කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත සමාගමක් වන මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් පීඑල්සී සමාගම, කොළඹ මහනගර සභා සීමාව තුළ නව ව්‍යාපෘති 7 ක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව නිවේදනය කර සිටී. මේ සඳහා මිලේනියම් හවුසින් විසින් MC Urban Developers Ltd සහ MC Universal Ltd ලෙස නව සමාගම් දෙකක් සංස්ථාපනය කර තිබේ. මෙම ව්‍යාපෘතීන් සඳහා ආයෝජන මණ්ඩලය…
අපනයන ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කරනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල, ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (දෙසැම්බර් මස 16 වැනිදා), පස්වරු 1.30 ට, කොළඔ 07, නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වේ. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය, මලික් සමරවික්‍රම සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජීව සේනසිංහ මහත්වරුන්ගේ…
තම අවශ්‍යතාවය වන්නේ බැංකුවල ආදායම වැඩි කිරීම බවත්, බැංකුවල ආදායම් පහළ වැටෙන ආකාරයේ කිසිදු තීරණයක් ක්‍රියාත්මක නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අයවැය යෝජනා සම්බන්ධයෙන් බැංකු සංගම් සමඟ කළ සාකච්ඡාවන්හි දී, උකස් ගැනීමේ සීමාවන් හා ලීසිං කටයුතු බැංකුවලින් ඉවත් කිරීම සුදුසු නොවන බව ඔවුන්…
උතුරත් දකුණත් එකට යා කරමින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය නෂඔත 2016 ජනවාරි 29 වැනිදා සිට 31 වැනිදා දක්වා යාපනය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. ජනාධිපති සම්මානලාභී ලංකා ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ සේවා ආයතනය මගින් සංවිධානය කරනු ලබන මෙම දැවැන්ත ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 7 වැනි වරටය. උතුරේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය වසර ගණනක්…
නොවැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය 29,329 ක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කර සිටී. මෙය පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේ දී 48.4% ක ඉහළ යාමකි. මේ අතර 2015 නොවැම්බර් මාසය තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් ගණන 144,174 ක් ලෙසින් වාර්තා වේ. ඒ සමඟම මෙම වසරේ පළමු මාස…
ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සීඝ්‍රයෙන් පහළ යමින් තිබේ. ඊයේ දිනය වනවිට WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 35.62 දක්වා ද, Brent බොරතෙල් බැරලයක මිල ඩොලර් 37.93 දක්වා ද පහළ බැස තිබුණි. මේ අනුව 2003 වසරෙන් පසුව දක්නට ලැබුණු අඩුම බොරතෙල් මිල මට්ටම ලෙස මෙය වාර්තා වේ. 2003 නොවැම්බර් මාසයෙන් පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර්…
2009 අංක 49 දරණ සුරක්ෂිතලත් ගනුදෙනු පනත ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම පනතෙහි ඇතැම් විධිවිධාන බලාත්මක කිරීමේ දී පැනනඟින ගැටලු හේතුවෙන් එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට අපහසු වී තිබීම මීට හේතුවයි. 2009 වසරේ දී මෙම පනත සම්මත කරගනු ලැබූවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ණය ලබාගැනීමේ දී සුරැකුම් ලෙස ඉදිරිපත් කළ…
තම සංගමයේ සාමාජිකයින් අද දිනයේ දී මුදල් අමාත්‍යවරයා හමු වී වාහන ආනයන සම්බන්ධයෙන් පනවා ඇති නව බදු ව්‍යූහය පිළිබඳ එහි දී සාකච්ඡා කළ බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණ Biz වෙත ප්‍රකාශ කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ නව බදු ක්‍රමයේ කිසිදු සංශෝධනයක් සිදුනොකරන බවත් වාහන මිල අඩු…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකර ඇති ආයෝජනයක් සම්බන්ධ අක්‍රමිකතාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල ගොනු කර ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසිනි. 2009 වසරේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් බිලියන 3 කට ආසන්න මුදලක් පුද්ගලික ආයතනයක් හරහා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කර ඇත. එහෙත් 2014 දෙසැම්බර්…
අයිතිකරුවන් නොමැති බෝයිංග් 747 වර්ගයේ ගුවන් යානා 3 ක් ක්වාලාලාම්පූර් අන්තර්ජාතික ගුවන්තොටුපළේ ගාල් කර තිබිය දී සොයා ගෙන තිබේ. මැලේසියානු ගුවන් බලධාරීන් මේ පිළිබඳව පවසන්නේ කවදා කවුරුන් විසින් මෙම යානා, ගුවන්තොටුපළ වෙත ගෙන ආවේ දැයි සොයා ගත නොහැකි බවයි. මගී ගුවන්යානා දෙකක් හා භාණ්ඩ ප්‍රවාහන යානාවක් මෙලෙස අතහැර දමා ගොස් තිබේ. මෙම යානා රඳවා තැබීම…
Video Story