සම්පත් බැංකුවේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් නන්ද ප්‍රනාන්දු හෙට සිට (13) වැඩ භාර ගැනීමට නියමිතය. ඒ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරවින්ද පෙරේරා අද (12) සිට සිය ධූරයෙන් විශ්‍රාම යනු ලබන බැවිනි. සම්පත් බැංකුවේ වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා වන නන්ද ප්‍රනාන්දු එහි පරිපාලිත සමාගමක් වන SC සිකියුරිටීස් හි අධ්‍යක්ෂවරයෙකු ද වේ. බැංකුකරුවකු ලෙස වසර 35…
ඉන්ටර්නැෂනල් සෝසින් එක්ස්ෆෝ – 2016 ජාත්‍යන්තර ඇඟලුම් ප්‍රදර්ශනය නොවැම්බර් 15 සිට 17 දා දක්වා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ගැණුම්කරුවන් විශාල ප්‍රමාණයක් සැපයුම්කරුවන් හමුවීම සහ භාණ්ඩ ඇනවුම් ලබාදීමට මෙම ප්‍රදර්ශනයට පැමිණෙති. මෙම ප්‍රදර්ශනය සඳහා පසුගිය වසරේ ප්‍රදර්ශනකරුවන් 200කට වැඩි ප්‍රමාණයක් සහභාගි වී ඇති අතර 3000කට ආසන්න ගැණුම්කරුවන් ප්‍රමාණයක් රටවල් 20ක් නියෝජනය කරමින්…
ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, තාක්ෂණික හා විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ, ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්ලෝවේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. පසුගිය දා (07) සිය ස්ලෝවේනියානු නිල සංචාරය අතරතුරදී…
පසුගිය අගෝස්තු 31 වන දින ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින්, අගලවත්ත වැවිලි සමාගමේ කොටස් 7,997 ක් මිල දී ගැනීමත් සමඟම එහි 10% ක් ඉක්ම වූ කොටස් හිමිකාරීත්වයක් තහවුරු කර ගැනීමට කටයුතු කර තිබේ. අගෝස්තු 30 වන දින වන විට ඔහු සතුව අගලවත්ත වැවිලි සමාගමේ කොටස් 2,497,291 ක් තිබූ අතර මෙම මිල දී ගැනීමත් සමඟම එය කොටස්…
සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් අද (08) දිනයේ දී විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා රුපියල් මිලියන 2,500 කට අධික වටිනාකමකින් යුතු ඉල්ලුම්පත් ප්‍රමාණයක් ලැබී තිබෙන බව මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර්වරයා විසින් නිවේදනය කර සිටී. ශ්‍රේණිගත, අනාරක්ෂිත, ජ්‍යෙෂ්ට, නිදහස් කළ හැකි ණයකර මිලියන 20 ක් රුපියල් 100 බැගින් නිකුත් කිරීමට මෙහිදී මූලික වශයෙන් පියවර ගැණින. මේ සඳහා…
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මේ වන විට වාහන ලක්ෂ 63ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඉන් ලක්ෂ 33ක් යතුරුපැදි මෙන් ම ලක්ෂ 10.05ක ප්‍රමාණයක් ත්‍රී රෝද රථ වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය. ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි…
ඊයේ (07) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන අයුරින් පහළ ගොස් තිබේ. මෙහිදී දින 91 – 9.03% සිට 8.75% දක්වා ද, දින 182 – 9.94% සිට 9.71% දක්වා ද, දින 364 – 10.73% සිට 10.39% දක්වා ද පහළ ගොස් තිබේ. දින 91 සහ 182 භාණ්ඩාගාර බිල්පත් සඳහා පසුගිය 2016 ජූනි 10 වැනිදායින්…
ජාතිය ගොඩනැගීමේ හා ආර්ථික සංවර්ධන කාර්යයේ දී බුද්ධිමතුන්ගේ දායකත්වය යහපාලන රජය බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එමගින් වඩාත් ස්ථිරසාර සංවර්ධන ගමනක නිරත විය හැකි බවයි. 2017 ජාතික අයවැය සැකසීමේ දී “පුරවැසි දායකත්වය”යන මැයෙන් මිලෝදා ආයතනයේ දී ඊයේ (07) පැවැති සමුළුවක් අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව…
මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී විසින් Pre-Fab Engineering Projects (Pvt) Ltd සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. Pre-Fab Engineering Projects (Pvt) Ltd හි 75.1% ක කොටස් අයිතියි මෙහිදී තහවුරු කර ගැනීමට කෙල්සි ඩිවලොප්මන්ට්ස් පියවර ගෙන ඇත. මේ සඳහා ආයෝජිත මුදල් රුපියල් මිලියන 90 කි.
කලමාසු සිස්ටම්ස් පීඑල්සී හි හිමිකාරීත්වයේ වෙනසක් පසුගිය දා සිදුවිය. මෙම වෙනස්වීමත් සමඟම සමාගමේ කොටස් ප්‍රකාශිත කොටස් ප්‍රමාණයෙහි වෙනස්කමක් සිදුකිරීමට නව හිමිකරුවන් පියවර ගෙන තිබේ. කලමාසු සිස්ටම්ස් පීඑල්සී යනු ඉතා අඩු කොටස් ද්‍රවශීලතාවයක් තිබෙන සමාගමකි. සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රමාණය 50,000 කි. මින් කොටස් 34,985 ක අයිතිය ඇත්තේ රේණුකා හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවය. එබැවින් ගනුදෙනු සඳහා ද්විතීයික වෙළෙඳපොළ…
Video Story