මහ බැංකුව නව මාර්ගෝපදේශ නිකුත් කරයි මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය ලීසිං ආයතන විසින් මෝටර්රථ වාහන සඳහා මූල්‍ය පහසුකම් සැපයීමේ දී අනුගමනය කළ යුතු ක්‍රමවේද යාවත්කාලීන කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව මාර්ගෝපදේශ සංග්‍රහයක් ඊයේ (17) දින නිකුත් කර තිබේ. 2018 පෙබරවාරි 08 දින නිකුත් කරන ලද මාර්ගෝපදේශයන් යාවත්කාලීන කරමින්…
නව වෙළෙඳපොළ අවස්ථා සොයා බැලේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ තේ කර්මාන්තය හා සම්බන්ධ ආයතනවල නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී ඊයේ (17) පැවැත්විණි. මෙරට තේ කර්මාන්තය ආශ්‍රිතව මතු වී ඇති ගැටලු සම්බන්ධව මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණු අතර තේ දලුවල ගුණාත්මකභාවය සහ තේ වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම, නව අන්තර්ජාතික වෙළෙඳපොළ අවස්ථා සෙවීම ආදී…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද (18) දිනයේ දී ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ශ්‍රී ලංකාවේ නියෝජිතයන් එක්වන සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත. දෙරට අතර වෙළඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා…
ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශයට සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසයි ඒ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසිමකදී දුම්රිය සාමාන්‍යාධිනාරි ධම්මික…
1959 අංක 16 දරන ශ්‍රී ලංකා තේ (අපනයන බදු සහ පාලන) පනත යටතේ වන නියෝගයකට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා (15) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. ඒ අනුව තේ කිලෝග්‍රැම් 1ක් මත රු.3/- ක බලපත්‍ර ගාස්තුවක් ගෙවීමටද එම බලපත්‍ර ගාස්තුව…
බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කරන ලදී. මෙම නියෝජිත කාර්යාලය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ…
අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැඩි උච්ඡාවචනයක් දක්නට ලැබුණු අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8.11කින් පහළ ගොස් ඒකක 18,876.85 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 37.53 කින් පහළ ගොස් ඒකක 5,630.59 ක් ලෙසින් වාර්තා විය. අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6.20 කි….
තව නොබෝ දිනකින් කොළඹදී අති උත්කර්ෂවත් ලෙස විවෘත කිරීමට නියමිත දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී වන බවට මීට පෙර දැනුම් දී තිබුණි. එහෙත් නොවැළැක්විය හැකි හේතුවක් මත ෂාරුක් ඛාන් එම සුවිශේෂී අවස්ථාවට සහභාගී නොවන…
TikTok සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමිත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් ඊයේ (16) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.ඩිජිටල් අධ්‍යාපනය පිළිබඳ දැනුම ලබා දීම සඳහා විධිවිධාන, පර්යේෂණ සහ…
ජාත්‍යන්තර සූර්ය බලශක්ති සන්ධානයේ (ISA) ආසියා සහ පැසිෆික් කලාපීය කමිටුවේ හත්වන සමුළුවේ දෙවන දිනය ජුලි මස 16 දින කොළඹ ICT රත්නදීප හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණ. “විවිධත්වයෙන් හා අවස්ථාවන්ගෙන් පිරි කලාපයක් හරහා සූර්ය බල ශක්ති සහයෝගීතාව ඉදිරියට ගෙන යාම” යන තේමාව යටතේ පැවති මෙම සැසිවාරයේ සම සභාපතිත්වය ශ්‍රි ලංකාව දැරීය ….
Video Story