BAM ග්‍රීන් හරිත බලයෙන් නව දැක්මක් තුළින් නව දශකයක් කරා පියනගන වගයි

    January, 16, 2020

    වසර නවයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ කීර්තිමත්ම සූර්ය බලශක්ති සමාගම වන BAM ග්‍රීන් මෙරට තුළ බලශක්ති අංශයේ උන්නතිය උදෙසා ඒ හා සම්බන්ධ සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම සේවාවන් සැපයීමටත්, සපයනු ලබන සේවාවන් හි ගුණානාත්මක භාවය තව වැඩි දියුණු කිරීමටත් මෙම වසරේ අරමුණු කරගෙන ඇත. BAM  ග්‍රීන් ආයතනය බමුණුආරච්චි පදනම හා එකාබද්ධව  අලුතින් ඉදිවන හෝමාගම හරිත නගර සංවර්ධන ව්‍යාපෘතියට මී පැල 2000ක් පරිත්‍යාග කර ඇති අතර  BAM  ග්‍රීන් හෝල්ඩින්ග්ස් සහ එහි අනු සමාගම් සතු භූමි වල තවත් 3000කට අධික මී පැල රෝපණය කිරීමට නියමිතය.

    හෝමාගම හරිත නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා මී පැල 2000ක් බෙදා දීමේ උත්සවය සඳහා 2000 කට අධික පිරිසක් සහභාගී විය. 2020 නව වසර ශ්‍රී ලංකාව නව දැක්මකින් නව දශකය කරා පියනගන ආකාරය ඉතා ආදර්ශමත් ලෙස විදහා පෙන්වීමට BAM ග්‍රීන් ආයතනය බමුණුආරච්චි පදනම හා එකාබද්ධව ක්‍රියාත්මක කරන ලද පළමු ව්‍යාපෘතිය මෙය වේ. මෙයට සහභාගී වූ සැමට ස්භාවිකව දිරාපත් වන "හරිත බෑගයක්" ලබාදීමද සිදු කරනු ලැබූ අතර මෙම හරිත බෑගයේ සුවිශේෂීයත්වය නම් බැක්ටීරියා හෝ වෙනත් ජීවීන් විසින් දිරාපත් කල හැකි නිසා පරිසර දූෂණයක් සිදු නොවීමයි.

    BAM ග්‍රීන් මී ශාකය තෝරා ගැනීමට විශේෂ හේතුව වුයේ මී ගස මිශ්‍ර පතනශිලී වනන්තර වල පහසුවෙන් දක්නට ලැබීම හා අවම වශයෙන් මීටර් 20ක් පමණ උසට වර්ධනය වීමත්ය. මීට අමතරව, මෙම ගසේ සෑම කොටසක්ම බහුකාර්ය සම්පතක් ලෙස භාවිතා කරන අතර සම රැකවරණ ආලේපන, කෑම පිසීමට භාවිතා කරන තෙල් මෙන්ම විවිධ ඩිටර්ජන්ට් වර්ග නිෂ්පාදයට, පොහොර වර්ග නිෂ්පාදයට, මධ්‍යසාර, ආහාර සහ  ඖෂද ලෙසත් භාවිතයට ගනී. මී ශාකය නිර්මාණය වී ඇති විශේෂ සංයෝග සැකැස්ම නිසා පසට දියවී ඇති රසායනික බැරලෝහ  අවශෝෂණය කිරීම සහ ඔක්සිජන් සෑදීම දෙගුණ කිරීමට ක්‍රියා කරයි. බොහෝ ගෝත්‍රික ප්‍රජාවන් විසින් මී ශාකය වන්දනාමාන කරනුයේ එහි ඇති ප්‍රයෝජනය නිසාවෙනි.

    මෙගාවොට් 10 ට හෝ ඊට වඩා වැඩි  පරිමාණයේ බලශක්ති ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදිකිරීම් (EPC) කොන්ත්‍රාත්කරුවෙකු වීමේ දැක්ම ඇතිව ගෙවන මුදලට ඉහළ වටිනාකමක් සහිතව නවීන තාක්‍ෂණයන් යොදා ගනිමින්, BAM ග්‍රීන් රටේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉතා සාර්ථක  සන්ධිස්ථාන රාශියක් පසු කර ඇත. පළමු නෙට් ප්ලස් පද්ධති, පළමු දෙමුහුන් ව්‍යාපෘති, මහා පරිමාණ ව්‍යාපෘති වැඩිම සංඛ්‍යාවක් ස්ථාපනය කිරීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට ද මෙගාවොට් 15 කට ආසන්න ප්‍රමාණයකින් දායකවීම මේ සාර්ථක ගමන් මඟෙහි විශේෂ සංධිස්ථාන ලෙස දැකිය හැක. BAM ග්‍රීන් ලොව හොඳම තත්ත්වයේ photovoltaic සූර්ය පැනල සහ ඉන්වර්ටර් මෙරට වෙළදපොලට සපයන අතර ඔන් ග්‍රිඩ්, ඕෆ් ග්‍රිඩ් සහ හයිබ්‍රිඩ් පද්ධති මෙන්ම ගෘහස්ථ හා කාර්මික යන දෙඅංශයේම Standalone ආලෝකකරණ පද්ධති වැනි ශ්‍රී ලංකාවේ කර්මාන්ත සඳහා විප්ලවීය බලශක්ති විසඳුම් සපයන ආයතන අතුරින් අංක එකේ ආයතනය වි හමාරය.

    සීමාසහිත BAM ග්‍රීන් (Pvt) Ltd හි කළමණාකාර අධ්‍යක්ෂ හේමන්ත මුනසිංහ මහතා සඳහන් සඳහන් කර පරිදි, ඉදිරි වසර සඳහා විශිෂ්ඨ සේවාවක් ලබා දීම සඳහා කෘතිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්‍ෂණය භාවිතා කිරීමට BAM ග්‍රීන් ආයතනය බලාපොරොත්තුවෙන් සිටී. දැනට සිටින ගනුදෙනුකරුවන් හට නිවැරදිව හා කාර්යක්ෂමව සේවා පහසුකම් සැපයීමට මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීම් සමාගමට හඳුන්වාදීමට තීරණය කර ඇත. විශේෂයෙන් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියා පටිපාටි සහ පරිසර හිතකාමී පරිසරයක් ගොඩනැගීම යන අරමුණු මූලික කොට බලශක්ති නිපදවීමෙන් වායුගෝලයට මුදා හරින කාබන්ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය අඩු කිරීමත්,  2020 දී බලශක්තිය නිපදවීමෙන් නිර්මාණය වන අපද්‍රව්‍ය අවම කිරීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කිරීමට BAM ග්‍රීන් ආයතනය  බලාපොරොත්තුවේ. අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රායෝගික හා නිසි පිළියමක් ලබා දෙමින් නුදුරු අනාගතයේ දී විවිධත්වයන් රාශියක් සිදු කිරීමට උපරිම උත්සහයක් දරන බව හේමන්ත මුනසිංහ මහතා වැඩි දුරටත්  අදහස් දක්වමින් ප්‍රකාශ කලේය.

    සීමාසහිත BAM ග්‍රීන් (Pvt) Ltd සමාගමේ සාමාන්‍යාධිකාරී / අලෙවිකරණ අංශ ප්‍රධානී දිනේෂ් ජයරත්න මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ BAM ග්‍රීන් ආයතනය විසින් ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන්නේ බලශක්ති තිරසාරභාවයෙන් යුතුව නිසි පරිදි භාවිතා කිරීම වේ. එමෙන්ම බලශක්ති සැපයුම් අංශයේ පුරෝගාමියා ලෙස, අද්විතීය, ගුණාත්මක බලශක්තිය නිෂ්පාදනයත්, ඒ හා සම්බන්ධ සේවාවන් රැසක් ලබා දීමෙන් වටිනා ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සාර්ථකව සුරක්ෂිත කර ගැනීමට ඇපකැප වී කටයුතු කරන බවයි. තවද BAM ග්‍රීන් ආයතනය 2020 නව වසරේ දී අති නවීන බලශක්ති විසඳුම් රැසක් වෙළඳපොළට හඳුන්වා දීමට අපේක්ෂා කරගෙන ඇත. පැහැදිලි බලශක්ති සැපයීමේ ගමනේ ආරම්භයේ සිටම රටේ වඩාත්ම කීර්තිමත් සහ විශ්වාසදායක ආයතනයක් වන BAM හෝල්ඩින්ග්ස් හි සහාය BAM ග්‍රීන් ආයතනය හට ලැබීම ඇත්තෙන්ම ආශීර්වාදයක් බව දිනේෂ් ජයරත්න මහතාගේ අදහසයි.