BASF කර්මාන්ත ශාලාවක් ශ්‍රී ලංකාවේ දී විවෘත වෙයි

    August, 25, 2016

    ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය කෙරෙන රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනයේ යෙදෙන ලොව ප්‍රමුඛ සමාගමක් වන BASF, සිය නවතම නිෂ්පාදන කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය. ජර්මනිය මූලස්ථානය කර ගත් BASF හි කර්මාන්ත ශාලාවක් මෙලෙසින් ශ්‍රී ලංකාවේ දී වැඩකටයුතු අරඹන්නේ පළමු වරටය. මීට පෙර දකුණු ආසියානු කලාපයේ ඉන්දියාවේ, පාකිස්තානයේ සහ බංග්ලාදේශයේ දී තම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට BASF පියවර ගෙන තිබේ.

    මෙම නව කර්මාන්තශාලා පරිශ්‍රය තුළ කාර්යාලයක්, ගබඩා සංකීර්ණයක් සහ අති නවීන තාක්ෂණයෙන් යුකු පර්යේෂණාගාරයක් ස්ථාපිත කර ඇත.

    කොළඹට තදාසන්නව සපුගස්කන්ද ප්‍රදේශයේ විවෘත කෙරුණු මෙම නිෂ්පාදන කර්මාන්ත ශාලාව, කොළඹ වරායට හා අධිවේගී මාර්ග ජාලයට ආසන්නව පිහිටා තිබීම නිසා ඉතා පහසුවෙන් දිවයින පුරා සිටින සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට සමත්වනු ඇතැයි සමාගම පවසා සිටී.

    BASF සිය නිෂ්පාදිත වෙළෙඳපොළට එක්කරනුයේ Master Builders Solutions සන්නාමය යටතේය.

    ඡායාරූපය - BASF ඉන්දියා හි ප්‍රධාන සාමාන්‍යාධිකාරී සහ BASF South Asia හි ප්‍රධානී ආචාර්ය රමන් රාමචන්ද්‍රන් විසින් සපුගස්කන්දේ පිහිටි කර්මාන්ත ශාලාව විවෘත කළ අවස්ථාව