March, 15, 2021
අභියෝගාත්මක තත්ත්වයන්ට සාර්ථකව විසඳුම් නිර්මාණය කරමින් විශිෂ්ට ව්‍යාපාර ප්‍රතිඵල පෙන්නුම් කරයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන AMW Manufacturing පසුගිය වර්ෂය තුල මුහුණ පෑ ප්‍රබල අභියෝග හමුවේ නොසැලී නැගී සිටිමින් 2021 වර්ෂය සඳහා ද සාර්ථක ව්‍යාපාර ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සූදානමින් සිටී. කොවිඩ්-19 වසංගතය නිසා පෙර මුහුණ නොදුන් ආකාරයේ වෙළෙඳපොල අභියෝගතා ඉස්මතු වූ අතර, ඒවාට නව්‍ය විසඳුම් සොයාගනිමින් පසුගිය 2020 වර්ෂය වර්ධනීය ගමන් මගකට යොමුකරවීමට සමාගමට හැකියාව ලැබී ඇත. පශ්චාත් කොවිඩ් වෙළෙඳපොල තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සමාගමේ අභ්‍යන්තර ක්‍රියාවලීන් සම්පූර්ණයෙන්ම නැවත සකස්කරමින් ඒ සඳහා අවශ්‍ය නිවැරදි තීරණ, නිසි වේලාවට ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට AMW Manufacturing කටයුතු කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙය හැඳින්වීම නිවැරදිය.
කොවිඩ්-19 වසංගතයෙහි වේගවත් පැතිරීම හමුවේ ගත යුතු පළමු පියවරෙහි සිට සක්‍රියව ක්‍රියාත්මක වෙමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමග සහයෝගයෙන් අති නවීන කොවිඩ්-19 සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමටද AMW Manufacturing කටයුතු කරන ලදී. කොවිඩ්-19 වසංගතයෙන් සම්පූර්ණ ආරක්ෂිත පරිසරයක් ලෙස සහතික ලැබූ මෙරට දෙවන කර්මාන්ත පරිශ්‍රය වන්නේද AMW Manufacturing ය.
සිය සේවක පිරිසගේ සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය තහවුරු කරන අතරම සිය ව්‍යාපාර මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට AMW Manufacturing සමත් වූ අතර ඉහළ මට්ටමේ පාරිභෝගික සේවාවක් ඉලක්ක කරගත් ආයතනයක් වශයෙන් සාර්ථකව ප්‍රතිස්ථානගත වීමටද සමාගමට හැකි විය. සමාගමේ ව්‍යාපාර මෙහෙයුම් හා ක්‍රියාපිළිවෙත් වැඩි දියුණු කිරීම, සේවකයින්ට සුවිශේෂී පුහුණුවක් ලබාදීම හා පාරිභෝගික විමසීම් වේගවත් කිරීම සඳහා තනි සබඳතා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම මේ වෙනුවෙන් සමාගම ගත් වැදගත් පියවරයන් කිහිපයකි. කාර්යක්ෂම කළමනාකරණ ක්‍රමවේදයන් (Lean Management) හඳුන්වාදීම ඔස්සේ නාස්තිය අවම වීම සිදු වී අතර අති නවීන ස්වයංක්‍රීයකරණයන් හා තොරතුරු තාක්ෂණය ඔස්සේ මෙහෙයුම් ඵලදායීතාවය ඉහළ යාමට සැලකිය යුතු දායකත්වයක් ලැබී ඇත.
"අපේ ක්‍රමෝපායික ක්‍රියාමාර්ගයන් සියල්ලම කේන්ද්‍රගත වී තිබෙන්නේ කැප වීමෙන් වැඩ කරන සේවක පිරිස, නව තාක්ෂණය හා කාර්යක්ෂම කළමනාකරණය යන ප්‍රතිපත්ති මතයි. ඒ හරහා උසස් පාරිභෝගික සේවාවක් ඉලක්ක කරගත ව්‍යාපාරයක් නිර්මාණය කරමින් අපගේ ව්‍යාපාර පොරොන්දුව වන zඋසස්ම සේවාවක් ලබාදීමZ උපරිමයෙන්ම ඉටු කිරීමට අප කටයුතු කර තිබෙනවා. මෙහිදී අපේ සේවක මණ්ඩලය දක්වන කැපවීම සහ උනන්දුව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. අප ලබා ඇති සාර්ථකත්වයේ මූලික පදනම වන්නේ අපේ සේවක පිරිසයි" යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් AMW සමාගමේ නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂ, ලසන්ත විජේවීර මහතා පැවසීය.
"පාරිභෝගිකයාට වටිනාකම් එක් කළ විශිෂ්ට නිෂ්පාදනයක් හා ගුණාත්මක සේවාවක් ලබා දීමට කැප වීම නිසා පසුගිය අභියෝගාත්මක මාස කිහිපය තුල විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කිරීමට අපි සමත් වුනා. මානව සම්පත, ක්‍රියාවලීන් හා තාක්ෂණය සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද ආයෝජනයන් ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යනවා වගේම මීටත් වඩා සාර්ථක තලයකට ළඟාවීමට අපි අපේක්ෂා කරනවා"
සිය අදහස් දැක්වීමට තවදුරටත් කරුණු එක්කරමින් ඒ මහතා මෙසේද පවසා සිටියේය. "ජාත්‍යන්තර වෙළඳපොල තත්ත්වයන් සළකා බැලීමේදී අනාගතය සුභවාදී බව අපේ හැඟීමයි. විශේෂයෙන්ම අපගේ පළපුරුද්ද පවතින Material Handling Tyres අංශයෙහි වෙළෙඳපොල තත්ත්වයන් ඉතාම සුභවාදී තත්ත්වයක් පවතිනවා. එනිසා වර්තමානයේ අප හිමි කරගෙන සිටින සවිමත් පදනම නවීන තාක්ෂණය හරහා තවදුරටත් ශක්තිමත් කරමින් ඉදරියේදී තවදුරටත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට හැකි බව අපට විශ්වාසයි"
මෑතකාලීනව ලබාගත් සාර්ථක ප්‍රතිඵල සමග තවදුරටත් ඉදිරියට යමින් AMW Manufacturing සැලකිය යුතු මට්ටමින් සිය පූර්ණ ධාරිතාවය වර්ධනය කරගෙන ඇත. විශේෂයෙන්ම එහිදී ඝන ටයර් (Solid Tires) අංශයෙහි 70 අමතර ධාරිතා වර්ධනයක් අත්පත් කරගැනීම සඳහන් කළ යුතු වේ. පාරිභෝගික පරාමිතීන් අනුව රබර් Compound නිෂ්පාදනයෙහි සිය වෙළඳපොල ප්‍රමුඛස්ථානය අඛණ්ඩව පවත්වා ගනිමින් නවීන තාක්ෂණයෙන් පරිපූර්ණ Banbury මිශ්‍රණ යන්ත්‍රයක් සේවයේ යෙදවීමටද සමාගම සැළසුම් කර ඇත.
AMW Manufacturing ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගමේ පූර්ණ හිමිකාරීත්වය යටතේ පාලනය වෙයි. ටයර් නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි කීර්තිමත් සමාගමක් වශයෙන් AMW Manufacturing වර්ෂ 70 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියයි. වර්තමානය වන විට AMW Manufacturing පු`ඵල් පරාසයක පැතිරුණු උසස් ප්‍රමිතියේ ටයර් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලවල් වෙත පවා අපනයනය කරයි.
1949 වසරේදී ආරම්භ කෙරුණු AMW සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන අතර ශ්‍රී ලාංකික ජනතාවට ඉතා සමීප ව්‍යාපාර සන්නාමයකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කරගත් කීර්තිමත් ජාත්‍යන්තර සමාගමක් වන Al-Futtaim සමූහයේ අනුබද්ධිත සමාගමක් වන AMW සමූහය ව්‍යාපාර අංශ ගණනාවක් ඔස්සේ උසස්ම මට්ටමේ සේවාවන් හා නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ලබා දෙමින් සිටී.
ඡායාරූප: ලසන්ත විජේවීර, අධ්‍යක්ෂක - නිෂ්පාදන අංශය AMW සමාගම
Video Story