Top News

නිමල් සිරිපාලගේ සහ ඩිලාන්ගේ ආසන පරාදයි

රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නිමල් සිරිපාල ද සිල්වා සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් නියෝජනය කරන ආසන දෙක ඌව පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වීම කැපී පෙනේ. මේ අනුව, වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා නියෝජනය කරන බදුල්ල ආසනය ඡන්ද 6098 කින්ද විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා නියෝජනය කරන හාලිඇල ආසනය ඡන්ද 2796 කින්ද…

(0)Comments | September 22, 2014 1:14 am

පුරාණයේ සිටම වෙළඳ නගරයක් වන ගාල්ලට තවත් දායාදයක්

ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම්කළ ඓතිහාසික ගාලු කොටුවේ තිබෙන ලන්දේසි රෝහල නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කිරීමෙන් පසුව නවීන සාප්පු සංකීර්ණයක් ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළේය. මෙම විවෘත කිරීමේ උත්සවය ඊයේ සන්ධ්‍යාවේ අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි. මෙය ඓතිහාසික ගරු ගාම්භීරත්වය සුරැකෙන පරිදි නවීකරණය කර තිබෙන අතර අත්කම්, චිත්‍ර, කුළුබඩු, ස්වර්ණාභරණ, මැණික්,…

(0)Comments | September 21, 2014 6:53 am

කොල්ලුපිටියේ තිබූ පී.සී. හවුස් දේපොළ හැටන් නැෂනල් බැංකුව පවරාගනී

මූල්‍ය අර්බුදයකට පත්ව තිබෙන පී.සී. හවුස් පී.එල්.සී. සමාගමේ අංක 451, ගාලුපාර, කොළඹ 03 ස්ථානයේ තිබූ පරිශ්‍රය පරාටේ බලය භාවිතා කරමින් හැටන් නැෂනල් බැංකුව විසින් සම්පූර්ණයෙන්ම පවරාගෙන තිබේ. මේ පිළිබඳව අප පී.සී. හවුස් ප්‍රධානී, එස්.එච්.එම්. රිෂාන් මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ ඒ පිළිබඳව තමා නොදන්නා බවත් ඒ ගැන සොයා බලා ඉදිරියේදී පිළිතුරක් දිය හැකි බවයි. පරිගණක…

(0)Comments | September 19, 2014 1:03 pm

අතර මගට ගිය පිටත වටරවුම් මාර්ගය අවසන් කඩුල්ල පනී

පිටත වටරවුම් මාර්ගයෙන් කොට්ටාවේ සිට කටුනායක අධිවේගී මාර්ගය දක්වා ගමන් කිරීමට තවමත් හැකියාව ලැබී නෑ. ඒ මෙම මාර්ගයේ දෙවන කොටසේ හා තෙවන කොටසේ ඉදිකිරීම් අවසන් කර නොමැති නිසයි. කඩුවෙල සිට කඩවත දක්වා දෙවන කොටසේ ඉදිකිරීම් ආරම්භ කර තිබුණත් තෙවන කොටස වූ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටසේ ඉදිකිරීම් ආරම්භ කිරීමට නොහැකිවූයේ ඒ සඳහා ණය පහසුකම් සම්පාදනය…

(0)Comments | September 18, 2014 4:16 am

ඩොලර් වෙනුවට යුවාන් ගිවිසුම ගැන මහ බැංකු අධිපතිවරයා කතා කරයි

චීන මහ බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර අත්සන් කළ අන්‍යෝන්‍ය මූල්‍ය ඒකක හුවමාරු කිරීමේ ගිවිසුම (Swap Agreement) මගින් දෙරට අතර යුවාන් සහ රුපියල් වලින් ගනුදෙනු කිරීම ප්‍රවර්ධනය කිරීමට අරමුණු කර තිබෙන බවත් චීන වෙළඳ සබඳතා තර කර ගැනීමට මෙය පිටුවහලක් වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. අප සමග අදහස් දක්වමින්…

(0)Comments | September 17, 2014 8:00 am

ලංකා බැංකු නිකුතුව ගොඩ

ලංකා බැංකුව විසින් සිදුකළ ණයකර නිකුතුව සඳහා රුපියල් බිලියන 08 කට වැඩි අධි ඉල්ලුමක් ඇතිවී නිකුතුව ඊයේ (16) සවස 4.30 ට අවසන් කළබව බැංකුව කියයි. ලංකා බැංකුව ණයකර නිකුතුවක් මගින් මුල් අදියරේදී රුපියල් බිලියන 04 ක මුදලක් රැස්කිරීමට කටයුතු කළ අතර එම නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් ණයකර නිකුතුවේ දෙවන අදියරද සිදුකරමින් තවත් රුපියල් බිලියන…

(0)Comments | September 17, 2014 6:03 am

ඉන්ධන සහ විදුලි බිල අඩුකළ රහස

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීමෙන් පසුව මෙගාවොට් 900 ක විදුලිය ධාරිතාවයක් එම බලාගාරයෙන් ලැබීමත්, ඌව පළාත් සභා මැතිවරණය සහ එළඹෙන ජනාධිපතිවරණය හමුවේ ජනතාවගෙන් වැඩි කැමැත්තක් දිනා ගැනීමේ අරමුණත් ඇතිව රජය විසින් විදුලිය,පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මිල ගණන් වහාම අඩුකිරීමට පියවර ගෙන තිබේ. මෙම අඩුකිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනය කළ අතර මෙහිදී…

(0)Comments | September 17, 2014 1:26 am

නොරොච්චෝලේ බලාගාරයේ විශ්වාසය වැඩිකළා – ප්‍රධාන කොන්ත්‍රාත්කරු කියයි

මෙරට විශාලතම විදුලි බලාගාර ව්‍යාපෘතිය වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි අදියර විවෘත කිරීමේ අද පස්වරුවේ නොරොච්චෝලේ පැවති උත්සවය අමතමින් බලාගාරයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වන China Machinery and Engineering Corporation (CMEC) සමාගමේ නියෝජිතයෙකු පැවසුවේ බලාගාරයේ විශ්වසනීයත්වය තිබුණාට වඩා මේ වනවිට වැඩිකර තිබෙන බවයි. මෙම බලාගාරය පසුගිය කාලයේදී කිහිප අවස්ථාවකදීම අක්‍රීය වූ අතර එවිට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා…

(0)Comments | September 16, 2014 1:32 pm