Top News

කාසන්ස් ගේ සමාගම් 3 ක් S&P Sri Lanka 20 දර්ශකයෙන් ඉවතට. ටෙලිකොම්ටත් තැනක් නැහැ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ජාත්‍යන්තර මිල දර්ශකයක් වන S&P Sri Lanka 20 දර්ශකයේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ. මේ අනුව S&P Sri Lanka 20 දර්ශකය ගණනය සඳහා සලකා බලන සමාගම් 20 අතුරින් කාසන්ස් සමූහයට අයත් කාසන්ස් කම්බර්බැච් පීඑල්සී, බුකිට් ඩාරා පීඑල්සී හා ලයන් බෘෘවරි යන සමාගම් ත්‍රිත්වය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තවදුරටත් ඒ සඳහා සුදුසුකම් නොලබන…

(0)Comments | December 17, 2015 5:14 am

බ්‍රැන්ඩික්ස් ජනාධිපති අපනයන සම්මාන 08 කින් පිදුම් ලබයි

මෙරට අපනයන ආර්ථීකය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දක්වන ශ්‍රී ලංකාවේ ඇඟලූම් අපනයනයේ විශාලතම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් වෙත, පසුගිය දා පැවති ජනාධිපති අපනයන සම්මාන උළලේදී මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති අපනයන සම්මාන 08 ක් පුද කරන ලදී. මේ අනුව, 2012 සහ 2013 වසර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරු සම්මානය මෙම උත්සවයේදී බ්‍රැන්ඩික්ස් වෙත හිමිවූ අතර…

(0)Comments | December 17, 2015 4:10 am

එනවා කියපු වොක්ස්වැගන් කෝ..

ඩීසල් වාහනවල දුම් සම්බන්ධයෙන් ඇති වූ අර්බුදයක් නිසා පසුගිය කාලයේ දී වොක්ස්වැගන් ආයතනය විශාල වශයෙන් පරිපාලනමය ගැටළුවලට මුහුණ පෑ බවත් එම නිසා ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබූ වොක්ස්වැගන් කර්මාන්තශාලාවේ කටයුතු ද මේ වන විට ප්‍රමාද වී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ…

(0)Comments | December 16, 2015 7:01 am

පීපල්ස් ඉන්ෂුවරන්ස් මූලික කොටස් නිකුතුවට අධි ඉල්ලුමක්

රුපියල් මිලියන 750 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම සඳහා අද දිනයේ (16) දී විවෘත කරනු ලැබූ පීපල්ස් ඉන්ෂුවරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුවට ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී තිබේ. රු. 15.00 බැගින් කොටස් මිලියන 50 ක් මෙහිදී නිකුත් කරනු ලැබීය. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ…

(0)Comments | December 16, 2015 5:49 am

නත්තල වර්ණවත් කරන “සංචාරක සැණකෙළිය“ ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ අනෙකුත් ශ්‍රී ලංකා සංචරණයට අයත් ආයතන, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය සහ එක්ව ශ්‍රී ලංකාවට සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය වන දෙසැම්බර් මාසයේ නත්තල් මිහිර විදගැනීමට දෙසැම්බර් 19 ‐ 23 වන දින වල ආකේඩ් නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදි Tourism Fest with the Spirit of Christmas යන නමින් “සංචාරක සැණකෙළිය“ සංවිධානය…

(0)Comments | December 16, 2015 5:37 am

නව ව්‍යාපාරිකයින් 100 ක් අපනයන තලයට Video

අපනයනයට යොමු නොවූ ව්‍යාපාරිකයින් 100 දෙනෙකු තෝරා ගෙන ඔවුන් අපනයන තලයට ගෙන යාමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික අපනයන මණ්ඩලයේ සභාපති සාරද ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. සාරද ද සිල්වා මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

(0)Comments | December 16, 2015 4:31 am

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය සඳහා අවශ්‍ය වන තොරතුරු සංචිතය ළඟදීම ගොඩනගන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි

ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ගොඩනැගීමට සූදානම් වන අන්තර් ජාල ආර්ථික දැනුම් සහ තොරතුරු සංචිතය (Economic Knowledge Platform) 2016 වසරේ මුල් කාර්තුව අවසානයේදී එළිදැක්වීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රීකරණය (economic diplomacy) ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍යංශය…

(0)Comments | December 15, 2015 1:35 pm

රේණුකාගේ ප්‍රමාදයට හේතුව ආයෝජන මණ්ඩලයලු

රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ “රේණුකා ටවර්“ ගාලුමුවදොර දේපළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම මේ දක්වා ප්‍රමාද වී තිබෙන්නේ ආයෝජන මණ්ඩලයෙන් ලැබිය යුතු බදු සහන නොලැබීම නිසා බව වාර්තා වේ. ආයෝජන මණ්ඩලයේ අංක 17 දරණ විධිවිධාන අනුව අදාළ කාලපරිච්ඡේදය සඳහා ලැබිය යුතු බදු සහන මෙම ව්‍යාපෘතියට හිමිනොවීම නිසා මේ වන විට එහි කටයුතු…

(0)Comments | December 15, 2015 1:32 pm

බැඳුම්කර නිකුතුවෙන් මිලියන 15,555 ක්

රුපියල් මිලියන දසදහසක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් අද (15) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී මිලියන 15,555 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී 2025 වසරේ දී කල්පිරෙන රුපියල් මිලියන 3,000 ක් වටිනා බැඳුම්කර 11% කූපන් අනුපාතිකය යටතේ ද, 2035 වසරේ දී පරිණත වන රුපියල් මිලියන 12,555 ක් වටිනා බැඳුම්කර…

(0)Comments | December 15, 2015 12:20 pm

චීනය හා ඉන්දියාව සමඟ අපට වාසිසහගත වෙළෙඳ ගිවිසුම් අත්සන් කරනවා – රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

ඉදිරියේ දී චීනය හා ඉන්දියාව සමඟ අපට වාසිසහගත තත්ත්වයේ වෙළෙඳ ගිවිසුම් කරා යාමට සැලසුම් කර තිබෙන බවත් එම වෙළෙඳපොළවල් විවෘත කර ගතහොත් අපගේ අපනයනවලට විශාල වෙළෙඳපොළක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බවත් ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව කියටා සිටියේ හෙට පැවැත්වෙන ජනාධිපති අපනයන සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුවකට…

(0)Comments | December 15, 2015 9:16 am