ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් හට කඩිනමින් වීසා පහසුකම් සලසා දීමට තම තානාපති කාර්යාලය කටයුතු කරන බව මෙරටට පැමිණ සිටින ජෝර්දාන රාජ්‍ය නියෝජිත එසාන් එම්. අල් ජවාර්නේ මහතා පැවසීය. මේ සඳහා මෙරට වාණිජ මණ්ඩලය විසින් නිර්දේෂ ඉදිරිපත් කිරීමක් කළ යුතුව ඇතැයි ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය. දෙරට අතර වාණිජ සහයෝගීතාවන් ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ජොර්දාන රාජ්‍ය…
දෙරට අතර පවතින සුහදශීලී මිත්‍රත්වය සහ ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් 2016 සිට 2018 දක්වා කාලපරිච්ඡේදය තුළ දෙරටේ රජයන් විසින් අන්‍යොන්‍ය වශයෙන් එකඟ වන ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම පිණිස ඇමෙරිකානු ඩොලර් මිලියන 300 නොඉක්මවන කොරියානු වොන් ණය මුදලක් කොරියානු අපනයන – ආනයන බැංකුවේ ආර්ථික සහයෝගිතා අරමුදල හරහා ශ්‍රී ලංකාවට ලබා දීමට කොරියානු රජය…
රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් හෙට (10) දිනයේ දී පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. මෙහිදී රුපියල් මිලියන 12,000 ක බිල්පත් දින 182 ක පරිණත කාලයකින් වන පරිදි සහ රුපියල් මිලියන 8,000 ක බිල්පත් දින 364 ක පරිණත කාලයකින් වන පරිදි වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය සතියේ පැවති වෙන්දේසියේ…
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිල සංචාරයක් සඳහා තුර්කිය බලා පිටත්ව ගොස් තිබේ. තුර්කියට අපනයනය කරනු ලබන තේ ප්‍රමාණය වර්ධනය කරලීම මෙම සංචාරයේ මූලික අරමුණයි. අමාත්‍යවරයාට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය හා තේ අපනයනයකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් මෙම සංචාරය සඳහා එක් වී තිබේ. මෙරට තේ අපනයනය…
යළිත් වරක් මන්දගාමී වාතාවරණයක් පෙන්නුම් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද දිනයේ දී ඒකක 2.98 කින් පහළ ගියේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,401.66 ක් ලෙසින් සටහන්ව තිබිණි. කෙසේ වෙතත් S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ධනාත්මකව නිරෑපණය කෙරුණු අතර පූර්ව දිනයට සාපේක්ෂව ඒකක 8.35 ක වර්ධනයන් සනිටුහන් කරමින්…
මෙරට පුනර්ජනනීය බලශක්ති විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධනය කිරීම, ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තීන්ගෙන් ලබා ගැනෙන විදුලිය ධාරිතාව වැඩි කිරීමට අදාළව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම වෙනුවෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය හා ජර්මානු ජනරජයේ ආර්ථික කටයුතු සහ බලශක්ති අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම අවබෝධතා ගිවිසුම පෙබරවාරි මස 16…
ශ්‍රී ලංකාව තුල තෙල් පිරිපහදු හා ගබඩා කිරීමේ මෙහෙයුම් ඇරඹීම සඳහා ඉන්දියාව ඉතා උනන්දුවෙන් පසුවන බව ඉන්දියාවේ පෙට්‍රෝලියම් අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරියගේ බලශක්ති උපදේශක වන තව්ෆික් එලාහි චෞද්රි හා ශ්‍රී ලංකාවේ පෙට්‍රෝලියම් සම්පතක් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්මිය භුබානේෂ්වර් හිදී හමුවූ අවස්ථාවක දීය. ඉන්දීය අගමැති…
2016 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය 194,280 ක් ලෙසින් වාර්තා වන අතර මෙය 24.3% ක වර්ධනයක් බව නවතම දත්ත වාර්තා සඳහන් කර සිටී. මෙයාකාරයෙන් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරයකින්ගෙන් බහුතරය ඉන්දියානුවන් වන අතර එහි දෙවන තැන හොංකොං, මැකාවෝ ඇතුළු චීන ජාතිකයින් විසින් අත්පත් කර ගෙන තිබේ. ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි ඉන්දියානුවන් ගණන…
වසර දෙකකට වරක් ඉන්දියාවේ පැවැත්වෙන ඔටෝ එක්ස්පෝ මෝටර් රථ ප්‍රදර්ශනය සඳහා මේ වන විට ලොව පුරා මෝටර් රථ ලෝලීන් ගේ අවධානය හිමිව තිබේ. මෙම මෝටර් රථ ප්‍රදර්ශනය පෙබරවාරි 05 සිට 09 වැනි දින දක්වා ඉන්දියාවේ නවදිල්ලි හි Greater Noida, India Expo Mart හිදී පැවැත්වෙනු ඇත. මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් අවධානයට පාත්‍ර වී ඇත්තේ ඉදිරියේ දී…
ලෝකයේ මධ්‍යම පාන්තික පරිභෝජනය ඉහළ යමින් පවතින බැවින් විවිධ විලාසිතා වලින් යුතු ගුණාත්මක පාවහන් සඳහා ඇති ඉල්ලුම සීග්‍ර ලෙස වර්ධනය වී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අට වන වරටත් සංවිධානය කළ පාවහන් හා සම්භාණ්ඩ වෙළඳ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස…
Video Story