අගෝස්තු සංචාරක පැමිණීම 11.8% කින් ඉහළට

    September, 7, 2016

    2016 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය 186,288 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක් මගින් අනාවරණය කර තිබේ. මෙය පසුගිය 2015 වර්ෂයේ අගෝස්තු මාසයේ දී මෙරටට පැමිණි 166,610 ක සංචාරකයින් ගණන හා සැසඳීමේ දී 11.8% ක වර්ධනයකි.

    මේ අතර 2016 පළමු මාස 08 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 1,359,906 ක් ලෙසින් වාර්තා වන අතර එය පසුගිය වර්ෂයේ පළමු මාස 08 තුළ වාර්තා වූ 1,172,465 හා සලකා බලන කළ 16% ක් ලෙසින් සඳහන් වේ.

    වසරේ පළමු මාස 08 තුළ පැමිණි බටහිර යුරෝපානු සංචාරකයින් ගණන 377,250 සිට 445,667 දක්වා 18.1% කින් ද, නැගෙනහිර ආසියානු සංචාරකයින් ගණන 242,857 සිට 291,483 දක්වා 20% කින් ද, දකුණු ආසියානු සංචාරකයින් ගණන 280,589 සිට 320,110 දක්වා 14.1% කින් ද ඉහළ ගොස් තිබේ.

    මේ අතර 2016 වසරේ පළමු මාස හය තුළ දී සමුච්ඡිත සංචාරක ඉපැයීම්, 2015 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ දී වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 1,375.7 සමඟ සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 1,598.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    2016 පළමු මාස 08 තුළ පැමණි සංචාරකයින් පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.