December, 30, 2024
AgriOne Solutions (පුද්) සමාගමේ 55.87% ක කොටස් අයිතිය අත්පත් කරගැනීමට මෙරට ලැයිස්තුගත සමාගමක් වන Asia Siyaka Commodities PLC කටයුතු කර තිබේ.
මෙහිදී AgriOne හි කොටස් මිලියන 178.5 ක් වෙනුවෙන් රු. මිලියන 178.5 ක් ආයෝජනය කිරීමට Asia Siyaka Commodities PLC කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ අතර තවත් රු. මිලියන 76.5 ක් ඉදිරියේ දී AgriOne හි ආයෝජනය කිරීමට Asia Siyaka Commodities PLC සැලසුම් කර ඇති අතර ඒ සමගම සමාගමේ AgriOne හි සමස්ත ආයෝජනය රු. මිලියන 255 ක් වනු ඇත.
තවද සමාගම පවසන්නේ අනෙකුත් ආයෝජකයින්ගෙන් පැමිණීමට නියමිත ආයෝජනවලින් අනතුරුව Asia Siyaka Commodities PLC විසින් AgriOne වෙත සිදුකර ඇති ආයෝජනය එහි කොටස් ප්‍රාග්ධනයෙන් 51% ක් වනු ඇති බවයි.
මෙරට පිළිගත් වෘත්තිකයින් කණ්ඩායමකගෙන් සැදුම්ලත් AgriOne Solutions (පුද්) සමාගම පොහොර කර්මාන්තයේ නිරත මූලාරම්භක සමාගමකි (startup company).
Video Story