Atlas, මුල් ළමා විය සංවර්ධනයේ අභිවෘද්ධිය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්වෙයි

    May, 6, 2024

    රටක අනාගතය තීරණය වන්නේ එරට දරු පරපුරේ අනාගතය මතය. දරු පරපුරක අනාගතය තීරණය වන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය මතය. එහෙයින් රටක අනාගතය එම රටේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය මත තීරණය වන බව පැවසීම නිවැරදිය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්රී ලාංකේය දරුවන්ගේ අධ්යාපනය හා අනාගතය වෙනුවෙන් කැපවන දේශීය සන්නාමයක් වන Atlas, මේ බව මනාව අවබෝධ කරගනිමින් මුල් ළමාවිය සංවර්ධනය සඳහා සුදුසුකම් සපිරි පෙර පාසල් ගුරුවරුන් දැයට දායාද කිරීම වෙනුවෙන් පසුගියදා අධ්යාපන අමාත්යාංශය සමඟ එකඟතාවයකට එළඹෙන ලදී. ඒ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා අධ්යාපන අමත්යාංශයේ අතිරේක ලේකම් (ප්රාථමික අධ්යාපන සංවර්ධන) පී.සී.කේ. පිරිස්යාල මහත්මිය, ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්රසාද් සේතුංග මහතා, අචිනි බාලපටබැඳිගේ මහත්මිය, රුක්මාලි කාරියවසම් මහත්මිය සහ Atlas හි කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර සහ ආයතනික සන්නිවේදන ප්රධානී ඉරෝශිනී නදීකා මහත්මිය යන මහත්ම මහත්මීන්ගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල අධ්යාපන අමාත්යාංශයේදී සිදුවුණී.

    පුද්ගල ජීවිතයේ වටිනාම කාලය වන්නේ මුල් ළමාවියයි. සුවිසල් ගොඩනැගිල්ලක ශක්තිය එහි අත්තිවාරම මත රඳා පවතින්නා සේ පුද්ගලයකුගේ ජීවිතයේ සාර්ථකත්වය රැඳී පවතින්නේ ඔවුන් මුල් ළමාවියේදී ලබාගන්නා පන්නරය මතයි. ශාරීරික හා මානසික යහපැවැත්ම, ක්රියාශීලීත්වය, අනෙකාට ගරු කිරීම, විනය හා ශික්ෂණය, පාරිසරික සබැඳියාව, සමාජශීලී බව මෙන්ම කරුණාව, දයාව වැනි ජීවිතයට අවශ්ය ගුණාංගයන් රැසක ආරම්භය සිදුවන මුල් ළමාවිය ක්රමවත් මඟපෙන්වීමක් තුළින් ගොඩනැගීම අනිවාර්යය වේ. එසේ නොවුණහොත් ඔවුන්ගේ පමණක් නොව සමස්ත සමාජයේම අනාගතය බෙහෙවින් කණගාටුදායක වනු නිසැකය.

    දරුවන්ගේ මුල් ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය කිරීමට නම් පෙර පාසල් ගුරුවරුන්ගේ සුදුසුකම් සපුරාලීම අත්යාවශ්ය වේ. ඒ වෙනුවෙන් දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් හා පුහුණු වැඩසටහන් ක්රියාත්මක කරමින් දැනට පෙර පාසල් හි ඉගැන්වීම් කටයුතු සිදුකරන ගුරුවරුන් හා පෙර පාසල් සමඟ සම්බන්ධවීමට බලාපොරොත්තුවෙන් පසුවන පුද්ගලයින් සවිබලගැන්වීමට Atlas කටයුතු යොදා ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Atlas Axillia හි කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතාමෙරට දරු පරපුර පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කරන ආයතනයක් වන ඇට්ලස් ඔවුන්ට වඩා හොඳ අනාගතයක් උදාකර දීම වෙනුවෙන් කැපවී කටයුතු කරනවා. පුද්ගලයකුගේ ජීවිතයේ වටිනාම අවධිය වන්නේ මුල් ළමාවියයි. එය ඔහුගේ හෝ ඇයගේ අනාගතය තීරණය කරන ප්රධානතම සාධකය ලෙසද සඳහන් කළ හැකියි. මුල් ළමාවිය නිසි ආකාරයෙන් සංවර්ධනය වීම තුළින් සාර්ථක පුද්ගලයකු දැයට දායාද කිරීමට හැකි වන අතර එසේ නොවීම තුළින් සිදුවන්නේ අසාර්ථක පුද්ගලයකු නිර්මාණය වීමයි. මුල් ළමාවිය සංවර්ධනයේදී වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන්නේ පෙර පාසල් ගුරුවරුන්ය. එහෙයින් නිවැරදිව මුල් ළමාවිය සංවර්ධනය සිදුකිරීම වෙනුවෙන් ඔවුන් මනා පුහුණුවකින් හා දැනුමකින් සන්නද්ධ විය යුතුය. අධ්යාපන අමාත්යාංශය සමඟ ඇති කරගත් මෙම ගිවිසුම යටතේ එම මඟ පෙන්වීම, පුහුණුව හා දැනුවත් වීම අවශ්ය පෙර පාසල් ගුරුවරුන් වෙත අපගේ සහයෝගය ලබාදීමට අපි බලාපොරොත්තු වනවායනුවෙන් පවසා සිටින ලදී.

    Atlas හි ගුරු දරු සමාජ සත්කාරක වැඩසටහන යටතේ ක්රියාත්මක කිරීමට නියමිත මෙම පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන මෙරට අනාගතය වෙනුවෙන් සිදු කරන සුවිසල් ආයෝජනයක් ලෙසද සඳහන් කළ හැකිය.

    මෙහිදී අදහස් දැක්වූ අධ්යාපන අමාත්යාංශයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්රසාද් සේතුංග මහතා සඳහන් කර සිටියේමුල් ළමාවිය සංවර්ධනය නිවැරදිව සිදුකිරීම වෙනුවෙන් අධ්යාපන අමාත්යාංශය පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ හා දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීම ඉතාම කාලෝචිත කර්තව්යයක්ග මෙය සැබැවින්ම ජාතික කාර්යයක්. රාජ්ය ආයතනයක් ලෙස මෙවැනි වැඩසටහනක් ආරම්භ කිරීමට හැකිවීම අප ලද භාග්යයක්ග මෙම කාර්යභාරය සාර්ථක කරගැනීම සඳහා Atlas ආයතනය දක්වන සුවිසල් සහයෝගයට අපගේ ස්තූතිය පුදකරනවා” යනුවෙනි.

    ඒ අනුව 2024 වසරේ සිය ප්රමුඛතම සමාජ සත්කාරක වැඩසටහන ලෙස මුල් ළමාවිය සංවර්ධනයේ නියමුවන් වන පෙර පාසල් ගුරුවරුන් දැනුමින් සන්නද්ධ කිරීමට Atlas සහයෝගීතාවය දක්වනු ඇති අතර මෙරට අධ්යාපනය හා අනාගතය වෙනුවෙන් වන හොඳම ආයෝජනය ලෙසද එය ඉතිහාසයට එක්වනු ඇත.

     

    ඡායාරූප විස්තරය: වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් අධ්යාපන අමාත්යාංශයේ සහ Atlas Axillia ආයතනයේ ප්රධානීන් අත්සන්තැබීමේ අවස්ථාවට එක්වූ අයුරු.