Breaking News- කොටස් පොළ කඩඉමක් පනී

    August, 14, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය (ASPI) මීට සුළු මොහොතකට පෙර ඒකක 7000 සීමාව පසුකිරීමට සමත්වී තිබේ.

    මීට පෙර සමස්ත මිල දර්ශකය ඒකක 7000 සීමාව පසුකර තිබුණේ 2011 අගෝස්තු මාසයේදීයි.

    ඊයේ ගනුදෙනු අවසන් වනවිට සමස්ත මිල දර්ශකය ඒකක 6.24 කින් ඉහළ ගොස් ඒකක 6,954.14 ක්වී තිබුණි.