ආනයනික වාහනවල අවම ඒකක බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වාහනවල බදු ගණනය කිරීමේ දී වටිනාකම් තීරණය කිරීමේ විෂමතාවයක් තිබුණු බවත් එය වෙනසකට භාජනය…
ගංවතුරෙන් විපතට පත්වූ ජනතාවට රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම ලියකියවිලි හෝ කොන්දේසි නොසලකා සිදුකිරීමට අපේක්ෂා කරන බව මෙරට ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් පවසයි. මුදල් අමාත්‍යංශයේ උපකල්පනයට අනුව රුපියල් කෝටි 15,000ත් 20,000ත් අතර තක්සේරු අලාභයක් ජල ගැලීම් හේතුවෙන් සිදුව ඇති බව සඳහන්ය. ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටී.එම්.ආර්.බන්සා ජයා මහතා පවසන්නේ රුපියල් ලක්ෂයට අඩු වන්දි සඳහා…
ඇඟලුම් ක්ෂේත්‍ර සැපයුම් ප්‍රදර්ශනය (Apparel Industry Suppliers Exhibition – AISEX), ඇඟලුම් ක්ෂේත්‍රයේ සියළුම සැපයුම්කරුවන් සහ සේවා සම්පාදකයින් එකම වහලක් යටට ගෙන ඒම අරමුණු කරගත් ප්‍රදර්ශනයකි. මෙහිදී, ලෝකයේ විවිධ කලාපයන් නියෝජනය කරමින් ඇඟලුම් යන්ත්‍රෝපකරණ, අමතර කොටස් සහ සේවා විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කෙරෙනු ඇත. 2016 ජූනි මස 9 දින සිට 11 දින දක්වා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන…
2015 වසරේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන ප්‍රමාණය පෙර වසරට සාපේක්ෂව 60% කින් වාර්තාගත ඉහළ ගොස් තිබෙන බව ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කරන ලද ‘2015 ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ පිළිබඳ කාර්මික හා සංඛ්‍යානයම විශ්ලේෂණ‘(Statistical Analysis and Industrial Overview of Sri Lanka’s Vehicle Market 2015) වාර්තාවෙහි සඳහන් වේ. මෙය ලංකා වාණිජ මණ්ඩලය විසින්…
බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් ගනුදෙනු අද (26) දිනයේ දී යළිත් වරක් අත්හිටුවනු ලැබීය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී විසින් සිදුකරන ලද හිමිකම් කොටස් නිකුතුවෙන් (Right Issue) ලද අරමුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන…
හේලීස් පීඑල්සී හි ණයකර නිකුතුවට අධි දායකත්වයක් ලැබී තිබේ. රුපියල් බිලියන 2 ක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් මෙම ණයකර නිකුතුව විවෘත කර තිබුණි. පැවති අධි දායකත්වය මත ඊයේ (25) සවස 4.30 ට ණයකර නිකුතුව වසා දමන ලදී. මෙහි විභජනය සිදුවන ආකාරය පසුව දැනුම්දෙන බව සමාගම දන්වා සිටී.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (25) දිනයේ දී කැඳවන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 30,749 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන ලදී. මෙහිදී දින 91 පරිණත කාලයෙන් යුතු බිල්පත් රු. මිලියන 9,155 ක සහ දින 182 බිල්පත් රු. මිලියන 21,594 ක වටිනාකමකින් යුතුව භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත. පූර්ව වෙන්දේසියට සාපේක්ෂව…
ඉතාලියේ ICOGUANTI සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය තහවුරු කර ගැනීමට Dipped Products PLC කටයුතු කර තිබේ. ICOGUANTI සමාගමේ 60% ක කොටස් අයිතිය Dipped Products PLC සතුව තිබූ අතර තවත් යූරෝ මිලියන 3.245 ක ආයෝජනයක් කරමින් එහි සම්පූර්ණ අයිතිය ලබා ගැනීමට සමාගම මෙහිදී සමත්ව තිබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී Dipped Products PLC හි අධ්‍යක්ෂ…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව සලසා දීම පිණිස ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එම වැඩසටහනෙහි දෙවන කාර්ය රාමුවෙහි තෙවන කණ්ඩායම ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වීම පිණිස තෝරාගත් නිලධාරින් 2016 සැප්තැම්බර්…
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් පරිමාව ඉහළ නැංවීමට ඊයේ (24) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. මේ අනුව සමාගමේ සෑම කොටස් 7 ක් කොටස් 8 ක් බවට පරිවර්තනය වනු ඇත. සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මෙන්ම කොටස් බලපත්‍රද (Warrants) මේ අනුව වැඩිවීමට නියමිතය. 2016 මැයි 24 වනදා වන විට ජෝන් කීල්ස්…
Video Story