Top News

විදෙස් සංචිත ඉහළට

ශ්‍රී ලංකාව සතු විදේශීය සංචිතවල වටිනාකම මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 250 කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 6.1 ක විදෙස් සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව තිබෙන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තාවලට…

(0)Comments | July 8, 2016 10:43 am

නවතම නිසාන් 2017 Pathfinder SUV එළිදකී

සිය නවතම නිසාන් 2017 Pathfinder SUV මෝටර් රථය එළිදැක්වීමට නිසාන් සමාගම පියවර ගෙන තිබේ. මගීන් 7 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මෙම රථය නවීන තාක්ෂණික හා ආරක්ෂිත උපාංගවලින් පරිපූර්ණ රථයක් බව සමාගම කියා සිටී. Two-wheel සහ Four-wheel ධාවන මාධ්‍ය ද්විත්වයෙන්ම එළිදකින මෙම නවතම නිසාන් 2017 Pathfinder SUV මෝටර් රථය S, SV, SL හා Platinum…

(0)Comments | July 8, 2016 8:11 am

Hire1 මෙරට නැගී එන ව්‍යවසායකයා ලෙස කිරුළු දරයි

මෙරට ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නවමු ප්‍රවේශයක් ඔස්සේ ශ්‍රී ලාංකේය ලොජිස්ටික්ස් සේවා ක්ෂේත්‍රය පෙරළිකාර වෙනසකට ලක් කළ Hire1 සමාගම, 2016 Venture Engine සම්මාන උළෙලේදී ඉහළ ම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙවර සම්මානය සඳහා නිර්දේශිත නාමයන් 200 කට අධික සංඛ්‍යාවක් අතරින් ජූරියේ අවසන් නාම දහය අතරට එක් වූ Hire1 සමාගම, එහිදී සමස්ත ජයග්‍රාහකයා ලෙස…

(0)Comments | July 8, 2016 6:11 am

බදු ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස්විය යුතුයි – CCC ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ කියයි VIDEO

දැනට පවතින බදු ක්‍රමය අනුව 80% ක් වක්‍ර බදු ලෙසත් 20% ක් සෘජු බදු ලෙසත් අයකර ගන්නා බවත් මෙම ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතු බවත් ලංකා වාණිජ මණඩලයේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. වත්මන් ගෝලීය හා දේශීය ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ විවරණයකට අද දෙරණ සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා…

(0)Comments | July 8, 2016 5:15 am

කොළඹ කොටස් පිම්මේ දුවයි – විදෙස් ආයෝජනත් ඉහළට

කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළ පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වූ අතර මිල මට්ටම්වල ඉහළ යාමක් ද අද දින වාර්තාවිය. සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 30.30 කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,310.69 ක් ලෙසින් සටහන් විය. අද දින දෛනික පිරිවැටුම රුපියල් මිලියන 960.89 ක්වූ අතර එහිදී…

(0)Comments | July 7, 2016 6:33 pm

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම අපේ ආර්ථීකයට සුවිශේෂී බලපෑමක් නැහැ

කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ “ලෝකයේ කාලයෙන් කාලයට මෙවැනි සිදුවීම් ඇති වෙනවා. නමුත් එවැන්නකින් අපේ ආර්ථීකයට විශාල බලපෑමක් ඇතිකළ නොහැකියි. ජාත්‍යන්තර සිදුවීම් මත වෙනස් වන ආර්ථීකයට වඩා වැදගත් වන්නේ ශක්තිමත් දේශීය ආර්ථීකයක් ගොඩනැගීමයිග ඒ සඳහා මෙරට ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම හැර වෙන විසඳුමක් නෑග අනික එවැනි තත්වයන්ට මුහුණදීමට දෙවැනි විසඳුමකට අනිවාර්යෙන්ම යා යුතු” යැයි…

(0)Comments | July 7, 2016 10:52 am

මාර්ග සංවර්ධන අධිකාරිය අධිවේගී මාර්ගය දෙපස පැළ වගා කිරීමේ සතිය ප්‍රකාශයට පත් කරයි

තිරසාර සංවර්ධනය සඳහා තමන් දක්වන දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස පැළ වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු සහ කළමනාකරණ අංශයේ ආරාධනය පරිදි පැළ සිටුවීමේ සතිය සමග අත්වැල් බැඳ ගනිමින් වාණිජ වනවගා ක්ෂේත්රයේ ප්‍රමුඛත ම සමාගමක්වන සදාහරිත වැවිලි සමාගම එම ව්‍යාපෘතිය සඳහා ඇක්විලාරියා පැළ…

(0)Comments | July 7, 2016 10:31 am

රජයේ මූල්‍ය විනය නිසා ජනතාවගේ බදු බර කෙටි කලකින් ඉවත් කළ හැකියි

ජනතාව මත පැටවී ඇති බදු බර, රජයේ මූල්‍ය විනය හේතුවෙන් කෙටි කාලයක් තුළ ඉවත් කිරීමට හැකි වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රජය ඒ වෙනුවෙන් නාස්තිය සහ දූෂණය මුළුමනින්ම අවසන් කිරීම සඳහා පියවර ගෙන ඇති බවයි. රාමසාන් දිනයට සමගාමීව උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ඉස්ලාමීය බැතිමතුන් වෙත වියළි ආහාර…

(0)Comments | July 7, 2016 9:23 am

ශ්‍රී ලංකාවට අයිති ඇමරිකාවේ ගොඩනැගිල්ලක් බදු දීමට පියවර

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යාලයීය කටයුතු මීට පෙර පවත්වාගෙන ගිය, වොෂින්ටන් ඩී.සී.හි පිහිටි, ශ්‍රී ලංකා රජය සතු ගොඩනැඟිල්ල මේ වන විට කිසිවකු විසින් පරිහරණය කරනු නොලබන අතර, එම ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා රජයට ආර්ථික වශයෙන් ඵලදායී වන ආකාරයට ප්‍රයෝජනයට ගැනීම සුදුසු බවට නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, එම ගොඩනැඟිල්ල බදු දීම/කුලියට දීම සම්බන්ධයෙන්…

(0)Comments | July 7, 2016 8:27 am

හිටපු අධිපති හා නව අධිපති කෝප් කමිටුව හමුවට

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනු පිළිබඳ සිදුකරනු ලබන විමර්ශනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සහ නව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (07) දිනයේ දී කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. 2015 පෙබරවාරි මාසයේ සිට 2016 මැයි මාසය දක්වා සිදු වූ සියලු බැඳුම්කර නිකුතු පිළිබඳ පිටු 1251 ක වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පසුගියදා පිළියෙල කරනු…

(0)Comments | July 7, 2016 8:09 am

Video Story

Stock Market

Exchange Rates