B.B. Energy, Emirates National Oil Company බොර තෙල් හා ඩීසල් කොන්ත්‍රාත්තු දිනා ගනී

    October, 31, 2019

    2020-01-01 සිට 2020-08-31 දක්වා මාස අටක (08) කාලයක් සඳහා මර්බන් බොර තෙල් බැරල් 8,400,000ක් මිලදී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි M/s B.B. Energy (Asia) Pte. Ltd., Singapore වෙත හා 2019-10-01 සිට 2020-06-30 දක්වා මාස නවයක (09) කාලයක් තුළ ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,960,000ක් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s Emirates National Oil Company Pte. Ltd., Singapore වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.