ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ලොව පුරා වඩා ජනප්‍රියත්වයට පත්ව ඇති ටොයෝටා Prius රථයට සම්පූර්ණයෙන්ම පාහේ සමාන මෝටර් රථයක් එළිදැක්වීමට කොරියාවේ හුන්ඩායි සමාගම කටයුතු කර ඇත. Ioniq යනුවෙන් නම් කර ඇති මෙම මෝටර් රථය ලබන මාසයේ දී නිල වශයෙන් වෙළෙඳ පොළට හඳුන්වා දෙන බව සමාගම නිවේදනය කර තිබේ. ඡායාරූපයෙන් දැක්වෙන්නේ Ioniq රථය එළිදැක්වීම වෙනුවෙන් කරන ලැබූ වීඩියෝ…
Franklin Templeton Investments හි අරමුදල් කළමනාකර මාර්ක් මෝබියස් මහතා පසුගියදා මෙරට සංචාරයක යෙදුනේය. සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කිරීමට ඔහු වග බලා ගත්තේය. එසේම අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද ඔහුට සිය සංචාරයේ දී අවස්ථාව උදා වුණි. තම සංචාරය පිළිබඳව සටහනක් තබමින් මාර්ක් මෝබියස් මහතා රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා…
සණස සංවර්ධන බැංකුව රුපියල් බිලියන 2 ක් ණයකර නිකුතුවක් සිදුකරන බව අද දිනයේ දී නිවේදනය කර සිටියේය. මෙහිදී රුපියල් 100 බැගින් වූ ශ්‍රේණිගත, සහතික කළ, නිදහස් කළ හැකි ණයකර මිලියන 20 ක් පළමු අදියරේ දී නිකුත් කෙරේ. ඒ සඳහා පවතින ඉල්ලුම සලකා බලා තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට බැංකුව සැලසුම් කර ඇත. මහජනතාවට…
ගෝවීන් දිරිගැන්වීමේ අරමුණින් මුංඇට කිලෝවක් රුපියල් 180.00 බැගින් මිල දී ගැනීම පිණිස රුපියල් මිලියන 50 ක උපරිමයකට යටත්ව අවශ්‍ය ප්‍රතිපාදන අත්තිකාරමක් වශයෙන් ගොවි භාරකාර අරමුදල මඟින් අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දීමට රජය කටයුතු කර තිබේ. මෙරට වාර්ෂික දේශීය මුං ඇට අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 26,000 ක් පමණ වන අතර මුං ඇට ආනයනය සඳහා වාර්ෂිකව වැයවන…
වොක්ස්වැගන් සමාගම ශ්‍රී ලංකාවට එන්න සැලසුම් කළේ 2015 වසරේ නොව ඊට පෙර බවත්, එවර එම ව්‍යාපෘතිය අනුමත කිරීමට ඩොලර් මිලියන 5 ක් ඉල්ලා සිටි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වොක්ස්වැගන් සමාගම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී පාර්ලිමේන්තු…
මෙරට ණය සුරැකුම් වෙළෙඳපොළේ ක්‍රියාත්මක ප්‍රාථමික වෙළෙඳ ගනුදෙනුකරුවන් සඳහා බලපැවැත්වෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ දමන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (19) දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය. 2016 අයවැය සඳහා වන නව සංශෝධන ප්‍රකාශයට පත්කරමින් මුදල් ඇමතිවරයා මේ බව පැවසීය. මේ අනුව මෙතෙක් ප්‍රාථමික ගනුදෙනුකරුවන්ගේ වෙළෙඳාම සඳහා තිබිය යුතු වූ රුපියල් බිලියන 1 ප්‍රාග්ධන…
ඉදිරි අනාගතයේ දී මෙරටට භාණ්ඩ මිල දී ගන්නන්ගෙන් 15% ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා භාණ්ඩ මිල දී ගැනීමට යොමුවනු ඇතැයි මෙරට ප්‍රමුඛතම ඉ-වෙළෙඳ ආයතනයක් වන Takas.lk හි ප්‍රධාන විධායක නිලධාරී ලහිරු පත්මලාල් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද දෙරණ Biz 24×7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම සම්පූර්ණ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
දැනට ශ්‍රී ලංකාවේ තිබෙන සියලූම රක්ෂණ සමාගම් සිය ප්‍රතිරක්ෂණ අවශ්‍යතාවලින් 30% ක් ජාතික රක්ෂණ භාර අරමුදල මඟින් සලසා ගැනීම අනිවාර්ය නීතියකි. මෙහිදී සපයනු ලබන ප්‍රතිරක්ෂණ ආවරණය තුළින් පැනනැඟිය හැකි කවර හෝ අසාමාන්‍ය හානියක් හේතුකොට ගෙන ජාතික රක්ෂණ භාර අරමුදලට භාර ගැනීමට සිදුවන අවදානම් අවම කරලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්…
ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සපයා ස්ථාපනය කර පවරා දීම සඳහා අන්තර්ජාතික තරඟකාරී ලංසු කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. ශ්‍රී ලංකාව සතු ගුවන් තොරතුරු කලාපය සඳහා අදාළ ගුවන් ගමන් පාලනය කිරීමට අවශ්‍ය වන සියලු තොරතුරු ජනනය කිරීම, බෙදාහැරීම සහ අනෙකුත් ගුවන් කලාපවලින් අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා ගුවන් තොරතුරු කළමනාකරණ පද්ධති භාවිත කෙරේ. දෛනිකව පාලනය…
පෙරේදා (16) පැවති භාණ්ඩාගාර බිල්පත් නිකුතුවේ දී පොළී අනුපාතික වැඩි වී තිබේ. මෙහිදී පරිණත කාලය, දින 91 – 6.10% සිට 6.28% දක්වා ද, දින 182 – 6.35% සිට 6.54% දක්වා සහ දින 364 – 6.92% සිට 7.01% දක්වා ද ලෙසින් පොළී අනුපාතිකයන් ඉහළ ගොස් තිබේ. මෙදින පැවති වෙන්දේසියේ දී රුපියල් මිලියන 15,843 ක භාණ්ඩාගාර බිල්පත්…
Video Story