Top News

ශ්‍රීලංකන් ගුවන් සමාගම නවීන මාදිලියෙන් යුත් ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මධ්‍යස්ථානය විවෘත කරයි

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පැය 24 පුරා ක්‍රියාත්මක නවීන පහසුකම් සහ සේවාවලින් සමන්විත නව ගෝලීය සන්නිවේදන සම්බන්ධතා මධ්‍යස්ථානය ඊයේ දින (07) විවෘත කරන ලදී. ඒ අනුව ලොව පුරා විහිදී සිටින සියලු පාරිභෝගිකයන්ට සහ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ෆ්ලයිස්මයිල්ස් නිරන්තර පියාසර වැඩසටහනේ සාමාජිකයින්ට ලබාදෙන පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන්…

(0)Comments | September 8, 2016 4:43 am

Galaxy Note 7 දුරකතනයක් පුපුරා යයි

නොබෝදා හඳුන්වා දෙන ලද Samsung Galaxy Note 7 වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් පුපුරා යාමට ලක්වූ අවස්ථාවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් වාර්තා වෙයි. පර්ත් හි හෝටල් කාමරයක් තුළ සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් එම හෝටල් කාමරයට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,800 ක පමණ අලාභයක් සිදුව ඇති බව මෙහිදී වැඩිදුරටත් වාර්තා වී තිබේ. මෙල්බර්න් සිට පර්ත් දක්වා ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි…

(0)Comments | September 7, 2016 10:45 am

කොළඹදී මුදලින් ගෙවීමේ පහසුකම Uber හඳුන්වාදෙයි

Uber මගින් ප්‍රවාහන පහසුකම් ලබාගන්නා අපගේ මගීන්ට දැන් හර/බැර කාඩ්පත් වලින් හෝ මුදලින් ගෙවීමේ පහසුකම ලබා දී ඇත. ස්මාර්ට් ජංගම දුරකථන මගින් ඉතා පහසුවෙන් රියදුරන් හා මගීන් සම්බන්ධ කරන නවෝත්පාදන භාවිතයක් වන ඹඉැර කොළඹ නගරය තුල මුදලින් ගෙවීමේ පහසුකම සලසා ඇත. මේ අනුව Uber ගමන් යන මගීන්ට දැන් හර හෝ බැර කාඩ්පත් මගින් මෙන්ම මුදලින්ද…

(0)Comments | September 7, 2016 8:33 am

අගෝස්තු සංචාරක පැමිණීම 11.8% කින් ඉහළට

2016 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 186,288 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 ක සංචාරකයින් ගණන හා සැසඳීමේ දී 11.8% ක වර්ධනයකි. මේ අතර 2016 පළමු මාස 08 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 1,359,906…

(0)Comments | September 7, 2016 7:40 am

ඇස්බැස්ටෝස් ආනයනය හා භාවිතය පාලනයට වැඩපිළිවෙලක්

ඇස්බැස්ටෝස් මඟින් සෞඛ්‍යයට සිදුවන අහිතකර බලපෑම් අවම කරගනිමින් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණ ඇතිව වෙනත් ලාභදායී ආදේශක වෙත යොමු වෙමින් ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය, ආනයනය සහ නිෂ්පාදනය 2018 01 01 දින සිට සීමා කිරීමටත්, 2024 01 01 දින වන විට රට තුළ ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළක් සකස්…

(0)Comments | September 7, 2016 6:13 am

ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධනයට ADB ආධාර

යෝජිත ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මේ අනුව ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය සම්පත් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ මඟින් ඵලදායී ලෙස එක්රැස් කිරීමේ අරමුණින්, ශක්තිමත් නෛතික හා නියාමන රාමුවකින් සමන්විත, කාර්යක්ෂම, ස්ථාවර හා විනිවිදභා‍වයෙන් යුත් ප්‍රාග්ධන වෙළඳපොළක් සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව…

(0)Comments | September 7, 2016 5:45 am

වෙළෙඳ හිඟය තවදුරටත් ඉහළට

2016 ජූනි මාසයේ දී වෙළෙඳ ගිණුමෙහි හිඟය, පෙර වසරේ අනුරූප මාසයෙහි පැවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 735 හි සිට එක්සත් ජනපද ඩොලර් මිලියන 779 දක්වා පුළුල් වූ අතර ආනයන අඩුවීමට සාපේක්ෂව අපනයන විශාල ලෙස අඩු වීම මේ සඳහා හේතු වී තිබේ. 2016 වසරේ පළමු අර්ධයේ දී සමුච්ඡිත වෙළෙඳ හිඟය ද, 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදයේ දී…

(0)Comments | September 7, 2016 4:57 am

IMF පළමු ණය වාරිකයෙන් මූල්‍ය ගිණුම ශක්තිමත් වෙයි

2016 ජූනි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමෙහි පළමු වාරිකව ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 168 ක් ලැබීමත් සමගම මූල්‍ය ගිණුම ශක්තිමත් විය. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලද පළමු ණය වාරිකය වේ. ජූනි මාසය තුළ දී ඒකාබද්ධ ණය වශයෙන් ලබාගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 300 මගින් ද මූල්‍ය ගිණුම…

(0)Comments | September 6, 2016 11:20 am

තරංගානි ගාමන්ට්ස් විශිෂ්ටතම නැගී එන අපනයනකරුට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි

පසුගියදා පැවති 20 වන ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී 2014 වසරේ විශිෂ්ටත ම අපනයනකරුට හිමි සම්මානය දිනා ගැනීමට තරංගානි ගාමන්ට්ස් සමාගම සමත් විය. ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මාතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. 1981 වසරේදී අපනයන සංවර්ධන මණ්ඩලය…

(0)Comments | September 6, 2016 10:03 am

ජාතික සංවර්ධන ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා ලබන අයවැයෙන් උපරිම ප්‍රතිපාදන වෙන් කරන බව මුදල් ඇමති කියයි

ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතා නිවැරැදිව හඳුනාගෙන එයට සරිලන පරිදි ලබන වසරේ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරනු ලබන යෝජනා සඳහා අවශ්‍ය තරම් උපරිම ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 2016 වසරේ විසර්ජන පනත මඟින් හදුන්වාදෙන ලද ශූන්‍ය පාදක අයවැය යටතේ සියලු රාජ්‍ය ආයතන තම ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ක්‍රියාකාරී සැලැස්මක්…

(0)Comments | September 6, 2016 8:47 am