Breaking News -මෙන්න! ලංකා හොස්පිට්ල්ස් අළුත් සභාපති

    February, 20, 2015

    ලංකා හොස්පිට්ල්ස් හි, නව සභාපතිවරයා ලෙස වෛද්‍ය සරත් පරණවිතාන මහතා පත්කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අප සමග සඳහන් කළේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කීනියාවල පාලිත හිමි, දිලානි ලොකුහෙට්ටි ඇතුළු 13 දෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක්ද ලංකා හොස්පිට්ල්ස් සඳහා නම්කර තිබෙන බවත් ඉදිරි දින කිහිපයේදී එම අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනය කළ හැකි බවයි.

    පසුගිය රජය සමයේ ලංකා හොස්පිට්ල්ස් හි, සභාපති ධූරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් ඉවත්වීමෙන් පසුව ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා ලංකා හොස්පිට්ල්ස් සභාපති ධූරයට පත්කර තිබුණි.