායන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස අජිත් දේවසුරේන්ද්‍ර මහතා ද, ස්වාධීන නොවන/ විධායන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස රනිල් පතිරණ මහතා ද පත් කර තිබේ. Ambeon Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයට අමතරව එම මහත්වරු Ambeon Capital PLC හි සිය අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු ද හොබවනු ඇත. ප්‍රකට කර්මාන්ත අංශ ප්‍රවීණයෙකු මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකු වන මුරලි ප්‍රකාශ් මහතා තවදුරටත් Ambeon ව්‍යාපාර සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස Ambeon Capital PLC සහ Ambeon Holdings PLC යන ආයතන දෙක ම කළමනාකරණය කරනු ඇත.

    “ආයතනික තිරසාර භාවය බොහෝ දුරට රඳා පවතින්නේ, එම ආයතන වෙළෙඳපොළ වෙනස්වීම්වලට කෙතරම් කඩිසර භාවයකින් ප්‍රතිචාර දක්වන්නේ ද යන කාරණය මතයි. උදා වී ඇති නව පරිසරය තුළ තිරසාර සහ අනාගත කේන්ද්‍රී ව්‍යාපාරයක් ගොඩනැගීමට අපි ගමන් ගන්නා මෙවැනි මොහොතක Ambeon Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩල සභාපතීත්වය මම භාරගන්නේ මහත් වූ සතුටකින්”, යනුවෙන් Ambeon Capital PLC සහ Ambeon Holdings PLC සභාපති සංජීව් ගාර්ඩිනර් මහතා පැවසීය.

    හිටපු ප්‍රවීණ බැංකුකරුවෙකු වන ඒ.ජී. වීරසිංහ මහතා 2013 වසරේ සිට Ambeon Holdings PLC හි සභාපතීත්වය දැරූ අතර, නව සභාපතිවරයාගේ පත්වීමෙන් අනතුරුවත් වීරසිංහ මහතා ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, අධ්‍යක්ෂ මණ්ඩල උප කමිටු සාමාජිකයෙකු ලෙසත් අඛණ්ඩව සිය සේවය පිරිනමයි.

    “ඒ.ජී. වීරසිංහ මහතා වසර 7ක් මුළුල්ලේ ලබාදුන් නායකත්වයට හා මාර්ගෝපදේශනයට Ambeon Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩලය හා කළමනාකාරීත්වය වෙනුවෙන් ස්තූති කිරීමටත් මා මෙය අවස්ථාවක් කරගන්නවා. දුෂ්කර අවස්ථා වලදී ව්‍යාපාර සමූහය ඉදිරියට ගෙන යමින්, අද තිබෙන තත්ත්වයට ගෙන ඒමට ඔහු කැප වී කටයුතු කළා”, යනුවෙන් Ambeon Capital PLC සහ Ambeon Holdings PLC කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාශ් මහතා පැවසීය.

    “Ambeon සමූහය ගොඩනඟා ඇත්තේ තිරසාර හා අනාගතවාදී ආයතනයක් ගොඩනැගීමේ මුල්ගල් ලෙස සැලකෙන වටිනාකම් සමූහයක් මත යි. විශේෂයෙන් ම ක්‍රියාශීලී බව අලුත් දේ ඉගෙනීමේ මානසිකත්වය උදා වන්නේ මිනිසුන් සවිබල ගැන්වීම, කණ්ඩායම් ක්‍රියාකාරකම් මෙහෙයවීම, ප්‍රතිඵල මත ක්‍රියාකාරී කිරීම සහ දූරදර්ශී බව යන වටිනාකම් වලින්. පාලනය,  අවදානම සහ අනුකූලතාව මත ගොඩ නැඟුණු ශක්තිමත් පසුබිමක මේවා ගොඩනඟා තිබෙනවා. පාරිභෝගික කේන්ද්‍රීයතාවය යනු අපගේ වටිනාකම් සමානාත්මතාවයේ අවසාන පරමාර්ථයයි. මෙම පරිවර්තන ප්‍රතිව්‍යුහගතකරණය සහ මණ්ඩල දෙක අතර ඇති සහයෝගිතාවයත් සමඟ, ඉදිරි වසර කිහිපය තුළ අපගේ සම්පත් තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත්, අපගේ සියලු පාර්ශවකරුවන් සඳහා හොඳම දේ ලබා ගැනීම සඳහා තිරසාර ව්‍යාපාර ආකෘති ගොඩනැගීමටත් අපට දැන් හැකි වී තිබෙනවා”, යැයි මුරලි ප්‍රකාශ් මහතා ප්‍රකාශ කළේය.

    සේවකයින් 3,000කට අධික සංඛ්‍යාවක් සිටින  Ambeon සමූහය විස්තීර්ණ නිෂ්පාදන පෙළක් ද, ශක්තිමත් ගෝලීය ප්‍රතිරූපයක් සහිත දේශීය සන්නාම රැසක් ද, උසස්ම තාක්ෂණය හා නවෝත්පාදන යාන්ත්‍රණ ද සමඟින් මේ වනවිට නව ව්‍යාපාර, වෙළෙඳපොළ සහ කලාප කරා ද එළඹෙමින් අභිමානවත් අනාගතවාදී ව්‍යාපාරකරණයක නිරත වී හිඳී.

    Ambeon Holdings PLC අනුබද්ධිත ආයතන අතරට, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබද විශාල පරිචයක් සහිත ප්‍රමුඛත ම මූල්‍ය සේවා සමාගමක් වන Taprobane Capital Plus පුද්ගලික සමාගම, උසස් ප්‍රමිතියේ රෙදි විවීමේ සමාගමක් වන South Asia Textiles Limited (Victoria Secret, Next, Marks & Spencer, Tesco, Calvin Klein, Decathlon සහ Adidas ලෝ ප්‍රකට සන්නාම සඳහා රෙදි විවීම, වර්ණ ගැන්වීම, නිමි කටයුතු, රෙදි මුද්‍රණ, බ්‍රෂ් කිරීම, රෙදි මෘදුගැන්වීම සහ පූර්ව රැළිගැන්වීම වැනි කාර්යයන් සිදුකරයි), Dankotuwa Porcelain PLC සහ Royal Fernwood Porcelain Ltd., (Oneida, Macy’s, Country Road, Lenox, John Lewis, Crate & Barrel, Megros, Jashanmal, Ralph Lauren, the Walt Disney Company හා Dilmah වැනි ගෝලීය සන්නාම සඳහා පෝසිලේන් නිෂ්පාදන හා තෑගි භාණ්ඩ නිෂ්පාදනය කරයි), Millennium IT ESP  (බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, ඇඟලුම් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාර සමූහ වෙත තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන මෙරට තොරතුරු පද්ධති සැපයුම් ප්‍රමුඛයෙකු වේ)  සහ Colombo City Holdings PLC (දේපොළ වෙළෙඳාම්) යන සමාගම් අයත් වේ. එමෙන්ම සුප්‍රකට ව්‍යාපාර දැවැන්තයින් Galle Face Hotel සමූහය, Hirdaramani සමූහය හා Navitas Holdings හරහා Ambeon Holdings PLC බලගැන්වී ඇත.

    නව සංශෝධන වලට අනතුරුව සංජීව ගාර්ඩිනර් (සභාපති), අජිත් දේවසුරේන්ද්‍ර (උප සභාපති), මුරලි ප්‍රකාශ් (සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී), ප්‍රියන්ත ප්‍රනාන්දු, ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර, රනිල් පතිරණ, සරින්ද උණම්බුව හා දේශමාන්‍ය දේවා රොද්‍රිගෝ යන මහත්වරු Ambeon Capital PLC හි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන අතර, Ambeon Holdings PLC අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස සංජීව ගාර්ඩිනර් (සභාපති), අජිත් දේවසුරේන්ද්‍ර (උප සභාපති), මුරලි ප්‍රකාශ් (සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී), ඒ.ජී. වීරසිංහ, රුවන් සුගතදාස, මංගල බෝයගොඩ සහ රනිල් පතිරණ යන මහත්වරු කටයුතු කරති.