October, 20, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම සාප්පු සවාරි ගමනාන්තයක් වන Havelock City Mall (HCM) සිය තෙවන සංවත්සරය සැමරීම වෙනුවෙන් “Three Is On Us” යන තේමාව ඔස්සේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත. වසර තුනක කාලයක් පුරාවට Havelock City Mall සාර්ථක ගමනට සහයෝගය දැක්වූ පාරිභෝගිකයින්, වෙළඳ හවුල්කරුවන්, ව්යාපාරික හවුල්කරුවන් සහ කාර්ය මණ්ඩලය අගය කිරීම වෙනුවෙන් මෙම විශේෂ සැමරුම පැවැත්වේ. 2026 ඔක්තෝබර් 16 සිට 25 දක්වා පැවැත්වෙන මෙම සැමරුම් කාල සීමාව තුළ පාරිභෝගිකයින් සඳහා වටිනා තෑගි, සුවිශේෂී වට්ටම් මෙන්ම විනෝදාත්මක අංග සහ හවුල්කරුවන් ඇගයීමේ උත්සව ඇතුළු විශේෂාංග රැසක් සංවිධානය කර ඇත.
2023 වසරේදී ආරම්භ කරන ලද Havelock City Mall, ගෙවී ගිය වසර තුනක කාලය තුළ සාප්පු සංකීර්ණ ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක් හිමිකරගත් අතර, ජාත්යන්තර තලයේ මෙන්ම දේශීය ප්රමුඛතම සන්නාම, ආහාරපාන සහ විනෝදාස්වාද අත්දැකීම් රැසක් එකම තැනකට ගෙන ඒමට කටයුතු කළේය. ගතවූ වසර කිහිපය තුළ පාරිභෝගිකයින්ට නවමු සාප්පු සවාරි අත්දැකීමක් ලබා දෙමින් විවිධ උත්සව සංවිධානය කරමින්, පවුලේ සැමට සහ මිතුරන්ට එකට එක්වීමට සුදුසුම ස්ථානයක් බවට පත්වීමට Havelock City Mall සමත්ව ඇත. එමගින් "My Happy Place" යන සංකල්පයට නවමු අත්දැකීමක් ලබාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට Havelock City Mall නිරන්තරයෙන් කැපවී සිටියි.
මෙම සංවත්සර සැමරුමේ තවත් එක් අංගයක් ලෙස Havelock City Mall සාර්ථක ගමන වෙනුවෙන් සක්රීයව දායක වූ වෙළඳ සහකරුවන් සහ කාර්ය මණ්ඩලයේ කැපවීම අගය කිරීමට කටයුතු යොදා ඇත. එහිදී පවත්වනු ලබන විශේෂ සම්මාන උළෙලකදී පාර්ශ්වකරුවන් වෙනුවෙන් විවිධ කාණ්ඩ 19 ක් යටතේ සම්මාන 34 ක් පිරිනමයි.
ඔක්තෝබර් 16 සිට 25 දක්වා පැවැත්වෙන මෙම කාලසීමාව තුළ Havelock City Mall වෙත පැමිණෙන පාරිභෝගිකයින් සදහා අනුග්රාහකත්වය ලබාදෙන සන්නාම වෙතින් 30% දක්වා වූ සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට අවස්ථාව හිමිවේ. මීට අමතරව, සජීවී සංගීත ප්රසංග සහ විනෝදාස්වාද අංගයන් රැසක් ද සංවිධානය කර ඇත. තවද, රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින් සඳහා ආකර්ෂණීය තෑගි ලබාදෙන සුවිශේෂී Scratch Card ප්රවර්ධන වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව ද උදාකර දී ඇත. මෙලෙස සංවිධානය කර ඇති මෙම සුවිශේෂී වැඩසටහන් මගින්, පවුලේ සැමට සහ මිතුරන්ට එකට එක්ව විශේෂ සාප්පු සවාරියට අමතර වාසි රැසක් ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
මෙම සුවිශේෂ අවස්ථාව සම්බන්ධයෙන් Overseas Realty (Ceylon) PLC හි සමූහ ප්රධාන විධායක නිලධාරී, ප්රවීර් සමරසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. “හැව්ලෝක් සිටි සාප්පු සංකීර්ණයේ තුන්වන සංවත්සරය සමරණ මේ මොහොත අපේ ගමනේ සුවිශේෂ සන්ධිස්ථානයක් විදිහට හඳුන්වන්න පුලුවන්. ඒ නිසාම පසුගිය වසර තුන පුරා අපගේ මෙම ගමන වෙනුවෙන් සක්රීයව දායක වූ පාරිභෝගිකයින්, වෙළඳ හවුල්කරුවන්, ව්යාපාරික පාර්ශ්වකරුවන් සහ අපගේ වර්ධනය වෙනුවෙන් කැපවූ කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය පුදකිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. විශේෂයෙන්ම ඔවුන්ගෙන් ලැබුණු අඛණ්ඩ සහයෝගය සහ විශ්වාසය තුළින් අපට පාරිභෝගිකයි සඳහා ආකර්ෂණීය සාප්පු සවාරි, විවිධ ආහාර පාන අත්දැකීම් සහ සුන්දර හමුවීම් සහ සැමරුම් මතකයන් යුතු සොදුරු ස්ථානයක් නිර්මාණය කිරීමට අපට විශාල දායිකත්වයක් ලබාදුන්නා. ‘Three Is On Us’ යනු Havelock City Mall තමන්ගේ ‘Happy Place’ බවට පත්කරගත් සැමට අපගේ කෘතඥතාව පිරිනැමීම වෙනුවෙන් නිර්මාණය වූවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ආයතනයක් ලෙස අපි ඉදිරියටත් පාරිභෝගිකයින්ට වඩාත් අර්ථවත් අත්දැකීම් ලබා දෙමින්, අපගේ හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්රී ලාංකීය ජනතාවගේ ජීවන රටවට සහ දේශීය ගුණාත්මක වෙළෙඳපොළ තත්ත්වයක් නිර්මාණය කිරීමට අප කැපවී සිටිනවා.”
මෙම තෙවන සංවත්සරය මේ පැමිණි ගමන් මඟෙහි තවත් සුවිශේෂී පරිච්ඡේදයක් සටහන් කරන අතර, පාරිභෝගිකයින්, වෙළඳ සහකරුවන් සහ සමස්ත ප්රජාව සමඟ පවත්වාගෙන යන ශක්තිමත් සබඳතාවය මැනවින් පෙන්නුම් කරයි. සිව්වන වසරට පා තබන Havelock City Mall, උසස් තත්ත්වයේ වෙළඳ නිෂ්පාදන, අමතක නොවන අත්දැකීම් සහ අර්ථවත් හවුල්කාරිත්වයන් හරහා ජනතාව එකට එකතු කරමින්, සැමටම "Happy Place" එකක් බවට පත්වීමේ සිය අරමුණ පෙරදැරිව තවදුරටත් ඉදිරියටම ගමන් කරයි.
Video Story