ASUS, නවීනතම  Zenbook premium ලැප්ටොප් සමගින් වීඩියෝ ගේමින් පවුලේ ප්‍රමුඛයා වන ලැප්ටොප් පරිගණයකය එළි දක්වයි

    March, 15, 2024

    තායිවානයේ තාක්ෂණික දැවැන්තයා ලෙස නම් දැරූ ASUS හි මෙරට සමාගම වන ASUS Sri Lanka,  වසරේ මුල්ම එළි දැක්වීමේ උළෙල පවත්වමින්, නවතම ASUS ලැප්ටොප් පරිගණක තුනක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරන ලදී. මෙම නවතම ASUS ලැප්ටොප් පරිගණක, පාරිභෝගිකයින්ගේ වැඩකටයුතු අසමසම ලෙසින් කාර්යක්ෂම කරන බහු-කාර්ය ලැප්ටොප් පරිගණක වන අතර, ඕනෑම තැනක පහසුවෙන් රැගෙන යාමේ හැකියාවද ඒ සතු වෙයි. පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ Lotus Ballroom හි පැවති අලංකාරවත් එළිදැක්වීමේ උළෙලේදී, මෙම නවීනතම ලැප්ටොප් පරිගණක පාරිභෝගිකයින් වෙත හඳුන්වා දෙනු ලැබිණි.

    ඒ අනුව, ASUS එළි දක්වන ලද නවතම ලැප්ටොප් තුන අතරට, නවතම AI-powered Intel Core Ultra 9 ප්‍රොසෙසරයකින්, සමන්විත premium ultraportable OLED,  Zenbook 14 OLED (UX3405) ලැප්ටොප් පරිගණකය මෙන්ම ලොව මුල්ම, 14" Dual-Screen20GRO 200RO Strix ලැප්ටොප් පරිගණකය වන Zenbook DUO ලැප්ටොප් පරිගණකයද, අඟල් 18, mini LED display එකකින් සමන්විත වන ප්‍රථම ROG ලැප්ටොප් පරිගණකය,  ASUS Republic of Gamers (ROG) 2024 Strix ද  ඇතුළත් වෙයි.

    නවතම විශේෂාංගවලින් සමන්විතව පරිශීලකයින් අතට එන අතිනවීන, Zenbook 14 OLED (UX3405) ලැප්ටොප් පරිගණකය, Intel® Evo™ මාදිලියෙන් යුත් හොඳම ultraportable ලැප්ටොප් පරිගණකයක් වන අතර, දීර්ඝ බැටරි ආයුකාලයක් සතු 75 Wh බැටරිය, ඉහළම මට්ටමේ Intel® Core™ ප්‍රමිතිය සහතික කළ Ultra 9 ප්‍රොසෙසරයකට ගැළපෙන හොඳම ක්‍රියාකාරිත්වයක් ගෙන දෙයි. එමෙන්ම, Intel Arc™ ප්‍රමිතියේ විශිෂ්ටතම ග්‍රැෆික්වලින් මෙම ලැප්ටොප් පරිගණකය සමන්විත ‍වීමද විශේෂත්වයකි. සෑම අත්‍යවශ්‍ය I/O පෝට් එකක් මගින්ම එනම්, Thunderbolt™ 4, USB 3.2 Gen 1 Type-A, HDMI මින් සලසා තිබේ. vivid 3K ASUS Lumina OLED 120 Hz touchscreen හා ඉහළම තත්ත්වයේ super-linear ස්පීකර් ඇතුළත් කර තිබීමෙන්, විශිෂ්ටතම මට්ටමේ හඬ තත්ත්වයක් පවත්වාගෙන යාමට හැකියාව සැලසී තිබෙන අතර මෙය පරිශීලකයින් හමුවට එන්නේ, වඩාත් පහසුවෙන් පරිශීලකයා හඳුනා ගැනිමට අදාළ තාක්ෂණික විශේෂාංගද එක් කරමිනි. face login ආරක්ෂණ විශේෂාංගය මෙන්ම, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා ආවරණය කළ හැකි  shutter එකකින් සමන්විත FHD IR කැමරාව හා ASUS ErgoSense keyboard එක මගින්ද පෙන්නුම් කරන්නේ, මෙය වඩාත් සුරක්ෂිත පරිශීලක-හිතකාමී ලැප්ටොප් පරිගණකයක් බවයි. එපමණක් නොව, මෙම ලැප්ටොප් පරිගණකය හා එහි ඇසුරුම නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කර ඇත්තේද, ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ සහ ප්ලාස්ටික් වන අතර, එක්සත් ජනපද මිලිටරීකරණ ප්‍රමිති පරික්ෂණයන් මෙහි කල්පැවැත්ම පිළිබඳ හොඳම සාක්ෂියකි.

    ASUS පිරිනමන Zenbook DUO (2024) UX8406 ලැප්ටොප් පරිගණකය වෙළෙඳ පොළට නිකුත් වෙන්නේ, අඟල් 14 3K 120 Hz OLED ටච්ස්ක්‍රීන් දෙකකින් සමන්විත ලොව ප්‍රථම ultraportable ලැප්ටොප් පරිගණකය ලෙසිනි. එහි dual full-size 3K 120 Hz ASUS Lumina OLED, තිරය lay-flat 180° hinge එකකින් සම්බන්ධ කර තිබේ. ඒ, එහි ඉඩකඩ අඟල් 19.8 ක් තරම් ප්‍රමාණයක් දක්වා සැණෙකින් විශාලනය කරමින් වැඩකටයුතු කිරිමට හැකි පරිදි, display එකෙහි ඉඩකඩ පුළුල් කිරීම සඳහා ය. එය ASUS ScreenXpert software මගින් පාලනය කෙරෙන අතර, Laptop, DualScreen, Desktop, හෝ Sharing වශයෙන් තිරස් හෝ සිරස් දිශානතියකින් ක්‍රම ගණනාවකට display එක භාවිත කිරීමට අවකාශ සලසා තිබේ.

    Zenbook DUO ලැප්ටොප් පරිගණකය, එහි භාවිත වන AI තාක්ෂණය වැඩි කරන ඒකාබද්ධ Neural Processing ඒකකයක් (NPU) සහිත Intel Core™ ප්‍රමිතියේ Ultra 9 ප්‍රොසෙසරයක් මෙහි ඇතුළත් වේ. එමෙන්ම, ලැප්ටොප් උපාංගය 32 GB දක්වා ක LPDDR5x memory යකින් සමන්විත වන අතර, එහි ඇතුළත් වන්නේ 2 TB PCIe® අනුමත, 4.0 SSD එකකි. පරිශීලකයින්ට කිසිදු අවහිරයකින් තොරව, දිගු කාලයක් පුරා වැඩ කටයුතු කිරීමට ඉඩකඩ හැකියාව සලසන දිගු බැටරි ආයු කාලයකින් සමන්විත75 Wh බැටරිය අමතර පහසුවකි.  එහි ශබ්ද පද්ධතියද Dolby Atmos® අනුමත ශබ්දය ඇතුළත් Harman Kardon සහතිකය ලද ප්‍රබල ශ්‍රව්‍ය පද්ධතියකි. 1.35 kg  තරම් සැහැල්ලු බවකින් යුතුව නිපදවා ඇති මෙම ලැප්ටොප් පරිගණකයෙහි, Bluetooth® ප්‍රමිතියද සමගින් එන ASUS ErgoSense keyboard එක හා touchpad එක පරිශීලකයින්ට ගමන්බිමන් අතරතුර, බහු-කාර්යයන්හි නිරත වීමේ හැකියාව සලසන කදිම උපාංගයක් බවට එය පරිවර්තනය කර තිබේ.

    අඟල් 14 3K 120 Hz OLED ටච්ස්ක්‍රීන් දෙකකින් සමන්විත ලොව ප්‍රථම ultraportable ලැප්ටොප් පරිගණකය වන්නේ, පසුගියදා එළි දක්වන ලද ASUS Zenbook DUO (2024) UX8406 ලැප්ටොප් පරිගණකයයි. සම්පූර්ණ-ප්‍රමාණයේ dual, 3K 120 Hz ASUS Lumina OLED 16:10 තිරය පරිශීලකයින්ට අවශ්‍ය විටෙක, අඟල් 19.8 ක් ක්ෂණිකව පුළුල් කරමින් භාවිත කිරීමට හැකියාව සලසා තිබේ. ඒ සඳහා තිරයට lay-flat 180° hinge එකක් සම්බන්ධ වන අතර, ලැප්ටොප් පරිගණකයේ තිරය තිරස් හෝ සිරස් අතට භාවිත කරමින් කාර්ය ගණනාවක් කරගැනිමට භාවිත කළ හැකි වේ. ඒ, ASUS ScreenXpert මෘදුකාංගය මගින් පාලනය වන Laptop, DualScreen, Desktop, හෝ Sharing ලෙසින් ඕනෑම ක්‍රමවේදයකට අනුව හසුරවමිනි.

    Strix SCAR 18 ඇතුළු ලැප්ටොප් මාදිලිවල ප්‍රමුඛයා ලෙසින් පරිශීලකයින් අතට පත් වන ASUS Republic of Gamers (ROG) 2024 Strix ලැප්ටොප් පරිගණකය, කුඩා LED ROG Nebula HDR තිරය  සහිත පළමු අඟල් 18 ROG ලැප්ටොප් පරිගණකයද වේ. Strix SCAR 16 හා SCAR 18 සමගින් මෙම මාදිලිය Gaming ලැප්ටොප් අතරින් පෙරමුණේ පසුවන අතර, 2024 Strix යන්ත්‍ර අතරින් මෙම ලැප්ටොප් පරිගණකය ඉහළින්ම තැබිය හැකි වෙයි. වේ. නවතම Intel® Core™ i9 14900HX ප්‍රොසෙසරයකින් සමන්විත මෙම නවතම ලැප්ටොප් පරිගණකය,  Gaming සඳහා වේගවත් හැකියාවක් සලසන NVIDIA® GeForce RTX™ 4090, GPU එකක් සමග, 175W max TGP ඇතුළත් කර තිබේ. 2024 Strix පවුලේ ලැප්ටොප් පරිගණක අතර තරගකාරී පරිගණකයක් ලෙසින්, වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මෙහි වැඩි දියුණු කළ තාක්ෂණයෙන් යුතු සිසිල් කරන පද්ධතිය, ත්‍රිත්ව-ෆෑන් තාක්ෂණයෙන් හා ද්‍රව ලෝහ සන්නායකයකින් සමන්විත අතර, එමගින් ලැප්ටොප් පරිගණකයෙහි CPU හා GPU පද්ධති යන දෙක රත්වීමෙන් තොරව, මනා සිසිලසක් පවත්වා ගනිමින් ඉහළම ක්‍රියාකාරිත්වයකට ඉඩ සලසයි.