Top News

වාහන ආනයනය නවතයි

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම නතර කිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවක දී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා මේ බව කියා සිටියේය. පවතින විනිමය අනුපාත උච්ඡාවචනයන්ට ඔරොත්තු දීමට තමන්ට නොහැකි බවත්, මෙම අස්ථාවර තත්ත්වය අවසන් වන තෙක් මාස 03…

(0)Comments | May 4, 2016 12:36 pm

සංචාරක පැමිණීම 11% කින් ඉහළට

ගෙවී ගිය අප්‍රේල් මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය පසුගිය 2015 වසරේ මෙරට පැමිණි ප්‍රමාණයට වඩා 11.6% කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව අප්‍රේල් මාසය තුළ මෙරටට පැමණි මුළු සංචාරකයින් ප්‍රමාණය 136,367 ක් වන අතර වසරේ පළමු මාස 4 තුළ මේ දක්වා පැමිණ තිබෙන සම්පූර්ණ සංචාරකයින් ගණන 721,185 කි. අප්‍රේල් මාසය තුළ පැමිණි වැඩි…

(0)Comments | May 4, 2016 10:06 am

ලාෆ්ස් ගෑස් බංග්ලාදේශ සමාගමෙන් කොටසක් ඩුබායි යයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ලාෆ්ස් ගෑස් (බංග්ලාදේශ්) ලිමිටඩ් හි කොටස් හිමිකාරීත්වයෙන් 31% ක හිමිකම ඩුබායි හි සංස්ථාපිත SLOGAL ENERGY DMCC විසින් මිල දී ගෙන තිබේ. මේ සඳහා ආයෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 9.2 ක් වන අතර එහිදී මිල දී ගෙන ඇති කොටස් ප්‍රමාණය 847,428 කි. SLOGAL ENERGY DMCC සමාගම ද ලාෆ්ස්…

(0)Comments | May 4, 2016 7:48 am

ඇක්වා ලක්ෂ 48 යි – ප්‍රියස් 59 යි. වාහන මිල වැඩිවුණු හැටි මෙන්න.

මිල වැඩිවුණේ වැට් නිසා නොවෙයි මේ වන විට ආනයනික වාහනවල මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය තුළ තමන් හට මෙම කර්මාන්තය නිරත වීම සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සම-සභාපති නීතිඥ කෝකිල දීකිරිවැව මහතා පැවසීය. වත්මන් වාහන මිල ගණන් පිළිබඳ අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්…

(0)Comments | May 4, 2016 5:14 am

අඩු ගාණකට නව රථවාහන රක්ෂණ ක්‍රමයක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තෙවන පාර්ෂව රථවාහන රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දී ඇති බව සහකාර අධ්‍යක්ෂ යු.ආර්.එච්.කේ.සී.කේමරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති කෘෂිකර්ම කමිටු රැස්වීමේදීය. දැනට ලංකාවේ පවතින තෙවන පාර්ශව අඩුම රක්ෂණ ක්‍රමය මෙය බව ද ඒ මහතා පැවසීය. මේ යටතේ යතුරුපැදියක් සදහා රක්ෂණ ගාස්තුව රුපියල් 490 කි. වෑන් හා…

(0)Comments | May 4, 2016 3:51 am

ලංකා IOC ක්‍රිකට් පිලට තෙල බෙදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් හි නිල ලිහිසි තෙල් සහකරු වශයෙන් ලංකා IOC සමාගම අත්වැල් බැඳගනී. මීට අමතරව ශ්‍රී ලංකා A පිලේ නිල අනුග්‍රාහකයා බවට ද ලංකා IOC පත්ව තිබේ. මේ සඳහා වන නිල අනුග්‍රාහක චෙක්පත ලංකා IOC හි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බොහ්රා මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා වෙත පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව…

(0)Comments | May 3, 2016 11:04 am

විසිවසරකට පසු KLM ලංකාවට එයි

එළඹෙන ඔක්තෝබර් මාසයේ සිට සිය ශිශිර කාලසටහනට (winter schedule) අනුව ඇමස්ටර්ඩෑම් සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කරන බව KLM රාජකීය ඕලන්ද ගුවන්සේවය නිවේදනය කර සිටී. මේ අනුව පළමු ගුවන් යානය ඔක්තෝබර් 31 දින ශ්‍රී ලංකාව බලා පියාසර කිරීමට නියමිතය. අවසාන වරට KLM ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 1997 වසරේ…

(0)Comments | May 3, 2016 7:46 am

GSP+ ගැන තීරණාත්මක සාකච්ඡාවක් 11 වැනිදා බ්‍රසල්ස් හිදී

ශ්‍රී ලංකාවට GSP+ පහසුකම ලබා ගැනීම සම්බන්ධයෙන් තවත් එක් තීරණාත්මක සාකච්ඡාවක් මැයි 11 ‍වැනි දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දී පැවැත්වීමට නියමිත බව යුරෝපීය සංගමයේ වෙළෙඳ හා ආයෝජන නියෝජිත පිරිසේ නියෝජ්‍ය ප්‍රධානී රොෂාන් ලයිමන් මහතා පැවසීය. පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. 2010 වසරේ දී යුරෝපානු වෙළෙඳපොළ වෙත බදු රහිතව…

(0)Comments | May 3, 2016 6:50 am

ව්‍යාපාර සඳහා ආචාරධර්ම වැදගත් වන්නේ ඇයි? VIDEO

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජික නිර්ජ් දේවා මහතා විසින් ව්‍යාපාර සඳහා ආචාරධර්ම වැදගත් වන ආකාරය පිළිබඳ හරවත් දේශනයක් පසුගිය දා සිදුකරන ලදී. ‘ව්‍යාපාරවලට අදාළ ආචාරධර්ම සම්බන්ධ ගෝලීය ප්‍රවේශයක්‘ යන්න තේමා කර ගනිමින් සිදුකළ මෙම දේශනය ජූනියර් චෙම්බර් ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා විසින් පසුගියදා කැඳවන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් දේවා මහතා ඒ බව කියා සිටියේය. පහත දැක්වෙන්නේ යුරෝපා පාර්ලිමේන්තුවේ…

(0)Comments | May 3, 2016 6:22 am

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අංශයට චෙක් සහාය

මෙරට ආයෝජන අවස්ථා විමසීම සඳහා පැමිණි චෙක් සමූහාණ්ඩුවේ නියෝජිත පිරිස පසුගිය දා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අතර ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රය ඉහළ නැංවීම සඳහා සහාය දැක්වීමට තමන් අදහස් කරන ඔවුන් එහිදී පැවසීය. නවදිල්ලිය මූලස්ථානය කරගත් ශ්‍රී ලංකාවේ චෙක් තානාපති මිලන් හොවොකා මහතා සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…

(0)Comments | May 3, 2016 6:06 am