කාම්බෝජයේ ක්ෂුද්‍ර මූල්‍යයන සමාගමක් වන TPC (Thaneakea Phum Cambodia) සමාගමේ කොටස් සියයට 60 ක් ඩොලර් මිලියන 20.3 ක මුදලකට මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC විසින් මිලදී ගනී. LOLC විසින් මෙම මිලදීගැනීම කර තිබෙන්නේ සමාගමට පූර්ණ අනුබද්ධ LOLC මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මගින් වන අතර මෙම මිලදී ගැනීමට අදාළව දෙරටේම බළධාරීන්ගෙන් අදාළ අනුමැතියන් LOLC විසින් ලබාගෙන…
වසර 28 කට පසුව චීන ජනාධිපතිවරයෙකු මෙරටට පැමිණීම සනිටුවහන් කරමින් දෙදින නිළ සංචාරයක් සඳහා අද මෙරටට පැමිණෙන චීන ජනාධිපති Xi Jinping මහතාගේ ප්‍රමුඛතම අවධානය යෝජිත ශ්‍රී ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුමේ අවසන් එකඟතාවයන්ට එළඹීම සඳහා වෙන්වනු ඇතැයි අනාවරණය වේ. මෙම නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමට අදාළ ශඛ්‍යතා අධ්‍යනය දෙරට විසින්ම අවසන් කර තිබෙන අතර එයට චීන…
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙරට ආර්ථික වර්ධනය පිළිබඳ නවතම දත්ත හෙළිදරව් කර තිබෙන අතර 2014 දෙවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 2013 අදාළ කාර්තුවට සාපේක්ෂව සියයට 7.8 ක් බව අනාවරණය කර තිබේ. මෙහිදී, කෘෂි කාර්මික අංශය සියයට 10.6 කින්ද, කර්මාන්ත අංශය සියයට 31.5 කින්ද, සේවා අංශය සියයට 58 කින්ද දළ දේශීය නිෂ්පාදිතයට…
පීපල්ස් ලීසීං ඇන්ඩ් ෆයිනෑන්ස් සමාගම විසින් නිකුත් කළ එකක් රුපියල් 100 ක් වන බැඳුම්කර මිලියන පහලොවේ නිකුතුව සඳහා රුපියල් බිලියන තුනක් ඉක්මවන අධි ඉල්ලුමක් ඇතිවී තිබේ. මේ නිසා, නිකුතු කළමනාකරුවන් සඳහන් කරන්නේ මෙය අද සවස 4.30 ට අවසන් කරන බවයි. නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවුවහොත් තවත් බැඳුම්කර මිලියන 15 ක් නිකුත් කරන බව සමාගම මීට…
සේවක අර්ථ සාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළඳ පොළේ සිදුකර තිබෙන ඇතැම් ආයෝජන දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබෙද්දී මහ බැංකුව පවසා තිබෙන්නේ අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ සිදුකර තිබෙන ආයෝජනවල විකුණා නොමැති කොටස් වලින් සැප්තැම්බර් 11 වනදා වනවිට රුපියල් බිලියන 10 කට වැඩි ශුද්ධ ලාභයක් (net unrealized profits) ලබා තිබෙන බවයි. මෙහි unrealized…
ආහාර භාවිතය සම්බන්ධයෙන් ජපාන වැසියන් දැඩි සැලකිල්ලක් දක්වයි. පොල්තෙල් ආහාරයට ගැනීම නිසා වයස් ගතවන විට ඇල්සයිමර් නැමති රෝගයට ගොදුරුවීම අවම වන්නේ යැයි ජපාන විද්‍යාඥයෙකු විසින් සොයාගෙන තිබෙන නිසා ජපාන වැසියන් මේ වනවිට පොල්තෙල් කෑමට වැඩි නැඹුරුවක් දක්වා ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අප සමග සඳහන් කළේය. මේ නිසා, ලංකාවේ පොල් තෙල්…
Amethyst Leisure (Pvt) Limited සමාගමට අයත් පළමු හෝටලය වන 2011 වසරේ පාසිකුඩාහි, අක්කර 10 ක භුමි භාගයක ඉදිකළ Amethyst Resort නැමති සුන්දර හෝටලය මිලදීගැනීම සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වය දෙන එයිට්කන් ස්පෙන්ස් සමාගම සූදානම් වන්නේ යැයි ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ. මෙම මිලදී ගැනීමට අදාළව මේ වනවිටත් සාකච්ඡා…
එකක් රුපියල් 15 ක් වන නව සාමාන්‍ය කොටස් මිලියන 54.9 ක් හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නිකුත් කිරීමට ඔරියන්ට් ගාමන්ට්ස් පී.එල්.සී. සමාගම තීරණය කර ඇත. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද මෙම තීරණය ගෙන තිබෙන අතර මේ තුළින් රැස්කර ගැනීමට යන මුදල රුපියල් මිලියන 810 කට ආසන්න වේ. දැනට තිබෙන සාමාන්‍ය කොටස් එකක් වෙනුවෙන් නව සාමාන්‍ය…
එංගලන්තයේ Wilkins Group නැමති සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 03 ක පමණ ආයෝජනයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාවරමණ්ඩියේ අති නවීන ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ගොඩනැගීමට සූදානම් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා Wilkins Spence Sri Lanka යනුවෙන් සමාගමක් පිහිටුවා තිබෙන අතර පසුගියදා මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කරන ලදී. වර්ග අඩි 40,000 කින් සමන්විත මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට සැලසුම් කර…
Video Story