Top News

නූතන ආහාර පිසීමේ කලාවේ පියා ලෙස සැලකෙන මාර්කෝ පියරේ වයිට් Cinnamon සමග ශ්‍රී ලංකාවේ සංචාරයක

සුවිශේෂී නිපුණත්වයෙන් යුත් නිර්මාණාත්මක කාර්යයකට මුලපුරමින් Cinnamon Hotels & Resorts විසින් සුප්‍රකට අවහන්හල්කරුවකු, ප්‍රවීණ ඕස්ට්‍රේලියානු සූපවේදී විනිසුරුවරයෙකු, නම් දැරූ සූපවේදියකු, රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නකු මෙන්ම බ්‍රිතාන්‍ය සම්භවයක් ඇති සූපවේදී ගත්කතුවරයකු වන මාර්කෝ පියරේ වයිට් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් හි පියාසර අනුග්‍රහයද සහිතව 2016 ජනවාරි 18-31 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත කරවීම…

(0)Comments | November 16, 2015 9:24 am

ලංකාවේ ආයෝජනයට බංගලීන්ට ආරාධනා

ශ්‍රී ලංකා රජය විසින් මෙරට ආයෝජනය කිරීමට පැමිණෙන්නැයි බංග්ලාදේශ සමාගම් වෙත ආරාධනා කොට තිබේ. පසුගියදා බංග්ලාදේශයේ ඩකා නුවර Diplomatic Correspondents Association විසින් සංවිධානය කරනු ලැබූ හමුවක දී බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් යසෝජා ගුණසේකර විසින් මෙම ආරාධනය සිදුකරනු ලැබීය. දෙරට අතර අංශ ගණනාවක් යටතේ ව්‍යාපාරික සහයෝගීතාවන් ශක්තිමත් කරලීමට මෙහිදී සාකච්ඡා කෙරී ඇති අතර වෙළෙඳ, ආයෝජන, සංචාරක,…

(0)Comments | November 16, 2015 7:35 am

‘පොළොන්නරු උදාවෙන්‘ රේල්පාර හැදෙන ලකුණු

‘පොළොන්නරුව උදාව’ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව, මාහෝ සිට මඩකළපුව දක්වා හා ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මීට සමගාමීව මෙම මෙම මාර්ගවල සියලූම දුම්රිය ස්ථාන ප්‍රතිසංස්කරණයට ද පියවර ගැනෙනු ඇත. පොළොන්නරුව කලාපය තුළ ජනතාව අතර දුම්රිය ගමනාගමනය එතරම් ප්‍රචලිත ප්‍රවාහන මාධ්‍යයක් බවට පත්ව නොමැති බැවින් වර්තමානයේ…

(0)Comments | November 16, 2015 5:02 am

කැසිනෝ බද්ද ගෙවලා හමාරයි

යහපාලන රජයේ පළමු අතුරු අයවැයෙන් ක්‍රියාවට නංවන ලද කැසිනෝ බද්ද ගෙවීම සඳහා දී තිබූ කාලසීමාව ඊයෙන් (නොවැම්බර් 15) අවසන් වී තිබේ. අදාළ නියමයන්ට අනුව 2015 ජනවාරි 29 වනදා වන විට කර්මාන්තයේ නිරත වූ සියලූම කැසිනෝ හල්, මෙම බද්ද ගෙවීම සඳහා යටත් වනු ඇත. එක්වරක් ගෙවිය යුතු මෙම බද්ද එක් කැසිනෝ හලකින් රුපියල් බිලියනයකි.

(0)Comments | November 16, 2015 4:11 am

පැරිස් ප්‍රහාරය හමුවේ ලෝක ආර්ථිකය අඩපණ වන ලකුණු

පසුගියදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව හමුවේ ලෝක ආර්ථිකය දැඩි පසුබැස්සමකට ලක් වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මෙහිදී වැඩි වශයෙන් අවදානමට පාත්‍ර වී ඇත්තේ යුරෝපයේ සංචාරක ව්‍යාපාරයයි. පැරිස් නුවර ප්‍රහාරයට ලක්වීමත් සමඟම යුරෝපයේ තවත් නගර රැසක් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වී තිබෙන බැව් හමුදා බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ. මේ වාතාවරණය තුළ යුරෝපාකරය වෙත…

(0)Comments | November 16, 2015 3:26 am

IPL අභිබවා යාමට MCL සැරසෙයි

ලොව පළමු වරට, ජාත්‍යන්තර තරඟ බිමෙන් සමුගෙන සිටින ක්‍රිකට් ජ්‍යෙෂ්ඨයින්ගේ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියක් පැවත්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය හිමිවී තිබේ. මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් (Masters Champions League – MCL) යනුවෙන් නම් කර තිබෙන මෙම තරඟාවලිය 2016 ජනවාරි 22 වන දින ආරම්භ වීමට නියමිතය. මේ සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 6 කි. එක් කණ්ඩායමකට ක්‍රීඩකයින්…

(0)Comments | November 15, 2015 11:45 am

පැරිස් ප්‍රහාරය Eagles ට නොවෙයි

ඊයේ දිනයේ ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කරගනිමින් එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර මාලාවේදී වැඩිම පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ පැරිසියේ Le Bataclan රංග ශාලාවට එල්ල වූ ප්‍රහාරයේ දීය. එම අවස්ථාවේ දී ප්‍රසංගය සඳහා එක් වී සිටියේ Eagles of Death Metal සංගීත කණ්ඩායමයි. බොහෝ මාධ්‍ය වාර්තාවල පළ වී තිබුණේ සුප්‍රකට Eagles සංගීත කණ්ඩායම මේ අවස්ථාවේ දී ප්‍රසංගයට එක් වී…

(0)Comments | November 15, 2015 11:35 am

අද සිට තේ වලට සීනි නැහැ

සියලූම රාජ්‍ය ආයතන, හෝටල්, අවහන්හල් හා ආහාර අලෙවි මධ්‍යස්ථානවල තේ පිළිගැන්වීමේ දී අද සිට සීනි කවළම් නොකර පිළිගන්වන්නැයි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා ඉල්ලා සිටී. ලෝක දියවැඩියා දිනය සමරන අද දිනයේ දී මෙම පණිවුඩය ලබාදෙමින් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටින්නේ තමනට අවශ්‍ය පරිදි සීනි යොදා ගැනීම සඳහා වෙනම සීනි බඳුනක් ඒ වෙනුවෙන් පිළියල…

(0)Comments | November 14, 2015 6:51 am

කුරුඳුවලින් ඩොලර් බිලියනයක් හොයන්න දයා සැරසෙයි

එළඹෙන වසර 05 තුළ දී කුරුඳු නිෂ්පාදනය තුළින් ඩොලර් බිලියනයක ආදායමක් ඉපයීමට සැලසුම් සකස් කර තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. කුරුඳු වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳ කළ විශේෂ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය. කුරුඳු අපනයනකරුවන්ට තම නිෂ්පදාන සඳහා ලෝක වෙළෙඳපොළේ වැඩි මිලක් ලබා ගත හැකි පරිදි රජය…

(0)Comments | November 14, 2015 6:38 am

ඇක්සස් ණයකර නිකුතුව අදින් අවසන්

ඊයේ දිනයේ (12) දී ආරම්භ කරන ලද ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි ණයකර නිකුතුව සඳහා ඉහළ අයදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇති බව සමාගම පවසයි. රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 30,000 ක් මෙහිදී නිකුත් කිරීමට පියවර ගත් අතර එම ප්‍රමාණය සඳහා අධිදායකත්වයක් පැවතුණහොත් තවත් ණයකර මිලියන 20,000 ක් නිකුත් කිරීමට සමාගම සූදානම් වී සිටියේය. ඒ අනුව රුපියල්…

(0)Comments | November 13, 2015 8:11 am