Ascot Leisure බහුතර කොටස් හිමිකම Fairway අත්පත් කරගනී

    September, 13, 2017

    Ascot Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Ascot Leisure (Pvt) Ltd හි 75% ක කොටස් හිමිකාරීත්වය මිල දී ගැනීමට Fairway Holdings පියවර ගෙන තිබේ.

    මෙහිදී රුපියල් මිලියන 20ක් Ascot Holdings PLC වෙත ගෙවනු ලබන අතර Ascot Leisure (Pvt) Ltd හි ප්‍රාග්ධනය ලෙස තවත් රුපියල් මිලියන 50 ක් යොදවනු ලැබේ.

    Ascot Leisure (Pvt) Ltd සතුව යාල, පලටුපාන ප්‍රදේශයෙහි භූමිභාගයක් ඇති අතර එහි කාමර 30 කින් යුතු හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මේ වන විටත් අනුමැතිය ලබා තිබේ.

    සුඛෝපභෝගී මහල් නිවාස හා හෝටල් කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රමුඛ සමාගමක් වන Fairway Holdings සතුව කොළඹ කොටුවෙහි කාමර 180 කින් යුතු හෝටල් සංකීර්ණයක් ඇති අතර කොළඹ, ගාල්ල සහ නුවර එළිය යන ප්‍රදේශවල තවත් හෝටල් කිහිපයක් ඉදිකිරීමට මේ වන විට මුල පුරා තිබේ. එහිදී ඉදිකිරීමට යෝජිත හෝටල්වල සම්පූර්ණ කාමර ප්‍රමාණය 325 කි.

    හේමක ද අල්විස් මහතා Fairway Holdings හි සභාපතිවරයා වේ.