Top News

කාල් කෘස් ලංකාවේ යුනිලිවර් මහ පුටුවට

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිවරයා ලෙසින් කාල් කෘස් මහතා පත් කර තිබේ. 2016 මාර්තු 01 වැනි දා සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත. මීට පෙර යුනිලිවර් ශ්‍රී ලංකා හි සභාපතිවරයා වශයෙන් කටයුකු කළ ෂෙසියා සෙයිඩ්, යුනිලිවර් පකිස්තාන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසින් වැඩභාර ගැනීම නිසා ඇති වූ පුරප්පාඩුව සපුරාලනු පිණිස කාල් කෘස් මහතා මෙම තනතුරට පත්…

(0)Comments | March 17, 2016 7:24 am

රජයේ බදු ආදායම හා 2020 දී ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොරවීම

2020 වසර වන විට ශ්‍රී ලංකාව දුම්පානයෙන් තොර රටක් බවට පත්කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේය. එහිදී වැඩිදුරටත් කියැවුණේ මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් ප්‍රායෝගිකව මෙම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත වැඩසටහනක් මෙතෙක්…

(0)Comments | March 17, 2016 7:12 am

සූර්ය බලය රැගෙන ගමේසා ලංකාවට එයි

ඉන්දියාවේ Gamesa සමාගම මෙගාවොට් 20 ක සූර්යය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ලාෆ්ස් ගෑස් හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ලාෆ්ස් පවර් ලිමිටඩ් සමඟ අත්වැල් බැඳ ගෙන තිබේ. හම්බන්තොට බරුන්තන්කන්දේ හි ඉදිවන මෙම පරිශ්‍රයෙහි මෙහෙයුම් කටයුතු 2016 ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වන බව සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටී. පුනර්ජනනීය බලශක්ති සැපයීමේ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Gamesa, මෙම ව්‍යාපෘතිය…

(0)Comments | March 17, 2016 4:53 am

කොළඹ කොටස් අඳුරේම නව පණක් ලබයි

අද දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඒකක 50.97 කින් ඉහළ ගිය අතර යළිත් වරක් ඒකක 6,000 සීමවා ඉක්මවා යාමට ඊට අවස්ථාව ලැබිණි. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.85% ක වර්ධනයක් වන අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,021.37 ක් ලෙසින් සටහන් විය. සුපුරුදු පරිදි අද දින…

(0)Comments | March 16, 2016 11:15 am

බිල් වෙන්දේසිය අදත් කැන්සල්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ද ලංසු අනුමත කිරීමකින් තොරවම අවසන් වී ඇත. පසුගිය සතියේ වෙන්දේසිය ද නිමා වූයේ මෙයාකාරයෙන්ම ලංසු අනුමත කිරීමකින් තොරවය. අද දින වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 22,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබිණි.

(0)Comments | March 16, 2016 9:32 am

Dwellings සමූහයෙන් මිලියන 500 ක ආයෝජනයක්

ඕස්ට්‍රේලියාවේ Dwellings සමූහයේ අනුබද්ධ සමාගමක් වන myproperty විසින් මෙරට දේපළ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් රුපියල් මිලියන 500 ක ආයෝජනයක් සිදුකරනු ලබන බව පැවසීය. පසුගිය දා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී Dwellings සමූහයේ හා myproperty හි අධ්‍යක්ෂ නවීන් පෙරේරා මහතා විසින් මේ බව අනාවරණය කරනු ලැබීය. මෙහිදී බත්තරමුල්ල කොස්වත්තේ කාමර 88 කින් හා ඇතුල්කෝට්ටේ ඒකක 30…

(0)Comments | March 16, 2016 7:18 am

ජාතික ගිණුම් ඇස්තමේන්තුව ප්‍රකාශයට පත් කෙරේ

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2015 වර්ෂයට හා 2015 සිව්වැනි කාර්තුවට අදාළව ගණනය කරන ලද ජාතික ගිණුම් ඇස්තමේන්තුව ප්‍රකාශයට පත් කෙරේ. මෙම ඇස්තමේන්තුවට අනුව 2015 වර්ෂය සදහා ශ්‍රි ලංකාවේ මුළු දළ දේශිය නිෂ්පාදිතය ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 11,183,220 කි.මෙය 2014 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදනයවු රුපියල් මිලියන 8,228 ,986 ට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගය…

(0)Comments | March 16, 2016 6:59 am

මිලියන 4,000 ක බැඳුම්කර වෙන්දේසියක් හෙට

2016 මාර්තු 17 වන දින රුපියල් මිලියන 4,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 2017, 2020 සහ 2024 යන වසරවල දී කල්පිරෙන පරිද්දෙන් පිළිවෙලින් රුපියල් මිලියන 1,000 ක්, 1000 ක් හා 2,000 ක් වශයෙන් රුපියල් මිලියන 4,000 ක් වටිනා බැඳුම්කර මෙහිදී නිකුත් කෙරෙනු ඇත. මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු…

(0)Comments | March 16, 2016 6:34 am

කොටස් ගනුදෙනු යළි යථා තත්ත්වයට

හදිසි විදුලිය බිඳවැටීමක් හේතුවෙන් ඇනහිටි කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික කොටස් ගනුදෙනු මීට සුළු මොහොතකට පෙර (පෙරවරු 10.15 ට පමණ) යළි ආරම්භ විය.

(0)Comments | March 16, 2016 4:52 am

විදුලිය බිඳවැටීමකින් කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු ඇනහිටී

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු මේ වන විට අත්හිටුවා ඇත. කොටස් වෙළෙඳපොළ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍ර යේ සිදුව ඇතැයි පැවසෙන විදුලි බිඳවැටීමක් මීට හේතු වී තිබේ.

(0)Comments | March 16, 2016 4:50 am