Top News

මිලියන 43,000 ක රාජ්‍ය සුරැකුම්පත් මෙම සතියේ දී වෙන්දේසියට

රුපියල් මිලියන 43,000 ක වටිනාකමකින් යුතු රාජ්‍ය සුරැකුම්පත් මෙම සතිය තුළ දී වෙන්දේසිගත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කියා සිටී. මෙහිදී 2016 සැප්තැම්බර් 28 දින රුපියල් මිලියන 21,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා යොමු කිරීමට නියමිත අතර සැප්තැම්බර් 29 දින රුපියල් මිලියන 22,000 ක වනොකමකින් යුතු භාණ්ඩාගාර…

(0)Comments | September 26, 2016 5:28 am

ලෝක සංචාරක දිනය සැප්තැම්බර් මස 27 දා

ලෝක සංචාරක දිනය සැප්තැම්බර් මස 27 දිනට යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් 2016 වසර සදහා තේමාව ලෙස යොදා ගෙන ඇත්තේ “TOURISM FOR ALL PROMOTING ACCESSIBILITY TOURISM”, ” විශ්වී ප්‍රවේශයක් තුළින් සැමට සංචරණය” යන්නයි. මෙහි ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන ශ්‍රවණාගාරයේදී සංචාරක හා ක්‍රිස්තියානි කටයුත අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ…

(0)Comments | September 26, 2016 4:23 am

ඩීසල් බදු ගැන ලංකා IOC ලොක්කා මෙසේ කියයි VIDEO

මෑතක දී ඩීසල් සඳහා තිබූ බද්ද රු. 3 සිට රු. 13 දක්වා වැඩි කිරීමට පෙර ඩීසල් සඳහා වන රේගු බද්ද ද ඉහළ දැමූ බව ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා පවසයි. අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය. මෙම පසුබිම තුළ ලංකා IOC සමාගම පමණක් නොව තෙල් සංස්ථාවද බලපෑමකට ලක්ව තිබෙන…

(0)Comments | September 24, 2016 8:26 am

වැට් සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක වීම වැදගත් – IMF අවධාරණය කරයි VIDEO

දුෂ්කර වාතාවරණයක් යටතේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලද ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාවට නංවා, ජූනි මාසය අවසන් වන විට සපුරාලිය යුතු සියලු කාර්යසාධන මට්ටම් සපුරාලීම පිළිබඳව තම ප්‍රශංසාව හිමි වන බව මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමේ ප්‍රධානී Jaewoo Lee මහතා පැවසීය. අද (23) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා…

(0)Comments | September 23, 2016 12:19 pm

ලොව පළමු හයිඩ්‍රජන් දුම්රිය ජර්මනියේ දී එළිදකී

ප්‍රංශයේ Alstom සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ලොව පළමු හයිඩ්‍රජන් දුම්රිය ජර්මනියේ Berlin InnoTrans trade show හිදී එළිදක්වා තිබේ. “hydrail” ලෙසින් හැඳින්වෙන මෙම සුවිශේෂී දුම්රිය, වායු විමෝචනයෙන් තොර, හයිඩ්‍රජන් වායුවෙන් ධාවනය වන ලොව පළමු මගී දුම්රිය ලෙසින් වාර්තා වේ. මෙම දුම්රිය 2017 දෙසැම්බර් මාසයේ දී භාවිතයට යොදා ගැනීමට නියමිත බව සඳහන් අතර හයිඩ්‍රජන් ඉන්ධන ටැංකි…

(0)Comments | September 23, 2016 7:55 am

CIFL සම්පූර්ණයෙන් ගන්න ජර්මනියෙන් ඇවිත් ලු..

අර්බුදයට ලක්ව තිබෙන මෙරට මූල්‍ය සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගම මුළුමනින්ම මිල දී ගැනීම සඳහා ජර්මනියේ Vandell Financial Services SA හි නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණි බව CIFL හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වන ලක්ෂ්මන් රූපසිංහ විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී තිබේ. මෙම නිවේදනයට අනුව අදාළ ජර්මානු නියෝජිත පිරිස ජනාධිපති මෛත්‍රීපාල…

(0)Comments | September 23, 2016 6:57 am

රබර් තාක්ෂණික ශිල්පීන්ට ඉන්දියාවේදී පුහුණුව

රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුතු තාක්ෂණික ශිල්පීන් සඳහා විදේශිය පුහුණු පාඨමාලා තුළින් නවීන තාක්ෂණික දැනුම ලබාදීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව සැප්තැම්බර් 26 දා සිට ඔක්තෝබර් 2 දක්වා ඉන්දියාවේ කොචින් විද්‍යා හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී තෝරාගත් රබර් ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණික ශිල්පීන් 25 ක් සඳහා මෙම තාක්ෂණීක පුහුණු පාඨමාලාව පැවැත්වේ….

(0)Comments | September 23, 2016 5:20 am

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, සිංගප්පූරුවේ සැක කටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය සමඟ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධ ඒකකය (FIU – Sri Lanka) සිංගප්පූරුවේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ කාර්යාලය (STRO) සමග 2016 සැප්තැම්බර් 01 වන දින අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අන්‍යොන්‍ය අවබෝධතාවය සහ එකිනෙකා පිළිබඳව දක්වන සහයෝගීතාවය සහ සැලකිල්ල පදනම් කරගෙන, එක් එක් ආයතනයට අදාළ ජාතික ව්‍යවස්ථාපිත රාමුව තුළ…

(0)Comments | September 22, 2016 6:49 am

අයවැයෙන් වාහන මිලට වෙන දේ VIDEO

මෙවර අයවැයේ දී වාහන මිල ගණන් පිළිබඳ කිසිදු වෙනසක් සිදුනොවන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. ඊයේ (21) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ මේ වන විට ආනයනකරුවන්ට වාහන විකිණීමට…

(0)Comments | September 22, 2016 5:56 am

ආහාර මිල පහළ යාමෙන් අගෝස්තු උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 ජූලි මාසයේ දී යාර්තා කළ සියයට 5.8 හි සිට 2016 අගෝස්තු මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගියේය. 2016 අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩය ද දායක විය….

(0)Comments | September 22, 2016 5:11 am