Top News

ශ්‍රී ලංකන් මෙවරත් වලේ වැටෙයි

නවතම දත්ත මගින් අනාවරණය වන්නේ 2015 පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 4.9 ක දැවැන්ත අලාභයක් ලබා තිබෙන බවයි. මෙම අලාභයත් සමග ගුවන් සමාගමේ සමස්ත අලාභය රුපියල් බිලියන 130.9 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වසරේ මුල් මාස හතර තුළදී ගුවන් සමාගමේ ආදායම රුපියල් බිලියන 39.6 ක්වී තිබෙන අතර සමස්ත වියදම…

(0)Comments | July 2, 2015 12:59 pm

නිවාස ව්‍යාපෘති සමාගමකට ඇක්සස් රුපියල් මිලියන 523 ක් ආයෝජනය කරයි

මාලඹේ අක්කර 12.5 ක ඉඩමක නිවාස සහ තට්ටු නිවාස ව්‍යාපෘතියක් සිදුකරන හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සහ හොරයිසන් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා මෙරට ප්‍රකට ඉදිකිරීමේ සමාගමක් වන ඇක්සස් හෝල්ඩින්ග්ස් රුපියල් මිලියන 523.3 ක මුදලක් ආයෝජනය කර ඇත. මේ අනුව, ඇක්සස් ඉංජිනියරිං සමාගම හොරයිසන් හෝල්ඩින්ග්ස් වෙන්චර්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සියයට 100 ක සාමාන්‍ය…

(0)Comments | June 30, 2015 11:58 am

අග නගරයක් ලෙස මොරගහහේන සංවර්ධනය කිරීමට සැලසුමක්

හොරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මොරගහහේන නගරය ශක්තිමත් වාණිජ උප නගරයක් ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව, බස් නැවතුම් පොළ, වෙළඳ පොළ, වෙළඳ සංකීර්ණය, සතිපොළ සහ පොදු ක්‍රීඩා පිටිය කඩිනමින් සංවර්ධනය කිරීමට අදහස් කර තිබේ. මෙම සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය හෙක්ටයාර 1.354 ක රජයට අයත් ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා…

(0)Comments | June 30, 2015 3:42 am

The Steuart by Citrus සුපිරි හෝටලය අමුත්තන්ට සූදානම් -Video

කොළඹ නගරයේ සුපිරි සංචාරක හෝටල් ගොන්නට එකතුවූ නවතම ව්‍යාපාරික හෝටලය වන “The Steuart by Citrus“ සුඛෝපභෝගී සංචාරක හෝටලය සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (26) පස්වරුවේ විවෘත කෙරුණි. කොළඹ කොටුවේ හදවත බඳු ස්ථානයක පිහිටි කාමර 50 කින් සමන්විත තට්ටු 08 ක ව්‍යාපාරික පන්තියේ හෝටලයක් වන මෙය කළමනාකරණය කරන්නේ…

(0)Comments | June 27, 2015 9:13 am

අපේ විදේශ සංචිතයේ අළුත්ම තත්ත්වය මෙන්න!

පසුගිය මැයි මසයේදී ඩොලර් බිලියන 6.8 ක් ලෙස පැවති මෙරට නිළ විදේශ සංචිතය ජුනි මාසය වනවිට ඩොලර් බිලියන 7.6 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ අනුව, මෙම විදේශ සංචිත ප්‍රමාණය මාස 4.6 ක ආනයන සඳහා ප්‍රමාණවත් වේ. මෙසේ විදේශ සංචිතය වර්ධනය වීමට පසුගියදා ලංකාව ඉන්දියාව සමග ඇතිකර ගත් ස්වැප් පහසුකමද…

(0)Comments | June 26, 2015 1:20 pm

තේ කර්මාන්තශාලා සඳහා හදිසි ණය යෝජනා ක්‍රමයක්

ලෝක වෙළඳ පොළේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින තේ කර්මාන්තශාලා සඳහා කාරක ප්‍රාග්ධන (Working Capital) ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. මේ අනුව, සියළුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රාජ්‍ය හා වාණිජ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා වසර දෙකක කාලයක් සඳහා සියයට 02…

(0)Comments | June 25, 2015 11:26 am

හදිසි ගිලන් රථ සේවයක් ඇරඹීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 08 ක්

රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු 30 ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් රථ සේවයක් ග්‍රාමීය ප්‍රදේශ ආවරණය වන පරිදි ආරම්භ කිරීමට රජය සූදානම් වේ. මෙවැනි ගිලන් රථ සේවයක් ඉන්දියාවේ ක්‍රියාත්මක වන අතර මෙම ගිලන් රථ සේවය මෙරට ආරම්භ කිරීම සඳහා සහයෝගයද ඉන්දියාව විසින් ලබාදෙන…

(0)Comments | June 25, 2015 11:11 am

ආචාර්ය අබ්දුල් කලාම් අද ශ්‍රී ලංකාවට

දැනුම් ආර්ථිකයේ බලශක්ති අභියෝගතා පිළිබද ජාත්‍යන්තර සමුළුව මේ මස 26, 27 යන දින වලදී කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වේ.මෙම සැසියේ ප්‍රධාන දේශකවරයා ලෙස සම්බන්ධවන ඉන්දියාවේ හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා අද රාත්‍රී ශ්‍රී ලංකාවට සැපත්වීමට නියමිතය. සමාරම්භක සැසිය 26 වන සිකුරාදා ප.ව 6.00 සිට ප.ව 8.30 දක්වා පැවැත්වෙන අතර තාක්ෂණ සැසිය 27 වන සෙනසුරාදා පෙ.ව…

(0)Comments | June 25, 2015 5:40 am

කල්පිටිය බීච් රිසෝර්ට් විකල්ප සැලසුම කොටස්කරුවන් ඒකමතිකව අනුමත කරයි

කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගම විසින් ගොඩනැගීමට සැලසුම් කර තිබෙන හෝටලයේ පළමු අදියර ලෙස කාමර 60 කින් යුක්ත ආයුර්වේද සහ ස්පා මධ්‍යස්ථානයක් කල්පිටියේ ඉදිකිරීම සඳහා සමාගම විසින් ඉදිරිපත් කළ විකල්ප ක්‍රියා සැලසුම සමාගමේ කොටස්කරුවන් විසින් ඒකමතිකව අනුමත කර තිබේ. සමාගමේ කොටස්කරුවන්ගේ සහභාගීත්වයෙන් ජුනි මස 19 වනදා පැවති කල්පිටිය බීච් රිසෝර්ට් පී.එල්.සී. සමාගමේ අතිවිශේෂ මහ සභා…

(0)Comments | June 24, 2015 10:32 am

Exclusive- පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල-කඩවත කොටස විවෘත කරන දිනය මෙන්න!

දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ නිමකර මේ ජුනි 30 වනදා ජනතා අයිතියට පත්කිරීමට රජය සූදානම් වනබව අප වෙත අනාවරණය වේ. මෙම මාර්ගයේ තෙවන අදියර වන කඩවත සිට කෙරවලපිටිය දක්වා කිලෝ මීටර් 9.32…

(0)Comments | June 24, 2015 6:39 am