සුරූපී කේට් හා තරුණ පැකර් දිවිගෙවූ බෝන්ඩි මාළිගය විකුණයි

    August, 13, 2014

    කැසිනෝ රජෙකු ලෙස ලොව ප්‍රකට ජේම්ස් පැකර් මෙතරම් සල්ලිකාරයෙකු වීමට පෙර තරුණ වියේදී මිලදීගත් ඔහුගේ මුල්ම නිවස ලෙසින් සැලකෙන මනරම් බෝන්ඩි වෙරළ නිවාසය (Bondi Beach home) ඩොලර් මිලියන 07 කට විකුණූ බව වාර්තා වේ.

    වෙරළ තීරයට මායිම් වන මෙම සුන්දර නිවස ඉදිකර තිබෙන්නේ 1990 මැද භාගයේදීයි.

    වර්ග මීටර 210 ක් වන නිවස ජේම්ස් පැකර් විසින් එකළ සිය හිතවතිය වූ ඕස්ට්‍රේලියානු නිළියක සහ නිරූපිකාවක වන Kate Fischer වෙත 1998 දී පවරා තිබුණු අතර ඇය 2000 වසරේදී එය විකුණා ඇත. මෙවර මෙම විකිණීම කර තිබෙන්නේ නිව් යොර්ක් නුවර පදනම් කරගත් Lochtenberg පවුල බව සඳහන්ය.

    ජේම්ස් පැකර් සහ Kate Fischer විසින් මෙම නිවස 1995 දී මිලදීගෙන තිබෙන්නේ ඩොලර් 425,000 කටයි.

    සේයාරූ- තරුණ පැකර්, කේට් සමග එකට 1998 දී/ මනරම් බෝන්ඩි වෙරළ නිවාසය
    bbo