Top News

වෙළෙඳ හිඟය 20% කින් ඉහළට

වෙළෙඳ හිඟය 2015 වසරේ මාර්තු මාසයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 516 ට සාපේක්ෂව 2016 වසරේ මාර්තු මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 621 දක්වා 20.2% කින් ප්‍රසාරණය වී තිබේ. කෙසේ වෙතත් සමුච්ඡිත වශයෙන් සැලකූ විට 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,908 ක්වූ වෙළෙඳ හිඟය 2016 වසරේ පළමු මාස…

(0)Comments | July 4, 2016 5:41 am

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට මෙන්න මඟ

ඕස්ට්‍රේලියාවේ ආගමන හා දේශසීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා බලපවත්වන නවතම වෘත්තීය කුසලතා (Skilled Occupations List) ලේඛනය එළිදක්වා තිබේ. මෙම ලේඛනය 2016-17 වසර සඳහා අදාළ වන අතර 2016 ජූලි 01 වන දින සිට මෙම නව ලේඛනය බලපැවැත්වේ. ස්වාධීන කුසලතා වීසා, කලාපීය කුසලතා වීසා සහ උපාධි අපේක්ෂක තාවකාලික වීසා ආදී වශයෙන් විවිධ වූ වීසා…

(0)Comments | July 4, 2016 4:58 am

ජෝන් කීල්ස් අධ්‍යක්ෂධූරයට සමු දී ආචාර්ය කුමාරස්වාමි මහ බැංකුවේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) දින වැඩ භාරගෙන තිබේ. මේ සම්බන්ධ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කුමාරස්වාමි මහතා වෙත අද උදෑසන පිළිගන්වා ඇත. මේ අතර මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි අධ්‍යක්ෂවරයෙකු ද වූ ආචාර්ය කුමාරස්වාමි, 2016 ජූලි 03 වන දින එම…

(0)Comments | July 4, 2016 4:28 am

2016 පළමු කාර්තුවේ දී සෘජු විදෙස් ආයෝජන 50% කින් අඩුවෙලා

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි සමාගම් ලබාගත් ණයද ඇතුළත් මුළු විදේශීය සෘජු ආයෝජන 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 346.4 සමඟ සැසඳීමේ දී 2016 වසරේ පළමු කාර්තුවේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 164.5 ක් වී තිබේ. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළෙහි විදේශීය ආයෝජන 2016 මාර්තු මස අවසානය දක්වා කාලය තුළ…

(0)Comments | July 4, 2016 12:03 am

විදෙස් ආයෝජකයෝ බැඳුම්කරවලින් පලා යති

රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ආයෝජන 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 15.4 ක ශුද්ධ ගෙවීම සමඟ සැසඳීමේ දී 2016 වසරේ පළමු කාර්තුවේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 572.3 ක ශුද්ධ ගෙවීමක් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. තවද රජය වෙත වූ දිගු කාලීන ණය 2015…

(0)Comments | July 4, 2016 12:02 am

ඉන්දියාවෙන් අතමාරුවට ගත් මුදල පියවයි

ඉන්දියානු සංචිත බැංකුව සමඟ සිදුකළ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,100 ක විදේශීය විනිමය හුවමාරු පහසුකම 2016 මාර්තු මස 08 ව න දින පියවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී. මාර්තු මස 08 වන දින ශ්‍රී ලංකාව සාර්ක් මූල්‍ය විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 400 ක්ද, 2016 මාර්තු මස අග…

(0)Comments | July 4, 2016 12:01 am

වැට් ගැන අන්තිම සාකච්ඡාව හෙට VIDEO

වැට් බද්ද පිළිබඳ නිවැරදි පැහැදිලි කිරීමක් මේ දක්වා සිදු වී නොමැති බවත් ජූලි 04 වන දින මේ සම්බන්ධයෙන් අවසාන සාකච්ඡාව පවත්වන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මෙහිදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ලංකාවේ සිටින සියලු ම වෙළෙඳ ව්‍යාපාරිකයින් මෙම සාකච්ඡාව සඳහා කැඳවන බවයි. මෙම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවත්වීමට නියමිත අතර එම සාකච්ඡාවෙන් පසු…

(0)Comments | July 3, 2016 6:41 am

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු මහ පුටුවට

ශ්‍රී ලංකා මහ බැංකුවේ අභිනව අධිපතිවරයා වශයෙන් ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත්කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල ට්විටර් ගිණුමෙන් අනාවරණය කර ඇත. කොළඹ රාජකීය විද්‍යාලයේ සහ එංගලන්තයේ Harrow විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. සසෙක්ස් සරසවියෙන් ඔහු සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත. 1973 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික…

(0)Comments | July 2, 2016 5:42 am

ඊයේ වෙන්දේසියේ දී මිලියන 36,000 ක බැඳුම්කර විකුණයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (ජූනි 30) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 36,644 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබේ. 2019, 2021 හා 2025 වසරවල දී කල්පිරෙන අයුරින් කාණ්ඩ තුනක් යටතේ මෙම බැඳුම්කර නිකුතුව සිදුකරන ලදී. මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.

(0)Comments | July 1, 2016 11:36 am

කෘෂිකර්මාන්තයේ නව්‍යකරණයට ලෝක බැංකුවෙන් මිලියන 125 ක්

ජාත්‍යන්තර සංවර්ධන සංගමයෙන් (International Development Association – IDA) ශ්‍රී ලංකාවට ලැබෙන ඩොලර් මිලියන 125 ක ණය මුදල් ලෝක බැංකුව විසින් අනුමත කර තිබේ. මෙරට කෘෂිකර්මාන්තයේ නව්‍යකරණය සඳහා අදාළ ණය ආධාරය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය ව්‍යාපාරික අතින් වඩාත් ඵලදායී හා ආකර්ෂණීය කර්මාන්තයක් ලෙස නවීකරණය සඳහා මෙමඟින් පිටිවහලක් හිමිවන අතර දේශගුණික තත්ත්වයන්ට අනුගත…

(0)Comments | July 1, 2016 11:18 am

Video Story

Stock Market

Exchange Rates