Ambeon සමූහය, ශෙවාන් ගුණතිලක MillenniumIT ESP හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කරයි

    November, 16, 2020

    මූල්‍ය සේවා, නිෂ්පාදන සේවා, දේපොළ වෙළෙඳාම්, තාක්ෂණ හා ක්‍රමෝපාය ආයෝජන ආදී ක්ෂේත්‍ර රැසක වෙළෙඳපොළ ප්‍රමුඛයෙක් වන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමූහයක් ලෙස ප්‍රකට Ambeon Holdings PLC සමූහය ඔවුන්ගේ අනුබද්ධිත පද්ධති එකාබද්ධ කරන්නෙකු සහ තොරතුරු පද්ධති සම්පාදකයකු වන MillenniumIT ESP සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශෙවාන් ගුණතිලක මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. සමාගම මෙම පත්වීම සිදු කිරීමට පියවර ගෙන තිබෙන්නේ සිය සේවා පිරිනැමීම්, ගෝලීය ප්‍රවේශය පුළුල් කිරීම සහ ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාර ගතික ව්‍යාපාරික පරිසරයක් තුළ පරිවර්තනය කිරීම යනාදී වූ කාලින අවශ්‍යතා සලකා බැලීමෙන් අනතුරුවය.

    Ambeon Capital PLC සහ Ambeon Holdings PLC කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මුරලි ප්‍රකාශ් මහතා පිලිබඳ අදහස් දක්වමින් කියා සිටියේ, “නව පත්වීම ලද ශෙවාන් ගුණතිලක මහතාව අප සමුහයට සාදරයෙන් පිළිගන්න අතරම MillenniumIT ESP සමාගමේ උන්නතිය උදෙසා වන වගකීම අප ඔහු වෙත භාරදෙනවා,” යනුවෙනි.

    MillenniumIT ESP සමාගමේ පත්වීමට පෙර ශෙවාන් ගුණතිලක මහතා WSO2Inc හි සභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වූ අතර එහිදී උපාය මාර්ග, ගෝලීය ව්‍යාපාර මෙහෙයුම් සහ වර්ධනය පිළිබඳ වගකීම දැරීය. WSO2 ට පෙර ඔහු එක්සත් රාජධානියේ Deutsche Telekom සමඟ සම්බන්ධ වී යුරෝපයේ T-Mobile හරහා ජංගම ඩිජිටල් නිෂ්පාදන බෙදා හැරීම සහ යෙදවීම කළමනාකරණයටද ඔහු එක් විය. තවද, වසර ගණනාවක් තිස්සේ Virtusa Corporation හි ඇතැම් ප්‍රධාන ව්‍යාපෘති කළමනාකරණය කිරීමට ද ඔහු සම්බන්ධ වී සිටී. SLASSCOM (මෘදුකාංග හා සේවා සඳහා ශ්‍රී ලංකා සංගමය) හි මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස ශෙවාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අභිවෘද්ධිය සඳහා ක්‍රියාකාරී දායකත්වයක් සපයයි.