සැමට ස්මාර්ට් ජංගම දුරකතනයක්. Google වෙතින් අළුත් වැඩක්

    June, 26, 2014

    ස්මාර්ට් ජංගම දුරකතන මේ වනවිට සමාගම් හදන්නේ තරගයට මෙනි. මෙවන් පසුබිමක් තුළ ගූගල් විසින් පවසා තිබෙන්නේ ඩොලර් 100 කට අඩුවෙන් මිලදීගත හැකි නවතම ස්මාර්ට් ජංගම දුරකතනයක් නිර්මාණය කිරීමට සමාගම සූදානම් බවයි.

    Android One යනුවෙන් හඳුන්වා දී තිබෙන මෙම ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපෘතිය මගින් වර්ධනය වෙමින් පවතින රටවල ජංගම දුරකතන වෙළඳ පොළ අල්ලා ගැනීම සඳහා ගූගල් සැලසුම් කර තිබේ.

    Android වලින් සවිබල ගැන්වුණු මෙම ස්මාර්ට් ජංගම දුරකතනය මූලික උපාංග වලින් සමන්විත වනු ඇති බවත් එහි තිරය අඟල් 5 කට වඩා ටිකක් කුඩාවනු ඇති බවත් සඳහන්ය.

    ගූගල් පවසා තිබෙන්නේ මෙම දුරකතනය මුළු ලෝකයටම හඳුන්වාදීමට සැලසුම් කර තිබෙන බවත් මුල් වතාවට ඉන්දීය වෙළඳ පොළට එය මේ වසරේදී නිකුත් කරන බවයි.

    තවමත් ලෝකයේ බිලියන ගණනක ජනතාවකට ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති බවත් එම තත්ත්වය වෙනස් කිරීම ගූගල් හි, අරමුණ බවත් මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගම සඳහන් කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates