SMS – ඊමේල් නීතිය ඉදිරියේ සාක්ෂි ලෙස පිළිගන්නවා VIDEO

    October, 7, 2016

    ඉ-වාණිජ්‍ය හා පරිගණක ක්ෂේත්‍රෙය් නව ප්‍රවණතාවන් හි නෛතික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබයරත්න මහතා අද දෙරණ Biz 24x7 සමඟින් එක්විය.

    ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය කටයුතු සඳහා යොමු වීමේ දී සම්ප්‍රදායික වාණිජ කටයුතුවලින් බැහැර වීමක් දක්නට ලැබුණත් මූලික වාණිජ නීති සංකල්ප අතර වෙනසක් සිදුව නොමැති බව ඒ මහතා මෙහිදී පැවසීය.

    “පරිගණක ආශ්‍රයෙන් බොහෝ කටයුතු සිදුවන විට ඒ සඳහා මෙහෙයවීමක්, රීති පද්ධතියක් තිබෙනවාද යන්න පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. අන්තර්ජාලය ඔස්සේ මුදල් ගනුදෙනු සිදුවන විට ඊට අනුවිෂයයන් බොහෝමයක් සම්බන්ධ වෙනවා. බුද්ධිමය දේපළ, මුදලට තියෙන ආරක්ෂණය ඒ අතුරින් කිහිපයක්“, යැයි අබයරත්න මහතා කියා සිටියේය.

    2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත මේ හා සම්බන්ධ වන නීතිය බවත් ඊට පෙර ඉලෙක්ට්‍රොනික ගනුදෙනු සම්බන්ධයෙන් නීතිය ඉදිරියේ පිළිගැනීමක් නොතිබුණු බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුනිල් අබයරත්න මහතා මෙහිදී අවධාරණය කර සිටියේය. තවද වර්තමානයේ දී SMS හා ඊමේල් පණිවුඩ නීතිය ඉදිරියේ සාක්ෂි වශයෙන් පිළිගන්නා බව ද ඒ මහතා මෙහිදී පැවසීය.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=4P8r5cJA1FE