උක් කර්මාන්තය හා උක් ගොවීන් මෙන්ම පාරිභෝගික ජනතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආනයනික සීනි සදහා වන විශේෂ වෙළෙද භාණ්ඩ බද්ද සංශෝධනය කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව බදු සංශෝධනය හේතුවෙන්, වෙළෙද පොළේ සීනි මිලට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි. ආනයනික සීනි සඳහා වන බදු සංශෝධනය කිරීමෙන්, සීනි අලෙවිය…
ශ්‍රී ලංකාව හා චීනය අතර ඓතිහාසික සබඳකම් ඉතා ඈත අතීතයට දිවයන්නක් බවත් ඉදිරි කාලයේ දී සමුද්‍රීය සේද මාවතේ සැලැස්ම වඩාත් පුළුල්වීමත් සමග ශ්‍රී ලංකාව අතර බැඳීම තවදුරටත් වර්ධනය වන බවත් චීන මධ්‍යම රජයේ අධ්‍යක්ෂ ලේකම් පෙන්ග් ක්වින්ගුවා මහතා චීනයේ නැනිංග්හි දී පැවසීය. හෙතෙම මේ බව කියා සිටියේ චීනයේ පැවැත්වෙන සියෙක්ස්පෝ 13 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය හා…
ශ්‍රීලංකන් ගුවන් සමාගම , ආරක්ෂක හේතුන් මත ගුවනේ දී Samsung Galaxy Note7 ස්මාර්ට් ජංගම දුරකථනය නැවත දැනුම්දෙන තුරු භාවිත කිරීම සහ බැටරි ආරෝපණය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පියවරගෙන තිබේ. එහි දුරකතන බැටරිය ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් Samsung සමාගම විසින්ද අදාල දුරකථනය අලෙවිය අත්හිටුවීමට පියවරගෙන ඇත. මෙම තහනම් නියෝගය මත ගුවන් ගමන…
ඉංජිනේරුවකු යනු ලොව ඕනෑම තැනක ඉහළ පිළිගැනීමක් ලබන වෘත්තිකයෙකි. පිළිගැනීමක් පමණක් නොව ඔවුන් ලබන ගෙවීම් ද ඉහළ අගයයක් ගන්නා බව අප කවුරුත් දන්නා කරුණකි. අද වන විට නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම ඉංජිනේරුකරණ වෘත්තිය ද ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ පුළුල් වී තිබේ. මේ තත්ත්වය තුළ එක් එක් ඉංජිනේරුකරණ ක්ෂේත්‍රෙය් වෘත්තිකයින් ද ලබන වැටුප් විවිධාකාර වේ. Wonderful Engineering…
2016 වසරේ පළමු මාස 08 තුළ දී මෙරට ලියාපදිංචි කර තිබෙන වාහන ප්‍රමාණය 50% කින් පහළ බැස තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2016 වසරේ පළමු මාස 08 තුළ දී මෝටර් රථ 313,465 ක් ලියාපදිංචි කර තිබෙන අතර 2015 වසරේ මුල් මාස 08 තුළ වාර්තා වී තිබෙන මෙම අගය 668,907…
බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි නියෝජ්‍ය සභාපති හා සම කළමනාකාර අධ්‍යක්ෂ Xia Liqiang ගේ විධායක බලතල අත්හිටුවීමට 2016 සැප්තැම්බර් 13 වන දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී තීරණය කර තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් සමාගමේ ලේකම්වරයා විසින් දන්වා ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම විසින් Xia Liqiang ට…
ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (National Institute of Occupational Safety & Health -NIOSH) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය’ 2016 ඔක්තෝබර් මස 07 දින සිට 14 දින දක්වා ක්‍රියාත්මක කෙරේ. මෙවර ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතියට සමගාමීව වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් හා ජාතික සම්මන්ත්‍රණයක් පැවැත්වීමටත්, සේවකයින් වෙනුවෙන් සුරක්ෂිත වැඩ…
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මෙකාට්‍රොනික් ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිධාරිනියක වන ශෙරීන් ගිනිගේ මෙනවිය විසින් නිෂ්පාදනය කරනු ලැබූ ‘අර්ධ-ස්වයංක්‍රීය කුරුදු පොතු ගැලවීමේ යන්ත්‍රය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වෙත හදුන්වා දීම පසුගියදා සිදු කෙරිණි.
කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති පරිදි මෙරටට ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය සම්බන්ධයෙන් ගනු ලැබ ඇති පියවරයන් අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට තම සංගමය අදහස් නොකරන බව ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු නිෂ්පාදකයන්ගේ සංගමය වෙනුවෙන් රයිනෝ රූෆින්ග් ප්‍රඩක්ට්ස් සමාගමේ සමූහ අලෙවිකරණ කළමනාකාර ප්‍රියන්ත ජයසිංහ මහතා පැවසීය. අද (14) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ඒ…
තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය (ITBPO) ආශ්‍රිතව තිබෙන වෘත්තීමය අවස්ථාවන් පිලිබදව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මෙම මස 26 සහ 27 යන දිනයන්හි මඩකලපුව මහජන විද්‍යාලයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ තොරතුරු තාක්‍ෂණ අංශය ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබේ. තොරතුරු තාක්‍ෂණ හා ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිලිඹදව නිපුන…
Video Story