ලංකාවේ ගමන් බලපත්‍රයෙන් වීසා නැතුව රටවල් 47 ක් එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය අංක 1ට ලොවපුරා භාවිතාවන ගමන් බලපත්‍ර ඇසුරින් Passport Index විසින් සකස් කෙරෙනා නවතම ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමට අනුව, පළමු තැනට එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය පත්ව තිබේ. ඊට අනුව එම රටවල් දෙකෙහි ගමන් බලපත්‍ර හිමියන්ට පූර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 147…
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ දී දරුණු කඩා වැටීමකට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන දෛනික විනිමය අනුපාත සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ තීරණය වී ඇති ඉහළම ගැනුම් හි විකුණුම් මිල ගණන් අද දිනයේ දී වාර්තා විය. එහිදී ඩොලරයක් ගැනුම් මිල රුපියල් 144.93 ක්…
ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් විසින් මෙරට තවත් ජංගම දුරකතන සේවා සපයන්නෙකු වන හච් සමාගම මිල දී ගැනීම හා සම්බන්ධ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා පැවසීය. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ටෙලිකොම් සභාපතිවරයා මේ බව අනාවරණය…
සිලෝන් ටී බ්‍රෝකර්ස් පීඑල්සී හි වාර්තාවකට අනුව 2016 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකා තේ අපනයනවල සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ. එම වාර්තාවන්ට අනුව ශ්‍රී ලංකාව විසින් වැඩි වශයෙන් තේ අපනයනය කරනු ලබන රටවල් ලෙසින් වාර්තා වනුයේ රුසියාව, ඉරානය හා ඉරාකයයි. කෙසේ වෙතත් පසුගිය වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදයට සාපේක්ෂව මෙම කාලපරිච්ඡේදය තුළ දී තුර්කිය වෙත අපනයනය…
දිගු කාලයක පටන් දේශපාලනිකව මෙන්ම ආර්ථික වශයෙන් ද බලවත් අර්බුදයක ගිලී සිටින මියන්මාරයේ, නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් එහි කොටස් වෙළෙඳපොළ දේශීය ආයෝජකයින් වෙනුවෙන් පසුගිය සතියේ දී විවෘත විය. මෙහි ඇති විශේෂත්වය නම් මියන්මාර කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇත්තේ එක් සමාගමක් පමණක් වීමයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් මිලියන 598 කි. මියන්මාර කොටස් වෙළෙඳපොළ ලොව දෙවැනියට කුඩාම…
ගුවන් මගීන්ගේ සමීක්ෂණයක් අනුව ලෝක ගුවන්තොටුපළ වර්ගීකරණ ලැයිස්තුවක් නිකුත් කිරීමට Sleeping in Airports වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. වාර්ෂිකව සිදුකරන මෙම සමීක්ෂණය හුදෙක් අන්තර්ජාලය පදනම් කර ගත් එකක් පමණක් වේ. මෙහි ඇති විශේෂත්වය නම් ලොව පුරා ගුවන්තොටුපළ ආවරණය වන පරිදි සමීක්ෂණය සිදුකර තිබීමයි. 2015 වසර තුළ දී සිදුකරන ලද සමීක්ෂණයෙහි ප්‍රතිඵල අනුව මෙම වර්ගීකරණය සිදුකර…
පිරිපහදු කරන ලද ඛනිජ තෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු 4 කට එළඹීමට රජය තීරණය කර ඇත. 2016 මාර්තු මස 01 දින සිට මාස අටක (08)ක කාලයක් තුළ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි දිගුකාලීන කොන්ත්‍රාත්තු හතරක් ප්‍රදානය කිරීමට මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්‍යොන්‍ය පදනමින් බදු තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආදායම් සේවා ආයතනය සහ ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර අන්තර්-රාජ්‍ය ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය…
ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය අතර ද්විමාර්ගික වෙළෙඳාම හා ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය හා ස්විස්ටර්ලන්තයේ ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා කොළඹ දී අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති සමන්ත රණතුංග හා ස්විස්-ආසියානු වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා කමිටු සභාපති මාර්ක් ඩන්ගල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (24) දිනයේ දී කැඳවන ලද රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ සියලු ලංසු ප්‍රතික්ෂේප වී තිබේ. 2020, 2021, 2022 හා 2025 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් මිලියන 5,000 බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර ඊයේ දිනයේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර පිළිවෙලින් මිලියන 13,628, මිලියන 17,500, මිලියන…
Video Story