මෙරට තැඹිලි වතුර ප්‍රථම වතාවට බෝතල් කළ පානයක් ලෙසින් ලංඩනයේ දී ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව ලංඩනයේ සුප්‍රසිද්ධ Harrods සාප්පු සංකීරණයේ දී බෝතල් කළ තැඹිලි වතුර අලෙවි කිරීමට Jeeva Natural UK Ltd හි නිර්මාතෘ හා අධ්‍යක්ෂිකා භාවි කනඩියා විසින් මුලපුරනු ලැබීය. මේ සඳහා බ්‍රිතාන්‍යයේ වැඩ බලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සුගීෂ්වර ගුණරත්නගෙන් ද සහාය…
ඉරාන බොරතෙල් ආනයනය යළි ආරම්භ කරන බව ඛනිජතෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය. ඉරාන ඛනිජ තෙල් අමාත්‍යවරයා සමග සිය නිල නිවසේ ඊයේ (25) පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. පස්දෙනා හා එකතු වූ කෙනාගේ කල්ලිය හෙවත් Group 5+1 විසින් ඉරානයට පනවා තිබූ සම්බාධක හේතුකොට ගෙන 2012 වසරේ දී ඉරානයෙන් බොරතෙල්…
මහ මඟ වයලීනයක් වාදනය කරමින් මුදල් යදිමින් සිටි විදේශීය තරුණියක් ඇල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව අවවාද කර මුදා හැර තිබේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් හි සමර් ටවුන් හි පදිංචි මෙම 24 හැවිරිදි තරුණිය රාවණා ඇල්ල ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්ගයේ වාඩිලාගෙන වයලීනයක් වයමින් සිටියදීය. පසුගිය ජූලි 08 වන දින ඇය මසක කාලයක් සඳහා ශ්‍රී…
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව 2016 අගෝස්තු 01 වන දින සිට 05 වන දින දක්වා කොළඹ දී පැවැත්වේ. රාජ්‍යයන් ඇතුළත මෙන්ම දේශ සීමාවන් හරහා සිදු කරන ගුවන් ප්‍රවාහනයේ දී නිරුපද්‍රතතාවය, සුරක්ෂිතතාවය, ක්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම (නියාමන කටයුතු) අදාළ රටේ සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ. සිවිල් ගුවන් සේවාවට…
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මලයාසියානු නියෝජ්‍ය අගමැති ආචාර්ය අහමඩ් සයීඩ් හමීඩි (Ahmad Zahid Hamidi)මැතිතුමා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර හමුවක් අද (22) පෙරවරුවේ පැවැත්විණි. කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මෙම හමුව සිදු විය. නියෝජ්‍ය අගමැති ධුරයට අමතරව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ද දරන්නේ සයීඩ් හමීඩ් මැතිතුමා ය. එහි දී…
ද්‍රවිඩ සිනමාලෝලීන් මහත් ආශාවෙන් බලා සිටි ‘කබාලි‘ චිත්‍රපටයේ මංගල දර්ශනය අද (22) උදෑසන ප්‍රදර්ශනය කෙරුණු අතර ඒ වෙනුවෙන් කබාලි චිත්‍රපටයේ නිල ගුවන් ගමන් සහකරු වූ එයාර් ඒසියා ගුවන් සේවය විශේෂ ගුවන් පැකේජයක් හඳුන්වා දී තිබුණි. මෙම පැකේජයට අනුව බැංගලෝර් සිට චෙන්නායි දක්වා කබාලි රසිකයින් 160 දෙනෙකුගෙන් යුත් පිරිසක් අද උදෑසන පැමිණි අතර මුලින් සඳහන් කළ…
ප්‍රවාහන ව්‍යාපෘති සඳහා සැකසීමේ යෝජිත පහසුකම (Proposed Transport Project Preparatory Facility – TPPF) සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් තාක්ෂණික සහාය ණය ලබාගැනීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මෙරට ප්‍රවාහන ව්‍යාපෘතීන්හි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම, විස්තරාත්මක සැලසුම් හා ප්‍රසම්පාදන ලියවිලි සැකසීම සහ ආරම්භක අදියරේ පවතින ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආදිය සඳහා සහාය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට…
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 මැයි මාසයේ දී වාර්තා කල 5.3% සිට 2016 ජූනි මාසයේ දී 6.4% දක්වා ඉහළ ගොස් තිබේ. 2016 ජූනි මස ල්ක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක විය. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ…
ශ්‍රී ලංකාවට තවදුරටත් පූර්ණ සහය දැක්වීමට සූදානම් බව ලෝක බැංකුව අවධාරණය කරයි. ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව ලෝක බැංකු අධ්‍යක්ෂවරිය වන ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහවු (Idah PswarayiRiddihough) මහත්මිය පසුගිය බදාදා (20) පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා හමු වී මේ බව සඳහන් කළා ය. එම හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී රිඩ්ඩිහවු මහත්මිය…
රුපියල් මිලියන 75 ක අරමුදලක් සම්පාදනය කරගැනීම සඳහා අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් විසින් සිදුකරනු ලැබූ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇතැයි වාර්තා වේ. ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 50 ක් එකක් රු.1.50 බැගින් මෙහිදී නිකුත් කරනු ලැබීය. ඒ සඳහා ලැබී තිබුණු අධිදායකත්වය හේතුවෙන් අද (21) දින සවස 4.30 ට නිකුතුව වසා දැමූ…
Video Story