සෙන්තිල්වේල් අගලවත්ත බලය 10% දක්වා වැඩිකර ගනී

    September, 9, 2016

    පසුගිය අගෝස්තු 31 වන දින ආචාර්ය ටී. සෙන්තිල්වේල් විසින්, අගලවත්ත වැවිලි සමාගමේ කොටස් 7,997 ක් මිල දී ගැනීමත් සමඟම එහි 10% ක් ඉක්ම වූ කොටස් හිමිකාරීත්වයක් තහවුරු කර ගැනීමට කටයුතු කර තිබේ.

    අගෝස්තු 30 වන දින වන විට ඔහු සතුව අගලවත්ත වැවිලි සමාගමේ කොටස් 2,497,291 ක් තිබූ අතර මෙම මිල දී ගැනීමත් සමඟම එය කොටස් 2,505,288 ක් දක්වා වර්ධනය වී ඇත.

    මැක්වුඩ්ස් වැවිලි (පුද්) සමාගම සතුව තිබූ අගලවත්ත වැවිලි සමාගමේ 60.80% ක කොටස් අයිතිය බ්‍රවුන්ස් සමූහය විසින් පසුගිය ජූලි 14 වන දින අත්පත් කර ගන්නා ලදී. එහිදී බ්‍රවුන්ස් සමූහය විසින් අගලවත්ත වැවිලි සමාගමේ සෙසු කොටස් මිල දී ගැනීම සඳමා අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) සිදුකළ අතර සමාගමේ තෙවැනියට විශාලතම කොටස් හිමියා වූ ආචාර්ය ටී. සෙන්තිල්වේල් එම අර්පණය ප්‍රතික්ෂේප කරමින් සිය කොටස් හිමිකාරීත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට පියවර ගනු ලැබීය.