Top News

වරාය නගර ව්‍යාපෘතිය අලුත් වෙන්නේ මෙහෙමයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය/ යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතිය – 2014 සැප්තැම්බර් මාසයේදී එළඹි මුල් ගිවිසුමට ඇතුළත් කළ යුතු යැයි යෝජිත සංශෝධනවල සාරාංශයක් පහත දැක්වෙයි. මෙය මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සම්මත කිරීමට යෝජිතව ඇත. සින්නක්කර ඉඩම් පසුගිය රජය විසින් 2014 සැප්තැම්බර් මාසයේදී අත්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර, සී.එච්.ඊ.සී. පෝට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට (ව්‍යාපෘති සමාගම)…

(0)Comments | August 2, 2016 6:31 am

මාස 05 ක සංචාරක ආදායම ඩොලර් මිලියන 1,400 පසුකරයි

2016 මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 125,044 ක් දක්වා ඉහළගොස් තිබෙන අතර එය 2015 මැයි මාසයට සාපේක්ෂව 10.1% ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව කියා සිටී. මේ අනුව 2016 පළමු මාස 05 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ගණන 846,229 ක් බවත් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී එය 18.4%…

(0)Comments | August 2, 2016 6:22 am

පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට මූල්‍ය විනය ක්‍රියාත්මක විය යුතුයි – ජනාධිපති ආර්ථික සමුළුවේ දී කියයි VIDEO

දෛනික ජීවිතයේ දී පොදු මහජනතාවට බරක් නොවන ආකාරයට හා ඔවුන් ආර්ථික අපහසුකම්වලට පත්නොවන අයුරින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති හා මූල්‍ය විනය ක්‍රියාමත්මක විය යුතු බව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. අද (02) දින ආරම්භ වූ ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016 සමාරම්භක සැසිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී…

(0)Comments | August 2, 2016 4:57 am

රථවාහන ආනයන වියදම 28% කින් පහළට

රථවාහන ඇතුළු භාණ්ඩ ආනයන වියදමෙහි වාර්තා වූ අඩු වීම් අනුව 2016 අප්‍රේල් මාසයේ දී ආනයන වියදම 2015 වසරේ අනුරූප මාසයට සාපේක්ෂව ඇමරිකානු ඩොලර් මිලියන 1,461 දක්වා 2% කින් අඩු වී තිබේ. රථවාහන ආනයනය අඩු කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයන් හි බලපෑම පිළිබිඹු කරමින්, 2016 අප්‍රේල් මාසයේ දී පෞද්ගලික රථවාහන ආනයන වියදම පෙර…

(0)Comments | August 1, 2016 11:04 am

Worldline ශ්‍රී ලංකාවට

යුරෝපයේ ගෙවීම් හා ගනුදෙනු සේවා කර්මාන්තයේ ප්‍රමුඛ ආයතනයක් වන Worldline, සිය ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරන බව නිවේදනය කර සිටී. මේ අනුව සිංගර් ෆිනෑන්ස් ලංකා පීඑල්සී සමඟ එක් වී ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කිරීමට Worldline කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකාව තුළ බැංකු නොවන මූල්‍ය ආයතනයක් විසින් ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කරනු ලබන පළමු අවස්ථාව…

(0)Comments | August 1, 2016 9:05 am

කටාර් ගෑස් ලංකාවට

කටාර් සිට ස්වභාවික ද්‍රැවීය ගෑස් ආනයනය කෙරෙහි අවධානය යොමුව ඇති බව කටාර් හි ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා පැවසීය. ගල්ෆ් ටයිම්ස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිවරයා මේ බව කියා සිටියේය. “මෙම වසර අග භාගයේ දී ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටාර් හි සංචාරය කිරීමට සැලසුම් කර සිටිනවා. එහිදී විශේෂයෙන්ම බලශක්ති…

(0)Comments | August 1, 2016 7:44 am

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක් අනුමතයි

ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකමක් අනුමත කර ඇති බව ලෝක බැංකුව නිවේදනය කර සිටී. ලෝක බැංකුව විසින් අනුමත කරන ලද මෙම ණය පහසුකම ජාත්‍යන්තර සංවර්ධන සංගමය (International Development Association – IDA) හරහා ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය. ශ්‍රී ලංකාව මේ වන විට සිය…

(0)Comments | August 1, 2016 6:59 am

ශ්‍රී ලංකාවේ “සංවර්ධන ප්‍රතිපත්ති” ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජයෙන් යෙන් බිලියන 10 ක සහන ණය ආධාර මුදලක්

ශ්‍රී ලංකාවේ “සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම” සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණය ආධාර මුදලක් (යෙන් බිලියන 10 ක්) ලබාදීමට ජපාන රජය තීරණය කරයි. මීට අදාළ ප්‍රකාශ ලියවිල්ල, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා විසින්, මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙත පසුගිය දා (30) මුදල් අමාත්‍යාංශයේ දී භාරදෙනු ලැබීය. 2016 අයවැය මඟින්, රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන්,…

(0)Comments | August 1, 2016 5:39 am

ශ්‍රීලංකන් ගොඩගැනීමට බොළිවුඩ් නිළියක් පෙරට එයි

ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව සන්නාම තානාපතිනිය ලෙසින් සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් පත් කර තිබේ. මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් තැබීම පසුගිය සිකුරාදා (29) මුම්බායි නුවර St. Regis හෝටලයේ දී සිදුකෙරිණි. එහිදී ශ්‍රීලංකන් ගුවන්සේවයේ සභාපති අජිත් ඩයස් විසින් අදාළ ගිවිසුම බොළිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් වෙත භාර දෙන ලදී. 2016 මාර්තු 31 වන විට ශ්‍රීලංකන් ගුවන්සේවයේ සම්පූර්ණ ණය…

(0)Comments | July 31, 2016 10:05 am

නැව්ගත කරන්නන්ගේ සංගමය 50 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ආනයන අපනයන අංශයට නැව්ගත කරන්නන්ගේ සංගමය විශාල දායකත්වයක් සපයන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව පැවසූයේ නැව්ගත කරන්නන්ගේ සංගමයට වසර 50 ක් සැපිරීම නිමිත්තෙන් ඊයේ (29) සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති උත්සවයේදීය. අර්ජුන රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ සේවකයින්ගේ අඛණ්ඩ කැපවීම, උත්සාහය හා නිසි කලමනාකාරීත්වය ආයතනයේ දියුණුවට…

(0)Comments | July 30, 2016 8:00 am