Top News

ඉදිරි වසර එක හමාර ඇතුළත මෙරට ආර්ථිකයේ සුවිශේෂී පරිවර්තනයක් සිදුවන බව මුදල් ඇමති කියයි

ඉදිරි වසර එක හමාර ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී වෙනසක් සිදු වන බවත්, ඒ සඳහා වන මූලික සැලසුම් සකස් වෙමින් පවතින් බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන නිෂ්පාදන අපනයන ක්‍රියාවලිය වර්ධනය කළ යුතු බවත්, විදේශ ආයෝජන රට තුළට කැඳවා ගත යුතු බවත් ඒ සඳහා වන මධ්‍ය කාලීන…

(0)Comments | April 4, 2016 12:30 pm

ජෙට්වින් ජැෆ්නා ජනපති අතින් විවෘත වෙයි

ජෙට්වින් සමූහයේ නවතම හෝටල් සංකීරණය ඊයේ (03) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින යාපනය නගර මධ්‍යයේ දී විවෘත විය. කාමර 55 කින් යුතු මෙම හෝටලය අති නවීන පහසුකම් රැසකින් සමන්විත වේ. මෙම හෝටලය පිහිටි ඉඩම සම්පත් බැංකුවේ හිටපු සභාපති අභාවප්‍රාප්ත එම්.යූ. ජයවර්ධන මහතාට අයත් එකක් වන අතර ඒ මහතා ගේ නමින් මෙම හෝටලයේ කාමරයක් වෙන්…

(0)Comments | April 4, 2016 12:15 pm

ලංකාවේ අපිට ලෙහෙසියෙන් යා හැකි රටවල් මෙන්න

ලොවපුරා රටවල ගමන් බලපත්‍ර ඇසුරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ARTON CAPITAL විසින් එළිදක්වන ලද වාර්තාවක් පසුගියදා නිකුත් කෙරුණු අතර ඉන් කියැවුණේ එක් එක් රටවල ගමන් බලපත්‍ර කොතරම් බලසම්පන්න ද යන්නයි. පූර්ව වීසා ලබාගැනීමකින් තොරව හෝ පැමිණීමේ දී (On Arrival) වීසා ලබාගැනීමේ හැකියාව මත මෙම වර්ගීකරණය සිදුකර තිබිණි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර හිමියෙකුට…

(0)Comments | April 4, 2016 9:18 am

වයිල්ඩ් කොස්ට් ලොජ් සහ දොඩන්දූව වත්තෙන් නව හෝටල් දෙකක්

යාල, පලටුපාන ප්‍රදේශයෙහි නව බුටික් හෝටලයක් ඉදිරිකිරීමට වයිල්ඩ් කෝස්ට් ලොජ් (පුද්) සමාගම පියවර ගනෙ තිබේ. කාමර 28 කින් සමන්විත මෙම හෝටලය සඳහා ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පසුගිය දා ගිවිසුම් අත්සන් කරනු ලැබීය. මේ අතර දොඩන්දූව වත්ත (පුද්) සමාගම හා ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් ද පසුගිය දා අත්සන් කෙරිණි. වැලිගම ඉදිකෙරන කාමර 64 කින් යුතු…

(0)Comments | April 4, 2016 4:25 am

කුඩා ජලවිදුලි බලාගාර 5 ක් ඇරඹීමට ආයෝජන මණ්ඩලයෙන් අනුමැතිය

නව කුඩා ජලවිදුලි බලාගාර 5 ක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. රත්නපුර, හල්දුම්මුල්ල, මාතලේ හා හාලි ඇල ප්‍රදේශවල මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. Euro Lanka Energies (Pvt) Ltd, Meunex Nahalwathura Hydropower (Pvt) Ltd, Lower Lemastota Hydropower (Pvt) Ltd, Escas Digital (Pvt) Ltd සහ Bambarapana Hydropower (Pvt) සමාගම් වෙත මෙලෙසින් නව ව්‍යාපෘති…

(0)Comments | April 4, 2016 3:49 am

බැංකු නොවන මූල්‍ය අංශයේ ක්ෂුද්‍ර ණය යොමුව අවදානම් බව ෆිච් කියයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය අංශයේ සමාගම්වල ක්ෂුද්‍රණය දීම් අවදානම් තත්ත්වයකට පත්විය හැකි බව ෆිච් රේටිංග්ස් නිවේදනය කර සිටී. 2014 මාර්තු වන විට 4% ක්ව පැවති මෙම අංශයේ ණය දීම් 2015 දෙසැම්බර් වන විට 27% දක්වා වර්ධනය වී තිබෙන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර බැංකු නොවන මූල්‍ය ආයතනවල ණයදීම්වලින් 30% ක් පමණ…

(0)Comments | April 4, 2016 3:11 am

වැට් බද්දේ වෙනසක් නැහැ

වැට් බද්ද හෙවත් එකතු කළ අගය මත බදු අනුප්‍රමාණය තවදුරටත් 11% මට්ටමේ පවතින බව දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටී. පසුගියදා කළ නව බදු සංශෝධනවලට අනුව වැට් බද්ද 15% දක්වා සංශෝධනය කළ අතර 2016 අප්‍රේල් 01 වැනිදා පටන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් කල්‍යාණී දහනායක මහත්මිය කියා…

(0)Comments | April 1, 2016 2:13 pm

වත්කම් හෙළිකරන්නැයි එන්රිකේ සංවිධායකයින්ට නියෝගයක්

ආන්දෝලනයට තුඩුදුන් එන්රිකේ ඉග්ලේසියස් ගේ සංගීත ප්‍රසංගයේ සංවිධායකයින් හට සිය වත්කම් හෙළි කරන ලෙස කොළඹ දිස්ත්‍රික් අධිකරණය විසින් අද (01) නියෝග කර තිබේ. පසුගිය දෙසැම්බර් 20 වන දින පැවති “Enrique Iglesias –Sex and Love” සංගීත ප්‍රසංගයේ ටිකට්පත් අලෙවියෙන් ලැබුණු සම්පූර්ණ ආදායම හා සමාගම සතුව තිබෙන වත්කම් අනාවරණය කරන්නැයි මෙම නියෝගය ලැබී ඇත. මේ සඳහා දින…

(0)Comments | April 1, 2016 11:38 am

අප්‍රේල් පළමුවැනිදා UBER ස්කූටර් හඳුන්වා දුන්නේ මෙහෙමයි

UBER කුලී රථ සේවාවන් මේ වන විට ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. අද වන විට ශ්‍රී ලංකාව තුළ ද UBER සඳහා ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ලබා ඇති මෙම ජනප්‍රියත්වයත් සමඟම තවත් විප්ලවීය හඳුන්වාදීමක් UBER විසින් අද දිනයේ දී සිදුකර ඇත. එනම් UBER ස්කූටර් හඳුන්වාදීමයි. ඉතා කාර්යක්ෂම, අඩුවියදම් සේවාවක් ලබා දීම මෙහි අරමුණ බව සමාගම ප්‍රකාශ…

(0)Comments | April 1, 2016 8:11 am

ලංකාවේ කෙලවල්ලා මාළු ඔළුවට කොරියානුවෝ ලොල් වෙයි

කොරියාවට කෙලවල්ලා මාළු ඔළු අපනයනය ඉතා ලාභදායී ව්‍යාපාරයක් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය දිලිප් වෙදආරච්ච් මහතා පැවසීය. කොරියානු නියෝජිතයින් පිරිසක් සමඟ ඊයේ (31) පැවති හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මේ තුළින් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව වෙදආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයා ගැනීම සඳහා…

(0)Comments | April 1, 2016 6:47 am