රට පුරා සිගරට් හිඟයක්. ආපනශාලා හිමියන්ගෙන් ජනපතිට ලිපියක්.

    October, 3, 2016

    මේ වන විට රට පුරා දුම්වැටි හිඟයක් පවතින බවත් මේ හේතුවෙන් රට පුරා ආපන ශාලා පද්ධතිය, දුම්වැටි හිඟය නිසා බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හට ලිපියක් යවමින් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියා සිටින්නේ පසුගිය දිනවල දුම්වැටියට නොයෙකුත් මිල ගණන් ප්‍රකාශයට පත්කළ නිසා ඒජන්සිකරුවන් විසින් මෙම අර්බුදය නිර්මාණය කර ඇති බවයි.

    සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යවන ලද සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.