CAL Online – ශ්‍රී ලංකාවේ ගනුදෙනුවල නව යුගයක උදාව

    February, 2, 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පූර්ණ සේවා ආයෝජන බැංකුවක් වන සීමාසහිත කැපිටල් එලායන්ස් (CAL), ශ්‍රී ලංකාවේ මුල්‍ය වෙළඳපොළ තුල නව පිටුවක් දිගහැරීමට සැරසෙයි. අද ලෝකයේ ජනතාවට සිය ජංගම දුරකථන හෝ ටැබ්ලට් පරිගණක උපාංග හරහා කළ නොහැකි දෙයක් නැති තරම්ය. තම ඊ- තැපෑල පරීක‍ෂා කිරීමේ සිට, සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වී සිටීම සහ නගරයෙන් පිටත සිටින විට නිවසේ විදුලි පහන් නිවාදැමීම දක්වා කරුණු සඳහා ඔවුන්ගේ ජංගම උපාංග වෙත ජනතාව දැඩි ලෙස බැඳී සිටිති. මෙම ලැයිස්තුවට නව සහ සුවිශේෂී ජංගම පහසුකමක් එක් කරමින් සීමාසහිත කැපිටල් එලායන්ස් විසින් ‘CAL ONLINE’ දියත් කර ඇත.

    ‘CAL ONLINE’ ඔබගේ වෙළඳ සහ ආයෝජන අවශ්‍යතා ඇඟිලි තුඩු වලින් ඉටුකර දීමේ පහසුකමකි. මෙම පහසුකම මගින් කොටස් ගනුදෙනු සහ ණය වෙළඳපොළ තොරතුරු ඔබගේ ඇඟිලි තුඩු මතට ගෙන එන අතර ඔබගේ ජංගම දුර කථනය හෝ ටැබ්ලට් පරිගණකය හරහා සීමාරහිතව සහ තත්කාලීනව ගනුදෙනු කිරීමේ හැකියාව ලබා දෙයි.

    භාවිතා කරන්නන් හට කොටස්, බැඳුම්කර හෝ CAL ඒකක භාරයන් පිළිබඳ දත්තයන් වෙත ප්‍රවේශ වීමට සීමාසහිත කැපිටල් එලායන්ස් සමග ගිණුමක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැත. කෙසේ වෙතත්, CAL ගිණුම් හිමියන් සඳහා ක්ෂණිකව ගනුදෙනු කිරීමේ හැකියාව, ගනුදෙනු කරුවන් සඳහා ආයෝජන නිර්දේශ තත්කාලීනව ලබාදීම සහ තම පුද්ගලික ආයෝජන ගොනු කළමනාකරණය කිරීමේ හැකියාව වැනි සුවිශේෂී පහසුකම්ද ලැඛෙනු ඇත.

    මෙම පහසුකම දියත් කිරීමත් සමගම ජංගම දුරකථනයක් ඇති ඕනෑම අයෙකුට ඕනෑම අවස්ථාවක පවතින ගණුදෙනු සහ ආයෝජන පිළිබඳව පරීක‍ෂා කළ හැකිය. ඔබ වැදගත් රැස්වීමක හිරවී සිටින විට හෝ ගමන් කරන විට වැනි කැමති ඕනෑම වේලාවකදී, ඔබගේ ආයෝජන සමග රැඳී සිටිමින් මිලදී ගැනීමට, විකිනීමට හෝ හුදෙක් ඒවා පිළිබඳව දැනුවත් වීමට ඔබට හැකියාව ලැඛෙන ඇත. ‘CAL ONLINE’ අතරමැදියන් ගෙන් තොරව ඔබගේ අභිමතය පරිදි ප්‍රාග්ධන වෙළඳපොළ වෙත ප්‍රවේශවීමේ නිදහසද ඔබට ලබා දෙයි.

    “ශ්‍රී ලංකාව තුල ආයෝජන හා මුල්‍ය වෙළඳපොළ නිම් වළලූ පුළුල් කරමින් මෙවැනි සීමා මායිම් නොමැති ඒකාබද්ධ ‘ඔන්ලයින්‘ පහසුකමක් ලබාදීමේ ප්‍රථමයින් වීමට ලැබීම ගැන අපි ඛෙහෙවින්ම ආඩම්බර වෙමු. විනිවිදභාවයේ මෙන්ම ආයෝජකයින් බලගැන්වීමට හැකි ක්‍රමවේදයක කාලීන අවශ්‍යතාවයක් පවතින අතර මෙම පහසුකම මගින් එම අවශ්‍යතාවය සපුරනු ඇති බව අපගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ වත්මන් මුල්‍ය වෙළඳපොළ තුල ක්‍රියාශීලී බලවේගයක් බවට පත්වීමේ හැකියාව අපට ලැබී ඇත්තේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා සමග සුසරවීමේ සහ සන්ධාන ගතවීමේ අපගේ මෙම හැකියාව නිසාය” යනුවෙන් සීමාසහිත කැපිටල් එලායන්ස් ආයතනයේ කලමණාකාර අධ්‍යක‍ෂ අජිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ හා නිෂ්පාදන නව්‍යකරණයන් විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක කරමින් ඒවායේ ප්‍රතිඵල නිරන්තරයෙන්ම ලබාදීම නිසා සීමාසහිත කැපිටල් එලායන්ස් වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස කීර්තියක් ගොඩනගාගෙන ඇත. ‘මුල්‍ය වෙළඳපොළෙහි වැඩිම අභිරුචියක් ඇති සහකරුවා‘ වීමේ සමාගමෙහි ආචාරවිධිය ගොඩනැගී ඇත්තේ සිය ගනුදෙනුකරුවන්, නියාමනකරුවන් සහ වගකිවයුත්තන් අතර එක හා සමානව ගැඹුරු හා සමීප සබඳතාවයන් ගොඩනගා ගැනීම මතය.

    CAL Online ඇප් ස්ටෝර් සහ ගූගල් ප්ලේ (App Store and Google Play) වල iOS සහ ඇන්ඩ්‍රොයිඩ් වේදිකා භාවිතයෙන් ලබාගත හැකිය.