කොළඹ වරායේ සිට මියන්මාරය දක්වා නව පෝෂක නැව් සේවාවක් දියත් කර තිබේ. මේ යටතේ Continental නෞකා ජාලයට අයත් පතින් ස්ටාර් (M.V.Pathein Star) නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ කියා සිටියේය. “නාවික ක්ෂේත්‍රයෙහි අද අපි ලෝකයේ අභියෝගාත්මක කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ අනුව සමහර අවස්ථාවන්හිදී…
ශ්‍රී ලංකා ඉතාහාසයේ මුල් වතාවට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (30) දිනයේ දී රු. 150 සීමාව ඉක්මවා යන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 146.52 ක් ලෙසත් විකුණුම් මිල රු. 150.54 ක් ලෙසත් සටහන් විය. මීට අමතරව…
වත්මන් රජය විසින් ක්‍රියාවට නංවා තිබෙන මහනගර සැලසුම අලුත් දෙයක් නොවන බවත් එය 1978 සිට සිද්‍රකරමින් පවතින දෙයක් බවත් මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සැලසුම් අංශයේ සාමාජික මහාචාර්ය පී.කේ.එස්. මහානාම මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහාචාර්ය මහානාම මහතා කියා සිටියේ කොළඹ යනු මෙගාසිටි එකක් බවත්, රටේ ජනතාවට කොළඹ නැතුව ජීවත් විය නොහැකි බවත්ය. මෙගාපොලිස් සැලසුම හෙවත්…
ප්‍රතිපත්ති පොළී අනුපාතික තවදුරටත් වෙනස් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ඊයේ පැවති 2016 මාර්තු මස මුදල් ප්‍රතිපත්ති විවරණය අනුව මෙම තීරණය ගෙන තිබේ. මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 6.50%, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 8.00% හා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) – 7.50% මට්ටම්වල නොවනස්ව පවතිනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 77,000 ක් ඉක්මවූ ලංසු අනුමත කිරීමට කටයුතු කර තිබේ. මූලික වශයෙන් මෙම වෙන්දේසිය සඳහා පරිණත කාලසීමා 4 ක් යටතේ රුපියල් මිලියන 10,000 බැගින් රුපියල් මිලියන 40,000 ක බැඳුම්කර ඉදිරිපත් කර තිබිණි. මේ සඳහා ලැබුණු මුළු ලංසුවල වටිනාකම රුපියල් මිලියන 142,422…
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය මේ වන විට සීග්‍ර පරිහානියක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාත සටහනට අනුව ඩොලරයක ගැණුම් මිල අද දිනයේ දී රු. 145.56 ක්වූ අතර විකුණුම් මිල රු. 149.54 ක් වශයෙන් වාර්තා විය. පසුගිය සතියේ මාර්තු 24 වන…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 මාර්තු මාසය වෙනුවෙන් සිදුකරනු ලබන මුදල් ප්‍රතිපත්ති විවරණය අද (29) සවස 6.00 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. පසුගිය මස පැවති මුදල් ප්‍රතිපත්ති විවරණය තුළින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8% දක්වා පදනම් අංක 50 බැගින් ඉහළ නැංවීමට පියවර ගැනුණි. මීට අමතරව ජනවාරි 16 වැනි දින…
දැනටලොව පුරා ඇති වොක්ස්වැගන් හා Porsche මෝටර් රථ අට ලක්ෂයක් යළි කැඳවීමට සමාගම විසින් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී. මෙම වාහනවල ෆුට් පැඩලවල (foot pedals) ඇති වී තිබෙන නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සමාගම තීරණය කර ඇති බව එම වාර්තා හි වැඩිදුරටත් සඳහන් වේ. මේ අනුව 2011 වසරේ සිට…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ ෆින්ලේස් කළම්බු පීඑල්සී, ඊයේ (28) දින සිට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වී තිබේ. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම නියම කරන ලද අවම මහජන පංගුව නඩත්තු නොකිරීමට ගත් තීරණය මත සමාගම විසින් මෙම පියවර ගෙන තිබේ. සමාගමේ කොටස් හිමිකාරීත්වය අත්හැරීමට සූදානම් කොටස් හිමියන් වෙනුවෙන් කොටසකට රු. 302.00 බැගින් ගෙවීමට සමාගම…
ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් දශ ලක්ෂ 40,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද (29) දිනයේ දී පවත්වන බව නිවේදනය කර සිටී. කාණ්ඩ 4 ක් යටතේ පවත්වන මෙම වෙන්දේසියේ දී 2020, 2025, 2026 හා 2030 වසරවල දී කල්පිරෙන අයුරින් රුපියල් දශ ලක්ෂ 10,000 බැගින් බැඳුම්කර නිකුත් කිරීමට නියමිතය. මේ සඳහා අද පෙරවරු 11.00 දක්වා ලංසු භාර…
Video Story