Atlas අයිතිය Hemas සතුවෙයි. ගනුදෙනු මිල රුපියල් බිලියන 5.7 යි

    January, 19, 2018

    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් හා කාර්යාලීය උපකරණ සන්නාමයක් වන Atlas Axillia පෞද්ගලික සමාගමේ 75.1% ක කොටස් සංඛ්‍යාවක්  රුපියල් බිලියන 5.7 ක මුදලකට Hemas Holdings PLC සමාගම විසින් මිලදී ගත්තේය. Hemas සමාගම විසින් මිලදී ගැනීමෙන් පසු Atlas හි දැනට සිටින කොටස් හිමියන් 24.9% ක කොටස් ප‍්‍රමාණයකට හිමිකාරත්වය කියනු ඇත.

    Atlas Axillia සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක නිර්මාල් මදනායක මහතා අදහස් දක්වමින් ‘Atlas Axillia’ වර්ධනයේ විශිෂ්ඨ ගමනක යෙදී  සිටින අතර අප මෙම ගමන  ඊළඟ ඉලක්කයට රැගෙන ඒමට උත්සුක  වෙනවා. මේ සඳහා නිවැරදි හවුල් කරුවෙකු සොයා ගැනීමේ අසීරු කි‍්‍රයාවලියක අප නිරතව සිටියා. එවිට අපි දුටුවා ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හා වටිනාකම් වලට ගැළපෙන ලෙස ව්‍යාපාර කටයුතු කරන විශිෂ්ඨ ව්‍යාපාරික ආයතනයක් වන Hemas Holdings PLC සමාගම. මෙහිදී සමාගම් දෙකෙහිම සමානකම් ලෙස අප දුටුවා අප දෙගොල්ලන්ම උසස් තත්වයේ, පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ජන හද දිනූ නව්‍ය නිෂ්පාදනයන් ශ්‍රී ලාංකීය නිවෙස් වෙත රැුගෙන එන ආයතනයන් ද්විත්වයක් බව. ‘Atlas’ සහ Hemas යන ආයතන ද්විත්වයම සෑම විටම සිතන්නේ අපගේ විශාලම වත්කම අපගේ සේවක මණ්ඩලය වන බව නිසා අප නිරන්තරයෙන් ඔවුන් බල ගැන්වීම සඳහා උත්සාහ දරනවා. මම ඉතා ආඩම්බරයට පත් වෙනවා පසුගිය වසර 58 ක් පුරාවට වූ ‘Atlas’ ගමන තුළ ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ හදවත් හි අපගේ සන්නාමය රැඳී සිටින ස්ථානය ගැන. අප එහි ඊළඟ අදියරට පා තබන අවස්ථාවේ අප හා සමාන වටිනාකම් සහිත උසස් තත්වයේ හවුල්කරුවෙකු ලැබීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත් වෙනවා. ” යැයි පැවසීය.

    ‘‍Atlas Axillia’ සමාගම අත්පත් කර ගැනීම හරහා අප නිෂ්පාදනයන් තව දුරටත් පුළුල් වන අතර අප ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට නිෂ්පාදන රැසක් ලබා දීම තුළින් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික වෙළඳපොලේ අපගේ ස්ථාවරය තවදුරටත් ඉහළ නංවා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. වත්මන් පාරිභෝගිකයන් නවීනතම හා නිර්මාණාත්මක නිෂ්පාදනයන් සඳහා පෙළඹී තිබෙනවා. ‘Atlas’ නවීන පාසල් හා කාර්යාලීය උපකරණ නිෂ්පාදනයන් ඉදිරිපත් කරමින් එම පාරිභෝගික අවශ්‍යතා සපුරාලන බවට මනාවට ඔප්පු කර තිබෙනවා.”යැයි Hemas හි ප‍්‍රධාන විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි මහතා අදහස් දක්වමින් පවසා සිටියේය. පාරිභෝගික ලිපිද්‍රව්‍ය යනු Hemas හට සුවිශේෂී  නිෂ්පාදන අවකාශයක් කරා යා හැකි නවතම නිෂ්පාදන කාණ්ඩයක් වන අතර පාරිභෝගිකයන් ඉලක්ක කර ගත් අප නිෂ්පාදනයන් මගින් ලංකාව පුරා විහිදී සිටින ‘Atlas’ පාරිභෝගිකයන් හට අපගේ උපරිමය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අප බලාපොරොත්තු වෙනවාි්එක්ි’ කණ්ඩායම සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ සාර්ථකත්වය ඊළඟ මට්ටමට ගෙන යෑම සඳහා රුකුලක් වීමට.” යැයි ස්ටීවන් එන්ඩර්බි මහතා තවදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.

    Hemas  සමූහයේ තුන්වන විශාලතම ව්‍යාපාරය ‘Atlas’ වනු ඇති අතර එය Hemas හි අනුබද්ධ ආයතනයක් ලෙස ස්වාධීනව කටයුතු කරනු ඇත. Hemas හි අරමුණු වන්නේ ‘Atlas’ මෙතෙක් රැගෙන ආ වාර්තාගත විශිෂ්ඨ විකුණුම් වර්ධනය නිසාවෙන් වූ වෙළඳපොල ප‍්‍රමුඛත්වය, ඉහල ඵලදායීතාවයෙන් යුත් නිෂ්පාදන ක‍්‍රියාවලිය හා වාර්තාගත ලාභාංශ එලෙසින්ම ඉදිරියට රැගෙන යෑමයි. Hemas තම ව්‍යාපාරයේ ගෘහ හා පුද්ගලික ආරක්ෂණ නිෂ්පාදන කළඹ අතර වූ සන්නාම හා අලෙවිකරණ දැක්ම මෙන්ම ආයතන දෙකෙහිම වූ දීප ව්‍යාප්ත විකුණුම් හා බෙදාහැරීම් ජාලය හරහා වෙළඳපොල විශිෂ්ඨත්වය කරා ගමන් කිරීමේ මාර්ගය පිලිබඳ අදහස් හුවමාරු කර ගනිමින් එය සංවර්ධනය කිරීම සඳහා කි‍්‍රයා කරනු ඇත. මීට අමතරව Hemas සමාගම විසින් අරමුදල් පිරිවැය අවම කිරීමටත්, ‘Atlas’ කෙරෙහි සේවක ආකර්ෂණය වර්ධනය කරමින් එය වැඩිදියුණු කිරීමටත් ක‍්‍රියා කරනු ඇත.

    2015 අපේ‍්‍රල් මාසයේදී Hemas තම FMCG (සීග‍්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩයන්) හා සෞඛ්‍යාරක්ෂණ ව්‍යාාපාරයන් වෙත ආයෝජනය කිරීම සඳහා රුපියල් බිලියන 4.1 ක හිමිකම් නිකුතුවක් නිවේදනය කරන ලදී. 2017 පළමු කාර්තුව ඇතුළත Hemas සමාගම, Morisons PLC ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාව ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 1.45 ක මුදලක් ඉන් වෙන් කරන ලදී. එහි ඉතිරි මුදල Hemas විසින් ‘Atlas Axillia’ මිලදී ගැනීම සඳහා උපයෝගී කර ගන්නා ලදී.

     

    මුල් අවධියේ Ceylon Pencil Company පුද්ගලික සමාගම ලෙස හඳුන්වනු ලැබූ ‘Atlas Axillia’ සමාගම මදනායක පවුල විසින් 1959 දී ආරම්භ කරන ලදී. පාසල් ළමුන් හට අත්‍යවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ අරමුණින් Atlas’,  2017 වසරේ ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාගේ අංක එකේ සිත් ගත් සන්නමය බවට පත් වීමන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා සමග ඉතා ශක්තිමත් සබඳතාවයක් නිර්මාණය කරගෙන ඇත.  අභ්‍යාස පොත්, පෑන් , පැන්සල් හා වර්ණ නිෂ්පාදනයන් ඇතුළු පාසැල් උපකරණ රැසක වෙළඳපොල ප‍්‍රමුඛයා වන ‘Atlas’ ශ්‍රී ලංකාව පුරා විසිර ඇති අලෙවිසැල් 70,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් මගින් තම නිෂ්පාදනයන් බෙදා හරී. ‘Atlas Axillia’ නිෂ්පාදනයන්ට ‘Atlas’, ‘Zebra X’, ‘Homerun’ හා ‘Innov8’ යන සන්නාමයන් ඇතුළත් වේ. ‘Atlas’ සමාගමේ කාර්යමණ්ඩලය 1,300 ක් පමණ වන අතර එහි කර්මාන්තශාලා පෑලියගොඩ හා කෙරවළපිටියෙහි පිහිටා ඇත.

    Hemas Holdings PLC සමාගම 1948 ආරම්භ කරන ලද අතර එය ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පාරිභෝගික හා සෞඛ්‍යාරක්ෂණ ව්‍යාපාර ආයතනයක් මෙන්ම විවේකාස්වාද හා භාණ්ඩ ප‍්‍රවාහන සේවා සපයන කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත විශිෂ්ඨ ශ‍්‍රී ලාංකීය සමාගමකි.

    Asia Securities පුද්ගලික සමාගමෙහි ආයෝජන බැංකු කටයුතු හි අනුබද්ධ සමාගමක් වන A-Sec Capital පුද්ගලික සමාගම මෙම ගණුදෙනුව සඳහා විකුණුම්කරු හා එකම උපදේශක ලෙස කටයුතු කර ඇත.