ව්‍යාපෘති සේවා සඳහාවන එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) මඩකලපුව, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කුසලතා පූර්ණ කම්කරු බලඇණිය සවිබල ගැන්වීම සඳහා යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන (EU-SDDP) යටතේ අත්වැල් බැඳ කටයුතු කරමින් සිටියි. EU-SDDP වැඩසටහන යටතේ පුනරුත්ථාපන හා පුනර්ජීවන තත්ත්වයක් කරා ළඟා වීම සඳහා සහය ලබන ඉහත…
ෆිච් රේටිංග්ස් විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව ශ්‍රී ලංකාව BB- සිට B+ දක්වා ශ්‍රේණිගත කිරීමෙන් පහළට යොමු කොට තිබේ. ප්‍රතිමූල්‍යයන අවදානම්, ඉහළ යන ණය හා සංචිතවල පහත වැටීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ. මෙම නව ප්‍රමාණනය අනුව දිගුකාලීන විදේශ හා දේශීය විනිමය නිකුතු ශ්‍රේණිගත (Long-Term…
ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරීවරිය වශයෙන් ධාරා විජයතිලක මහත්මිය පත් කර තිබේ. වාණිජ මණ්ඩල ඉතිහාසයේ කාන්තාවක් මෙම තනතුර සඳහා පත් වූ පළමු අවස්ථාව මෙයයි. දශක 4 කට වැඩි කාලයක් පුරාවට රාජ්‍ය අංශයේ විවිධ තනතුරු හොබවා ඇති ඇය ලංකා වාණිජ මණ්ඩලයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරීවරිය වශයෙන් කටයුතු කරන ලදී….
ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් පවත්වන ලදී. මෙහිදී පරිණත කාලසීමා තුනක් යටතේ රුපියල් මිලියන 3,000 බැගින් වන පරිදි රුපියල් මිලියන 9,000 ක බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත් සමස්ත නිකුතුව සඳහා රුපියල් මිලියන 46,787 ක ලංසු ඉදිරිපත් වී තිබුණු අතර මෙයින් රුපියල් මිලියන 18,254 ක ලංසු භාර ගැනීමට…
එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් අනුග්‍රහය දක්වනු ලබන ජාත්‍යන්තර සංචාරක සමුළුව එළඹෙන ජූලි මාසයේ දී පාසිකුඩා හි පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලොව නන් දෙසින් පැමිණෙන 100 කට අධික සංචාරකයින් පිරිසක් දෙසින් සහභාගී වීමට නියිමිතය. මෙරට සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමේ අරමුණින් යුතුව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ මුලපිරීමක් ලෙසින් මෙම සමුළුව පැවැත්වෙනු ඇත.
වාහන දුම් පරීක්ෂා කිරීමේ කාර්යය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා සිදු කිරීමට අවධානය යොමුව ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමිනි. මෙම කටයුත්ත පෞද්ගලික අංශයට පැවරීමෙන් රජයට ලබා ගත හැකිව තිබූ…
වත්කම්, වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය සහ බදු වලට පසු ලාභය අනුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව සිය ණය ලබාදීමේ කළඹ වර්ධනය කර ගැනීම සහ බැංකුවේ ශේෂ පත්‍රය තවත් ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් ණයකර නිකුතුවක් මගින් රුපියල් බිලියන 05 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වේ. මෙම ණයකර නිකුතුව තවත් රුපියල් බිලියන 02 ක් රැස්කර…
පසුගිය සතිය තුළ දී තවත් ලැයිස්තුගත සමාගම් කිහිපයක් සිය ලාභාංශ ප්‍රකාශයට පත්කරන ලදී. මෙහිදී ඕවර්සීස් රියලිටි කොටසකට රු. 1.50 බැගින් වන පරිදි පළමු හා අවසාන ලාභාංශය ද, යුනයිටඩ් මෝටර්ස් කොටසකට රු. 4.00 බැගින් වන පරිදි දෙවන අතුරු ලාභාංශය ද, නුවර එලිය හෝටල් සමාගම කොටසකට රු. 30.00 බැගින් වන පරිදි අතුරු ලාභාංශයක් ද, එයිට්කන් ස්පෙන්ස් වැවිලි…
ගම්පහ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ව්‍යාපාරයේ මූල්‍ය වාර්තා අධ්‍යයනය කිරීම මගින් ව්‍යාපාරයේ වර්තමාන හා අනාගත තත්වයන් පිළිබඳව දැනගැනීම හා තීරණ ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ එක් දින වැඩමුළුවක් 2016 මාර්තු මස 17 වැනි බ්‍රහස්පතින්දා ගම්පහදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලීය ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය එක්ව…
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන දේපළ ව්‍යාපෘතියක් වෙනුවෙන් සිංගපූරුවේ Keppel Land සමාගම මුලපුරා තිබේ. මේ අනුව Keppel Land හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Edmonton Pte Ltd හා ශ්‍රී ලංකාවේ සිලෝන් තියටර්ස් සමූහය අතර ඇමරිකානු ඩොලර් මිලියන 5.5 ක ගිවිසුමකට ගැනුම් හා විකුණුම් ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුමට අනුව අදාළ ව්‍යවසායෙහි 60% ක හිමිකාරීත්වය Keppel…
Video Story