Top News

ධම්මික පෙරේරා නවලෝක රෝහලෙන් 21% ක් මිල දී ගනී

නවලෝක හොස්පිටල්ස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 21% ක් ඉක්ම වූ කොටස් ප්‍රමාණයක් සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් මිල දී ගෙන ඇතැයි වාර්තා වේ. මෙම කොටස් ගනුදෙනුව අද දින සිදු වූ අතර එහිදී නවලෝක රෝහල් සමාගමේ තෙවැනියට විශාලතම කොටස් හිමිකරුවා වන ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින් තමන් සතු කොටස් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අලෙවි කොට තිබේ. අප කළ…

(0)Comments | March 10, 2016 11:03 am

බැඳුම්කර නිකුතුව අවලංගුයි

අද (10) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ලැබුණු සියලුම ලංසු ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ. 2019, 2021 සහ 2024 වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 3 ක් යටතේ රුපියල් මිලියන 2,000 බැගින් රු. මිලියන 6,000 ක බැඳුම්කර අද දින වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි. මේ සඳහා රුපියල් මිලියන 23,089 ක…

(0)Comments | March 10, 2016 11:02 am

ඉදිරි වසරේ තායි-ශ්‍රී ලංකා ද්වීපාර්ශික වෙළඳාම තුන් ගුණයකින් වර්ධනය කිරීමට කැපවන්න

තායි උප අගමැති, දෙරටේ අපනයනකරුවන්ගෙන් ඉල්ලයි ඩොලර් මිලියන 500 ක් වන තායිලන්ත-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම වර්ෂ 2020 වන විට තුන් ගුණයකින් වර්ධනය කිරීමට කැපවන ලෙස, සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති ගරු සොමිකිඩ් ජාතස්රයිපිතක් (Hon. SOMKID JATUSRIPITAK) මහතා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය. උප අගමැතිවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ, සංවර්ධන…

(0)Comments | March 10, 2016 10:31 am

DFCC, සිංගර් ශ්‍රී ලංකා ණයකරවලට ඉල්ලුම අධිකයි

DFCC බැංකුව විසින් විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ. මූලික වශයෙන් රු. 100 බැගින් වූ ණයකර මිලියන 50 ක් DFCC බැංකුව විසින් නිකුත් කරනු ලැබූ අතර අධි ඉල්ලුමක් පැවතියහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබිණි. මේ අනුව මිලියන 70 කින් සමන්විත වූ සම්පූර්ණ ණයකර නිකුතුව මේ…

(0)Comments | March 10, 2016 10:15 am

ගූගල් කාරයක් බසයක ගැටෙයි

රියැදුරු රහිතව (Self-Driving) ස්වයංක්‍රීයව ධාවනය කළ හැකි ගූගල් කාරයක් සිලිකන් නිම්නයේ දී බසයක ගැටී ඇතැයි වාර්තා වේ. පසුගිය මාර්තු 09 වැනි දා මෙම අනතුර සිදුව ඇත. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ Lexus SUV වර්ගයේ ගූගල් රියැදුරු රහිත මෝටර් රථයකි. මෙය සංවේදක හා කැමරා සහිත මෝටර් රථයක් වන අතර රියැදුරු රහිතව ධාවනය කිරීමට ඊට අනුමැතිය හිමිව ඇත….

(0)Comments | March 10, 2016 8:19 am

කොළඹ කොටස් අළු ගසා නැගිටියි

පසුගිය දින කිහිපය පුරාවට සීඝ්‍ර කඩාවැටීමක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු, අද මධ්‍යහ්නය ආසන්න වන විට ඒකක 60 කින් ඉහළ ගොස් තිබිණි. ඒ වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,922 ද්කවා 1.03% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබුණි. මේ අතර දෛනික පිරිවැටුමද රුපියල් බිලියන 1.7 ඉක්මවා තිබූ අතර නවලෝක සමාගමේ කොටස් මිලියන 305.9…

(0)Comments | March 10, 2016 6:18 am

ඔබ ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ මේ නිසයි – ඇමති අමුණුගම VIDEO

විදෙස් ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ යුත්තේ ඇයි යන්න පිළිබඳව විශේෂ කරුණු කිහිපයක් විශේෂ කාර්යයන් පිළිබඳ කැබිනට් අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පසුගියදා අනාවරණය කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ආරම්භ වූ ශ්‍රී ලංකා ආයෝජන හා ව්‍යාපාරික හමුව 2016 (Sri Lanka Investment and Business Conclave 2016) අමතමිනි. අමාත්‍යවරයා එහිදී දැක්වූ අදහස් පහත වීඩියෝව තුළින්…

(0)Comments | March 10, 2016 5:48 am

බිල් වෙන්දේසියේ ලංසු ප්‍රතික්ෂේප වෙයි

අද (09) දින කැඳවන ලද රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු අනුමත නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන ලදී. පසුගිය සතියේ පැවති වෙන්දේසියේ දී දින 364 භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% දක්වා ඉහළ ගිය අතර පැවති වාතාවරණය තුළ අද වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් වර්ධනය වනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග මීට පෙර…

(0)Comments | March 9, 2016 11:41 am

කොළඹ කොටස් යළි නැඟී සිටින්නට වෙර දරයි

ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව බදු සංශෝධන සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබෙන අතර එහිදී හඳුන්වා දෙන ලද ප්‍රාග්ධන ලාභ බද්ද කොටස් වෙළෙඳපොළට ද අදාළ වනු ඇතැයි ක්ෂේත්‍රය තුළ මේ වන විට කතා බහක් ඇතිව තිබේ. මේ සම්බන්ධයෙන් අප ඊයේ දිනයේ දී කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති…

(0)Comments | March 9, 2016 11:27 am

පෞද්ගලික අංශය රටේ ආර්ථිකයේ නායකත්වය ගත යුතුයි – ධර්ම ධීරසිංහ

“රටක මූල්‍ය අංශය දියුණු වීම යනු එම රටේ දියුණුවයි. එසේම අප නිරන්තරයෙන් කියා සිටින්නේ රටේ ආර්ථිකයේ නායකත්වය පෞද්ගලික අංශය විසින් ගත යුතු බවයි. රටේ විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව ලෙසින් එහිදී අපට ඉතා වැදගත් වගකීමක් පැවරිලා තියෙනවා“, යැයි කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ Biz 24×7 සමඟ…

(0)Comments | March 9, 2016 11:02 am