Top News

සඳුදා බැංකු-කොටස් වෙළෙඳපොළ වහලා. පුද්ගලික අංශයටත් නිවාඩුයි(ද)..

සඳුදා දිනය (23) නිවාඩු දිනයක් ද යන්න බොහෝ දෙනා විමසන කරුණකි. කෙසේ වෙතත් 2016 මැයි 23 වන සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ. එහෙත් වෙසක් පුරපසළොස්වක පොහොය දිනය හා ඊට පසු දිනය අති අන්තයක යෙදී තිබීම හේතුවෙන් ඊට අතිරේක නිවාඩු දිනයක් සතියේ දිනයක දී ලබා ගත හැකි ද යන්න බොහෝ පුද්ගලික අංශයේ රැකියාවන් හි නියුතු දෙනා…

(0)Comments | May 21, 2016 7:36 pm

අලුත්ම බැඳුම්කර නිකුතුවේ ලංසු අනුමත වුණු හැටි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කැඳවන ලද අලුත්ම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පෙරේදා (19) පැවති අතර ඒ සඳහා රුපියල් මිලියන 45,000 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. ඒ 2018 හා 2020 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 10,000 බැගින් සහ 2024 හා 2026 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 12,500 බැගින් වන ලෙසිනි. වෙන්දේසිය සඳහා…

(0)Comments | May 21, 2016 4:58 pm

බීර නිෂ්පාදනය නවතී

ලයන් බෘවරි (සිලෝන්) හා සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් හි නිෂ්පාදන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් ඇන හිට තිබේ. පසුගිය දින කිහිපය පුරාවට ඇතිවූ ජලගැල්ම හේතුවෙන් බියගම කොළඹ පාරේ පිහිටි සිය කර්මාන්තශාලා පූර්ණ වශයෙන් ගංවතුරට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සමාගම් හි පාලනාධිකාරිය පියවර ගනෙ තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සමාගම දන්වා සිටින්නේ හැකි ඉක්මනින් එහි කටයුතු ආරම්භ…

(0)Comments | May 20, 2016 8:31 am

ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක්

දැනට දිවයින පුරා උද්ගත වී තිබෙන හදිසි ආපදා තත්වය හේතුකොටගෙන විපතට පත් ජනතාවට සහන සැලසීමේ කඩිනම් වැඩපිළිවෙලක් මේවනවිට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව සිය දිවයින පුරා තිබෙන ශාඛා ජාලය හරහා ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය පරිපාලන ඒකක හරහා හදිසි සහන සැලසීමේ අරමුණෙන් බෝතල් කළ පානීය ජලය, වියලි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් (භාවිත කළ හැකි තත්වයේ තිබෙන), එනෙකුත් රෙදිපිළි…

(0)Comments | May 19, 2016 11:50 am

බැඳුම්කර නිකුතු පාර්ලිමේන්තුවට වාර්තා කරන්න අගමැතිගෙන් උපදෙස්

ඉදිරියේ දී පැවැත්වෙන සෑම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අවසානයේ දී ඒ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ශ්‍රීලංකන් ගුවන්සේවය පිළිබඳ පැවති කල්තබන ලද විවාදයේ අතරතුර දී පැවසීය. මේ අතර අද (19) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් මිලියන…

(0)Comments | May 19, 2016 6:05 am

මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනයේ 80% ක් අවසන්

මඩකලපුව ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ගුවන්යානා පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට, ගුවන්යානා ධාවන පථය, ගුවන්යානා බැහැරුම් පථය සහ ගඟන යාත්‍රා අංගණය අලුත්වැඩියා කිරීමේ කටයුතුවලින් මේ වන විට 80% ක් පමණ අවසන් බව රජය නිවේදනය කර සිටී. ඉතිරි වැඩ කොටස් සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් නිම කරවා ගැනීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වන විට හිමිව…

(0)Comments | May 18, 2016 9:19 am

අමු රබර් අපනයන සෙස් බද්ද අඩුකරයි

රබර් අපනයනකරුවන් සහ දේශීය රබර් භාණ්ඩ නිෂ්පාදකයින් අතර ස්වාභාවික අමු රබර් සඳහා තරඟකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම හරහා රබර් මිල ඉහළ යාමට සැලැස්වීම මඟින් රබර් වගාකරුවන්ට සහන සැලසීමේ අරමුණින් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, අමු රබර් අපනයනයේදී අය කරනු ලබන සෙස් බදු මුදල කිලෝවකට රුපියල් 15/- සිට රුපියල් 4/- දක්වා පහත හෙළීම…

(0)Comments | May 18, 2016 8:51 am

ලංකා හොස්පිටල් විකුණන්ගේ නැහැ – නි.ඇමති එරාන් අවධාරණය කරයි

ලංකා හෝස්පිටල් හි අයිතිය වෙනස්වන්නේ නම් එය එහි කොටස්කරුවන් විසින් ගත යුතු තීරණයක් බවත්, ශ්‍රී ලංකා රජය එහි බහුතර කොටස් හිමියා බැවින් කිසිලෙසකින් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සිංගපූරු පාර්ශවයක් සමඟ ලංකා හොස්පිටල් ගනුදෙනුවක් සඳහා මේ වන විට…

(0)Comments | May 18, 2016 8:29 am

ඉතාලි නියෝජ්‍ය විදෙස් ඇමති ලංකාවට

නිල සංචාරයක් සඳහා ඉතාලි නියෝජ්‍ය විදේශ අමාත්‍ය බෙනෙඩෙටෝ ඩෙලා වැඩොවා සහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. 2006 වසරේ මෙරට සංචාරය කළ ඉතාලි විදේශ කටයුතු ඇමතිවරයාගෙන් පසු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ඉතාලි රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ මොහුය. ඉතාලි නියෝජ්‍ය විදේශ ඇමතිවරයා සමඟ Euro Green Power Ltd, Moving Energy, U2k Worldwide, සහ Building Energy සමාගම් නියෝජනය…

(0)Comments | May 18, 2016 7:33 am

දශ ලක්ෂ 45,000 ක බැඳුම්කර නිකුතුවක් අනිද්දා

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් දශ ලක්ෂ 45,000 ක භාණ්ඩාගාර නිකුතුවක් කැඳවා තිබේ. මෙම බැඳුම්කර වෙන්දේසිය 2016 මැයි 19 දින පැවැත්වීමට නියමිතය. 2018, 2020 වසරවල දී කල්පිරෙන පරිදි රු. මිලියන 10,000 බැගින් සහ 2024 හා 2026 වසරවල දී කල් පිරෙන පරිදි රු. මිලියන 12,500 බැගින් වන බැඳුම්කර මෙම නිකුතුව සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

(0)Comments | May 17, 2016 12:47 pm

Video Story

Stock Market

Exchange Rates